3. හාලිද්දිකානි සූත්ර වර්ණනාව
තෙවන සූත්රයේ - “අවන්තීසු” යනු අවන්ති දක්ඛිණාපථ නම් වූ අවන්ති රටෙහිය. “කුරඝරෙ” එනම් වූ නගරයෙහිය. “පපාතෙ” යනු එක් පැත්තක වූ ප්රපාතයෙහිය. ඒ පර්වතයේ එක් පැත්තක් සිඳ දැමුවාක් (කපා දැමුවක්) මෙන් විය. “පවෙත්ත” යන පාඨය ද උචිතය. නානා තීර්ථකයන්ගේ ලබ්ධි-පිළිගැනීම් පවතින ස්ථානයකි යන අර්ථයි. මෙසේ මහාකච්චායන තෙරණුවෝ එම රටෙහි එම නගරය නසා මෙම පර්වතයෙහි වැඩවසති. “භාලිද්දකානී” යනු මෙනම් ඇති තැනැත්තාය. “අට්ඨකවග්ගියෙ මාගන්දිය පඤ්හෙ” යනු අට්ඨක වර්ගයෙහි මාගන්දිය නම් ප්රශ්නයක් ඇත. එම ප්රශ්නයෙහිය. “රූපධාතු” යැයි රූපස්කන්ධය අදහස් කරන ලදී. “රූපධාතුරාග විනිබද්ධං” යනු රූප ධාතුවෙහි රාගයෙන් (ඇලීමෙන්) බැඳුණු යනුයි. “විඤ්ඤාණං” යනු කර්ම විඥානයයි. “ඔකසාරී” යනු ගෘහාලයෙහි හැසිරෙන යනුයි.
කුමක් නිසා මෙහි “විඤ්ඤාණ ධාතු” යනුවෙන් නොවදාළේ ද? මුලාවීම දුරුකිරීම සඳහායි. “ඔකො” යනු අර්ථයෙන් ප්රත්ය-හේතුව කියයි. පුරේජාත වූ කර්ම විඥානය ද පච්ඡාජාත වූ කර්ම විඥානයටද විපාක විඥානයටද විපාක විඥානයත්, විපාක විඥානයට කර්ම විඥානයත් ප්රත්ය වේ. එනිසා විඥානය කී වැදෑරුම්ද?යි මුලාවන්නේය. එම මුලාව දුරුකිරීමට එය නොගෙන අමිශ්ර වූයේම දේශනාව කළ සේක. තවද ආරම්මණ වශයෙන් සතර අභිසංඛාර විඤ්ඤාණයන්හි පැවැත්ම කියන ලදැයි එය දැක්වීමට මෙහි විඤ්ඤාණය නො ගන්නා ලදී.
“උපායුපාදානා” යනු තණ්හා උපාය සහ දිට්ඨි උපාය වශයෙන් ඇති දෙවැදෑරුම් උපායන්ය. කාමඋපාදාන ආදි සිවු උපාදානයන් ද ගතහැකිය. “චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා” යනු අකුසල සිතේ අධිෂ්ඨාන වූත් ආශා කිරීම් සහිත වූත් එමෙන් සැඟවී පවත්නා වූත්ය. “තථාගතස්ස” යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේය. සියලුම ක්ෂීණාස්රවයන්ගේ මෙය ප්රහීන වූයේ ම ය. ශාස්තෲන් වහන්සේ වනාහී ක්ෂීණාස්රවභාවයෙන් ලොව ඉතා ප්රකට වූ උපරිම කෙළවර වේ. එනිසා මෙසේ කියන ලදී. “විඤ්ඤාණ ධාතුයා” යනු මෙහි විඤ්ඤාණය කුමක් නිසා ගන්නා ලද්දේ ද? කෙලෙස් ප්රහීණවීම දැක්වීම සඳහායි. කෙලෙස් හුදෙක් සිවු ස්කන්ධයන්ගේ ප්රහීනවීම නොවේ. පඤ්චස්කන්ධයෙහිම ප්රහීණ විය යුතුයැයි කෙලෙස් ප්රහීණවීම දැක්වීම සඳහා මෙය ගන්නා ලදී. “එවං ඛො ගහපති! අනොකසාරීහොති” යනු මෙසේ කර්ම විඤ්ඤාණයෙන් නැවත ගිහිගෙයි නොහැසිරීම් වශයෙන් අනෝකසාරී නම් වේ යනුයි.
