3-4. ආයාචන වර්ගය
1-11. මාර ආදි සූත්ර වර්ණනා
ඉන් අනතුරුව එන සූත්රයන්හි අර්ථ පහසුය. මැනවින් වැටහේ. මේ රාධ තෙරුන් වහන්සේ ප්රතිභාණී නම් තෙරනමකි. තථාගතයන් වහන්සේට මේ තෙරුන් දැක සූක්ෂම වූ කරුණු වැටහේ. එනිසා භාග්යවතුන් වහන්සේ, උන්වහන්සේ නානාවිධ ක්රමවලින් ධර්මය දේශනා කරන සේක. මෙසේ මේ රාධ සංයුත්තයේ මුල පටන් ඇති වර්ග දෙකෙහිම ප්රශ්නෝත්තර වශයෙන් ධර්මය දේශනා කර ඇත. තෙවැනි වර්ගය ආයාචනා-ඉල්ලීම් අනුව දේශිතය. සිවුවන වර්ගය සමීපයේ හිඳගැනීම් වශයෙන් කරන ලද සුහද කථා වශයෙන් දේශිත සූත්රයන්ගෙන් යුක්තය. මේ රාධ සංයුත්තයේ එන සෑම සූත්රයකින්ම තෙරුන්ගේ විමුක්තිය මුහුකුරා යන ධර්ම වශයෙන්ම දේශනා කරන ලදැයි දතයුතුයි.
රාධ සංයුත්තය නිමියේය.