2-55. ඨිති කුසල ආදි සූත්ර වර්ණනා
දෙවැනි සූත්රාදියේ - “න සමාධිස්මිං ඨිතිකුසලො” යනු ධ්යානයෙහි සිටීමට නොහැකි යනුයි. ඇසුරු ක්ෂණ හත අටක් ධ්යානයෙහි සිත තබාගැනීමට නොහැකි වේ. “න සමාධිස්මිං වුට්ඨාන කුසලො” යනු ධ්යානයෙන් නැගිටීමට නොහැකි වූ යනුයි. ධ්යානාංගයන් වෙන් කිරීමෙහි - වෙන් කරමින් අවබෝධ කරගැනීමෙහි නොහැකි වේ. අදක්ෂ වේ. “න සමාධිස්මිං කල්ලිත කුසලො” යනු සිත සතුටු කරවා, සමාධියෙහි යෝග්ය කිරිමට අදක්ෂවේ යනුයි. “න සමාධිස්මිං ආරම්මණ කුසලො” යනු කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි අදක්ෂ වේ යනුයි. “න සමාධිස්මිං සක්කච්චකාරී” යනු ධ්යානයට සමවැදීමට, සකස්කොට කරන සුලු වූයේ නොවේ. “න සමාධිස්මිං සාකච්චකාරී” යනු ධ්යාන ප්රහාණයට නිතර කරනසුලු නොවේ. ඇතැම් විටෙක, කිසිදිනෙක පමණක් කරයි. “න සමාධිස්මිං සප්පායකාරී” යනු සමාධියෙහි යෝග්ය වූ උපකාරක ධර්ම පිරවීමට - සම්පූර්ණ කිරීමට නොහැකි වේ. ඉන් අනතුරුව සමාපත්ති ආදී පදයන්හි යොදා සූත්ර සතරක් කියන ලදී. ඒවායේ අර්ථ ඉහතින් පැවසූ පරිදිම දතයුතුයි. මෙහි සියලු ඣාන සංයුත්තයේ සූත්ර ලෞකික ධ්යානම අරමුණු කරගෙන දේශනා කරන ලදී.
ඣාන සංයුත්තය නිමියේය.
මෙතෙකින් සාරත්ථප්පකාසිනී සංයුත්ත නිකාය අටුවාවේ
ඛන්ධක වර්ගයේ අර්ථ වර්ණනාව නිමාවිය.