5. පළවැනි ආනන්ද සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “ඨිතස්ස අඤ්ඤථත්තං” යනුවෙන් දරන්නා වූ ජීවමානව පවතින්නා වූ ‘ජරාව’ පෙන්වා දෙයි. ප්රකටව පෙනේ. ඨිති යනු ජීවිතින්ද්රිය නම් වූ චිත්ත-චෛතසික ධර්ම ආරක්ෂා කිරීමට යෙදුණු නමකි. “අඤ්ඤථං” යනු ජරාවයි. දිරායෑමයි. එනිසා පැරැන්නෝ මෙසේ කීහ.
උප්පාදො ජාති අක්ඛාතො - භංගො වුත්තො වයොතිච
අඤ්ඤථත්තං ජරා වුත්තා - ඨිතිච අනුපාලනා
අඤ්ඤථත්තං ජරා වුත්තා - ඨිතිච අනුපාලනා
“ඉපදීම ‘ජාති’ යැයි කියන ලදී. වැනසියාම, විනාශ වීම ‘භංග’ යැයි කියන ලදී. අත්බවකට පත්වීම (වෙනස්වීම) ‘ජරා’ ව යැයි ද එය ආරක්ෂා වී පැවතීම ‘ඨිති’ යැයි ද කියනු ලැබේ.”
මෙසේ එක් එක් ඉපදීම - දිරායෑම - භංගවීම නම් වූ ත්රිවිධ ලක්ෂණයෝ වෙත්ද ඒ සඳහා කියන ලදී. “මහණෙනි! මේ ත්රිවිධ ලක්ෂණයෝ හේතුප්රත්ය එකතුවීමෙන් හටගත් සංඛත වස්තූන්හි ලක්ෂණ වෙති.”
එහි “සංඛත” නම් හේතු ප්රත්යයන්ගේ සමවායෙන් පහළවන දෙයයි. යම්කිසි සංස්කාරයක, සංස්කාරය ලක්ෂණය නොවේ. ලක්ෂණය සංස්කාරය නොවේ. සංස්කාරයෙන් තොරව ලක්ෂණය පෙන්වීමට නොහැකිය. ලක්ෂණවලින් තොරව සංස්කාර නොපවතී. ලක්ෂණයන් ප්රකට වන කල්හි සංස්කාර ප්රකට වන්නේය. යම්සේ ගවදෙන ලක්ෂණය නොවේ. ලක්ෂණයම ගවදෙන නොවේ. නමුත් ගවදෙන අත්හැර ලක්ෂණ පෙන්වාදීමට නොහැක. ලක්ෂණ අත්හැර ගවදෙන පෙන්වාදීමටද නොහැක. ලක්ෂණයන්ගෙන්ම ගවදෙන ප්රකට වන්නීය. මෙසේ සියලු පද අර්ථ දතයුතුයි.
එහි සංස්කාරයන්ගේ උත්පාද ක්ෂණයෙහි සංස්කාරයන් ද උත්පාද ලක්ෂණ ද කාල සංඛ්යාත වූ ඒ ක්ෂණයෙහි ප්රකට වේ. උත්පාදය (ඉපදීම)ද පවතී යැයි කී කල්හි සංස්කාරය ද ජරා ලක්ෂණ ද කාලසංඛ්යාත වූ ඒ ක්ෂණයෙහි ප්රකට වේ. භංග ක්ෂණයෙහි සංස්කාර ද ඒ ලක්ෂණය ද කාල සංඛ්යාත වූ ඒ ක්ෂණයෙහි ප්රකට වේ. ඇතැම් සම්ප්රදායන්හි මෙසේ පැවසේ. (මහාවිහාරික නොවන) අරූප ධර්මයන්ගේ දිරායන ක්ෂණය නම් ප්රකටව දැක්වීමට නොහැක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද වේදනාවෙන් ඉපදීම ප්රකට වේ. විනාශවීම ප්රකට වේ. සිටියේ (පැවති අයුරින්) අන් අයුරකට පත්වීම ප්රකට වේ.” යැයි දෙසූසේක් අරූප ධර්මයන්හි ද ත්රිවිධ ලක්ෂණය පණවයි. ඒවායින් ඇති (පවතින) ක්ෂණය දැඩිව ගැනීමෙන් ලැබේ යැයි පවසා-
අත්ථිතා සබ්බ ධම්මානං ඨිතිනාම පවුච්චති
තස්සෙව භෙදො මරණං සබ්බදා සබ්බපාණනන්ති
තස්සෙව භෙදො මරණං සබ්බදා සබ්බපාණනන්ති
“සියලු ධර්මයන්ගේ පැවතීමෙන් “ඨිති” නමින් එය හැඳින්වේ. සැමදා ම සෑම ප්රාණියෙකුගේම මේ පවතින ධර්මයන්ගේ බිඳීයාම ම “මරණය’ ලෙස හැඳින්වේ.”
මේ ආචාර්යවරුන්ගේ ගාථාවෙන් එම අර්ථය සම්පූර්ණ කරයි. නැතහොත් තෘෂ්ණා වශයෙන් එතැන සිටි බව (ඨිති) දැනගත යුතුයැයි කියයි. සූත්රයෙහි මෙහි විශේෂයක් නොමැති බැවින්, ආචාර්ය මතයෙන් සූත්රය නො වළක්වා මේ සූත්රයම ප්රමාණ කළ යුතුය.