“රූප නිමිත්ත නිකෙත විසාර විනිබන්ධා” යනු රූපයම ක්ලේශයන්ගේ ප්රත්යවීම් වශයෙන් නිමිති වූ යනුයි. ආරම්මණ ක්රියා සංඛ්යාත වූ වාසස්ථානය ක්ලේශයන්ගේ ප්රත්යවීම් වශයෙන් නිමිති වූ යනුයි. ආරම්මණ ක්රියා සංඛ්යාත වූ වාසස්ථානය වීම් අර්ථයෙන් නිකේතනයක් වූ රූප නිමිත්තට නිවාස වූ. විසාර හෙවත් පැතිරීම හා විනිබන්ධ හෙවත් බැඳීම යන දෙකින්ම කෙලෙසුන්ගේ පැවතීමම කියන ලදී. රූප නමැති නිවාසයෙහි පැතිරීම් හා බන්ධනයෝ - “රූප නිමිත්ත තිකෙත විසාර විනිබන්ධා” නම් වේ. එනිසා රූප ආරම්මණය නමැති නිවාසයෙහි උපන් කෙලෙසුන්ගේ පැතිරීමෙන් හා කෙලෙස් බන්ධනය හේතුවෙන් යන අර්ථයි. “නිකෙතසාරීති වුච්චති” යනුවෙන් අරමුණු කිරීම් වශයෙන් නිවාස ස්ථානයෙහි හැසිරෙන්නා’ යැයි කියනු ලැබේ. “පහීනා” යනු ඒ රූප අරමුණට වාසස්ථාන වූ කෙලෙසුන්ගේ පැතිරීම හා බන්ධනයත් ප්රහීන වූ යනුයි.
කුමක් නිසා මෙහි පංචස්කන්ධය “ඕක” යැයි කියන ලද්දේ ද? ෂඩ් අරමුණු නිකේතයැයි කියන ලද්දේද? “අද අසුවල් තැන ක්රීඩා කරමු” යැයි කරන ලද සංකේත ඇති - නිවාස වූ උයන් ආදිය වේද, එහි කියන ලද පරිදි භාර්යා, ධනය, ධාන්ය ආදිය පිරුණු ගෙදර පිළිබඳ ඡන්ද රාගය බලවත් වේ. මෙසේ බාහිර වූ සවැදෑරුම් ආරම්මණයන් හි ඡන්දරාගයේ බලවත් වූ දුබලතාව නිසා මෙසේ දේශනා කරන ලදැයි දත යුතුයි.
“සුඛිතෙසු සුඛිතො” යනු උපස්ථායකයන් කෙරෙහි ධන-ධාන්ය ලැබීම් වශයෙන් සුඛිත වූ යනුයි. “දැන් මම මනාප වූ භෝජනයක් ලබන්නෙමි”යි ලෞකික දේ හා බැඳි සුවයෙන් සුවපත් වූයේ වෙයි. ඔවුහු විසින් ලබන ලද සැප සම්පත් අනුභව කරන්නාක් මෙන් හැසිරෙත්. “දුක්ඛිතෙසු දුක්ඛිතො” යනු ඔවුන් කිසියම් කරුණකින් දුකක් උපන් කල්හි දෙගුණ වී දුකින් දුකට පත් වූයේ වෙයි යනුයි. “කිච්චකරණීයෙසු” යනු කෘත්ය සංඛ්යාත වූ කළයුතු (කරණීය) ධර්මයන්හිය. “වොයොගං ආපජ්ජති” යනු තමා එහි යෙදීමට, ඒ කටයුතු සිදුකිරීමට පැමිණේ යනුයි. “කාමෙසු” යනු වස්තු කාමයන්හි. “එවං ඛො ගහපති! කාමෙහි අරිත්තො හොති” යනු මෙසේ ක්ලේශ කාමයෙහි හිස්-ශුන්ය නොවූයේ වේ යනුයි. කාමයන්ගේ ඇතුලත්වීම් වශයෙන් හිස් නොවූ. යහපත් පක්ෂය නම් මේවායේ අභාවයෙන්-නැතිවීමෙන් ඇතිවන “හිස් බවයි. ශුන්ය බවයි” යනුවෙන් දතයුතුයි.
“පුරෙක්ඛරානො” යනු සසර පැවැත්ම පෙරටු කර ගැනීමයි. “මෙබඳු රූප ඇතිවේවා!” ආදී වශයෙන් දිගු-කෙටි, කළු-සුදු ආදී වශයෙන් රූපයෙහි “මෙසේ රූපය වේවා!” යි ප්රාර්ථනා කරයි. [missing here]