2-50. පණීතතර ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි සූත්‍රාදියේ - “වොස්සට්ඨකායා” යනු අහිගුණ්ඨිකයන්ගේ පරීක්‍ෂාව යටතේ සිටි නාගයන් නොගෙන, අත්හැර දැමූ කය ඇති යනුයි. “ද්වයකාරිනො” යනු දෙවැදෑරුම් ක්‍රියා කරනුයේ. කුසල් හා අකුසල් කරනුයේ. “සචජ්ජ මයං” යනු ඉදින් අද අපි යනුයි. “සහව්‍යතං උපපජ්ජති” යනු එක්ව විසීමට පැමිණේ යනුයි. එහි ඔහුට අකුසල් ඉපදීමට ප්‍රත්‍ය වේ. කුසල ඉපදීමෙන් සම්පත්ති ඇතිවේ. “අන්නං” යනු කෑයුතු-බුදිය යුතු දේය. “පාණං” යනු යම්කිසි ප්‍රාණීහුය. “වත්‍ථං” යනු හැඳපොරවන වස්ත්‍ර යනුයි. “යානං” යනු කුඩ-පාවහන් ආදී කොට ඇති යම්කිසි ගමන ප්‍රත්‍යයක්, ගමන් උපකරණයක්. “මාලං” යනු යම්කිසි දෑසමන් ආදී මල්වර්ගයන්ය. “ගන්‍ධං” යනු යම්කිසි සඳුන් ආදී සුවඳ ආලේපනයන්ය. “විලෙපනං” යනු යම්කිසි සමපාට කරණ ද්‍රව්‍යය. “සෙය්‍යාවසථපදීපෙය්‍යං” යනු ඇඳ-පුටු ආදී හිඳගන්නා සෙනසුන්, එක්බිමක් ආදී වෙහෙසන් තැන්, වැටි-තෙල් ආදී පහන් දල්වන උපකරණද දෙයි යන අර්ථයයි. ඔවුන් විසින් දීර්ඝායුෂ්ක හා වර්ණවත් බවද සැප බහුලකොට ඇති බැවින්ද ප්‍රාර්ථනා කොට, දසවිධ දානවස්තු දී, ඒ සැපසම්පත් අනුභව කිරීමට එහි උපදියි. සෙසු සියලු අර්ථ මෙහිදී ප්‍රකටමය.
නාග සංයුත්තය නිමියේ ය.
9. සුපණ්ණ සංයුක්තය
1. සුපණ්ණ වර්ගය
1-46. සුද්ධික ආදි සූත්‍ර වර්ණනා
සුපණ්ණ සංයුත්තයේ - පියාපත් වර්ණවත් වූ ගුරුළා “සුපණ්ණ” යැයි කියයි. මෙහිද පළමු සූත්‍රය මුලින් පැවසූ පරිදිම අර්ථෝත්පත්ති වශයෙන් දේශනා කරන ලදී. “හරන්ති” යු පැහැරගනිත්. පැහැර ගනුයේද තමාට හීන වූ සහ සම වූ නාගයෝම පැහැර ගැනීමට හැකිවෙති. තමාට වඩා උසස් වූ නාගයෝ පැහැරගත නොහැකිමය.
පැහැරගත නොහැකි (අනුද්ධරණීය) නාගයෝ සත්වැදෑරුම් වේ. ඔවුහු නම්, පණීතතර නාගයෝ, කම්බලස්ථර නාගයෝ, ධ්‍රතරාෂ්ට නාගයෝ, සප්තසීදන්තර වැසි නාගයෝ, පොළවේ වසන නාගයෝ, පර්වතවාසී නාගයෝ සහ විමානවැසි නාගයෝ යන සත් කොටසයි.
මෙහි පණීතතර නාගයෝ නම් යෝනියෙන් උසස් වූ නාගයෝයි. ඒ එසේමැයි. අණ්ඩජාදීන්ට (බිජුවටින් උපන්නන්ට) ජලාබුජයෝ උසස් කුලිකයෝ වෙති. අණ්ඩජගුරුළන්ට ජලාබුජ නාගයෝ පැහැරගත නොහැක. කම්බලස්ථර නාගයෝ නම් නාග සේනාපතීහුය. ඔවුන්ගෙන් යම්කිසිවකු දුටු කිසිම ගුරුලෙකු ඔවුන් පැහැර ගැනීමට අසමත් වෙති. ධතරට්ඨ නම් නාග රජවරුයි. ඔවුහුද කිසිවකුට පැහැරගත නොහැක. සප්ත සිදන්තර නාගයෝ නම් මහමුහුදේ වෙසෙති. ඔවුහු එහි රැළි-රළ සෙළවීමට නොහැකි වන බැවින් කිසිවකුට පැහැරගැනීමට නොහැකි වෙති. පොළවේ වසන නාගයන්ටද සැඟවී සිටීමේ අවසරය ඇති බැවින් ඔවුහු පැහැර ගැනීමට නොහැකි වෙති. යම් නාගයෙක් මහමුහුදෙහි රැළි මතුපිට වසත්ද ඔවුහුද සුපර්ණයන්ට සමවූවෝද හීනවූවෝද පැහැරගැනීමට හැකි වෙති. සෙසු පදයන්ගේ අර්ථ විස්තර නාග සංයුත්තයේ පැවසූ පරිදි දතයුතුයි.
සුපණ්ණ සංයුත්තය නිමියේය.