පස්වන සූත්රයයි.
6. දෙවැනි ආනන්ද සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ අර්ථ ඉතා ප්රකටය.
සවැනි සූත්රයයි.
7-10. පළවැනි අනුධම්ම ආදි සූත්ර වර්ණනා
සත්වන සූත්රයේ- “ධම්මානුධම්මපටිපන්නස්ස” යනු නව ලෝකෝත්තර ශ්රී සද්ධර්මයන්ගේ අනුලෝම වූ ධර්මයන්ගේ පූර්වභාග ප්රතිපදාවට පිළිපන්නහුම යනුයි. “අයමනුධම්මො” යනු මේ අනුලෝම ධර්මය වේ යනුයි. “නිබ්බිදාබහුලො” යනු කළකිරීම් බහුල වී යනුයි. “පරිජානාති” යනු ත්රිවිධ පරිඥාවෙන් විශේෂයෙන් දැනගනියි යනුයි. “පරිමුච්චති” යනු මාර්ගක්ෂණයෙහි උපන් ප්රහාණ පරිඥාවෙන් මිදෙයි යනුයි. මෙසේ මෙම සූත්රයෙහි ආර්ය මාර්ගය කියන ලද්දේ වේ. එසේම මීට පසුව එන සූත්ර තුනෙහිද එය කියැවේ. මෙම සූත්රයේ වනාහී නුවණින් බැලීම, නියම නැත. පසුව එන සූත්රයන්හි එය නියමිතය. එනිසා මෙහිදී ද එය නියමිත වශයෙන්ම නියමකොට ගතයුතුයි. මේ ත්රිවිධ ලක්ෂණයන් නුවණින් සළකා බැලීමෙන් තොරව සසර පිළිබඳ කළකිරීමට හෝ නිවණ අවබෝධ කරගැනීමට හෝ නොහැක.
සතරවන නතුම්හාක වර්ගයයි.
5. අත්තදීප වර්ගය
1. අත්තදීප සූත්ර වර්ණනාව
අන්තදීප වර්ගයේ පළමු සූත්රය - “අත්තදීපා” යනු තමා දිවයිනක්, පිහිටක්, ආරක්ෂාවක්, ගතියක්, පිහිටක්, උපකාරයක් කර වෙසෙවු යන අර්ථයයි. “අත්තසරණා” යනු මෙයටම සමාන වචනයකි. “අනඤ්ඤසරණා” මෙය අනෙකෙකුගේ පිහිට සෙවීම ප්රතික්ෂේප කරයි. අනිකෙක් අනිකකුට පිහිට නොවේ. අනිකකුගේ වෑයමෙන් අනිකකුගේ දුකින් මිදීම සිදු නොවේ. මෙය කියන ලදී.
“තමාට පිහිට තමාමය. තමාට පිහිටවන වෙන අයෙක් සිටින්නේ කොහිද?”
එනිසා “අනඤ්ඤසරණා” (අනිකකු පිහිට නොවේ) යැයි කියන ලදී. මෙහි “අත්ත” නම් කවුද? “අත්තා” (තමා) යනු ලෞකික-ලෝකෝත්තර ධර්මයන්ය. එනිසා “ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා” යනුවෙන් කියන ලදී. “යොනි” යනු කාරණයයි. හේතුවයි. “මෙය භූමියේ උපන් ඵලයන් අවබෝධයට හේතුවකි.” ආදියෙහි මෙනි. “කිං පහොතිකා” යනු “කුමක් ප්රමුඛ කොට ඇත්තේද? කොතැනින් හටගනී ද?” යන අර්ථයි. “රූපස්සත්වෙව” මෙය ඒ ශෝකාදියේ ප්රහාණය දැක්වීමට ම අරඹන ලදී. “නපරිතස්සති” යනු නොගනියි. බිය නොවේ යනුයි. “තදංග නිබ්බුතො” එයින් විපස්සනා (විදසුන්) අංගයන්ගෙන් ශෝකාදිය නිවුණු බැවින් තදංග වශයෙන් (තාවකාලිකව) නිවුණෙකි. මේ සූත්රයෙහි විදර්ශනාවම කියන ලදී.
පළමු සූත්රයයි.
2. පටිපදා සූත්ර වර්ණනාව
දෙවන සූත්රයෙහි - “දුක්ඛසමුදයගාමිණී සමනුපස්සනා” යනු යම් හෙයකින් කය සාර වශයෙන් ගැනීම දුකකි යනුයි. එයද සමුදයගාමිණි ප්රතිපදාව නම් රූපය ආත්ම වශයෙන් බලන්නේය” යනුවෙන් මෙසේ දෘෂ්ටිය සලකා බැලීම කියන ලදී. එනිසා දුක් ඇතිවීමේ මාර්ගය දැක්වෙන සමනුපස්සනාව (සලකා බැලීම) යැයි මෙහිදී අර්ථ දතයුතුය. “දුක්ඛනිරොධ ගාමිණී සමනුපස්සනා” යන මෙහි විදර්ශනාවත් සමග සිවුමාර්ග ඥානය “සමනුපස්සනාව’ (මැනවින් බැලීම-දැකීම) යැයි කියන ලදී. මෙසේ මෙම සූත්රයෙහි සසර පැවැත්ම හා නැවැත්ම පිළිබඳව කියන ලදී.