6. ධනුග්ගහ සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “දළ්හධම්මා ධනුග්ගහා” යනු දැඩි දුනු දරණ, දුනු සහිත යනුයි. දැඩි දුන්න නම් “ද්වීසහස්සත්ථාම” යැයි කියයි. දවීසහස්සත්ථාම නම් යමකට ආරෝපණය කරන ලද දුනුදියයි. ලෝභ ශීර්ෂාදියේ බර දණ්ඩෙන් ගෙන, ශරීරයේ ගෙල දක්වා ඔසවා දැමුයේ පොළවෙන් මිදෙයි. “සික්ඛිතා” යනු දොලොස් දහසක් අවුරුදු ගුරුකුලයේ ඉගැන්වූ ශිල්පයයි. “කතහත්ථා” යනු යමෙක් ශිල්පයම උගනියි ද ඔහු කෘතහස්තයකු නොවේ. මොවුහු පුරුදු කළ වශීකිරීම් ඇති කෘතහස්තයෝය. “කඤ්ජාසනා” යනු රාජකුල ආදියෙහි දක්වන ලද සිප් ඇතිවයි.
“තස්ස පුරිසස්ස ජවො” යනු මෙබඳු වෙනත් පුරුෂයෙක් පෙර නොවූ විරූය. බෝසතාණන් වහන්සේ ම ‘ජවන හංස’ව උපන් කල්හි මෙය සිදුවිය. එකල්හි බෝසතුන් සතර කණ්ඩයන් එළවීය. එවිට ඔහුගේ බාල සෝයුරා “සොයුරාණනි! අපි සූර්යයා සමග දුවමු”යි දැනුම් දුන්හ. බෝසත්හු “සූර්යයා නම් වේගවත් ජවය ඇත්තෙකි. නුඹලා ඔහු සමග දිවීමට නොහැකි වන්නාහුය.” ඔවුහු දෙවන-තෙවන වාරයන්හිද මෙසේ කියා එක්දිනක “දුවමු”යි යුගන්ධර පර්වතයට නැගී හුන්නහ. බෝසත්හු “සෝයුරෝ කොහිද?” විමසා “සූර්යයා සමග දිවීමට ගියේයැ”යි අසා “මේ තපස්වීවරු නැසෙන්නෝමය” යි කියා ඔවුන්ට අනුකම්පාවෙන් තමාම ගොස් ඔවුන් ළඟ සිටියේය.
ඉක්බිති සූර්යයා උදාවන කල්හි සෝයුරෝ දෙදෙන සූර්යයා සමග ම අහසට නැගුණහ. බෝසත්හුද ඔවුන් සමග ම පිටත්වූහ. බත් සමය හෙවත් මධ්‍යාහ්නය නොපැමිණි අතරතුරේදී දෙසෝයුරන්ගෙන් එක් අයෙකුගේ පියාපත් අතර ගින්නක් ඇතිවිය. ඔහු සෝයුරා අමතා “නොහැක්කෙමි”යි කීව්වේය. බෝසත්හු ඔහුට “බිය නොවන්න”යි කියා ඔහු අස්වසා (සනසා) පියාපත්වලින් ඔහු වසා (වෙලා) උෂ්ණය-දාහය දුරුකර “යන්න”යි යැවීය.
දෙවැන්නාගේ ද මධ්‍යාහ්නයේ දී පියාපත් අතර ගිනි ඇතිවූ විට එසේම කීවේය. ඔහුට ද පෙර පරිදි සත්කාරකොට “යන්න”යි යැවීය. බෝසත් තෙම මධ්‍යාහ්නය දක්වා පියඹා ගොස් “මොවුහු බාලයෝය. මා විසිනිදු බාලයෙක් නොවිය යුතුයැ”යි පවසා, නැවතී නොදුටු මිත්‍රයකු වූ බරණැස් රජු “දකින්නෙමි”යි බරණැසට ගියේය. ඒ නගරය මුදුනෙහි හැසිරෙන කල්හි දොළොස් යොදුනක් වූ ඒ නුවර, පාත්‍ර කටාහයෙන් වැසූ කුඩා පාත්‍රයක් මෙන් විය. මෙසේ හැසිරෙන කල්හි ඒ ඒ තැන සිදුරු-දෝෂ පෙනී ගියේය. තමා නොයෙක් දහසක් හංසයන් මෙන් ප්‍රකට විය.
ඔහු වේග හකුළුවා රජගෙදරට අභිමුඛ විය. රජු බලා “මගේ ප්‍රිය යහලුවා වූ ජවන හංසයා එන්නේය”යි ජනේලය හැරදමා රුවන් පුටුවක් පනවා මග බලමින් සිටියේය. බෝසත්හු රුවන් පුටුවෙහි හුන්හ.
ඉක්බිති රජු දහස්වර පිසූ තෙලින් පියාපත් පිරිමැද-ආලේප කරවා, මීපැණි මිශ්‍ර පොරි ද මිහිරි පානයක් ද දුන්නේය. ඉක්බිති ඔහුට කරන ලද පරිභෝග ඇත්තේ “යහලුව! කොහි යන්නේද?”යි විචාළේය. ඔහු සිදුවූ පුවත කියා, “මහරජ! ඉක්බිති මම මධ්‍යාහ්නය දක්වා ධාවනය කර, “මේ දිවීමෙන් කවර වැඩක්ද?”යි නැවතුනෙමි”යි දැන්වීය.
ඉක්බිති රජතුමා මෙසේ කීවේය. “ස්වාමීනි! මම නුඹ සූර්යයා සමග දුවන වේගය දකිනු කැමැත්තෙමි. “මහරජ! එය ඉතා දුෂ්කරය. නුඹට එය බැලීමට නොහැක. “ස්වාමීනි! එසේනම් ඊට සමාන වූවක් හෝ දක්වන්න”යි ඉල්වීය. “එසේනම්, මහරජ! දුනුවායන් කැඳවන්න!” රජු දුනුවායන් කැඳව්වේය. හංසයා ඉන් සතරදෙනෙක් ම ගෙන, නගරය මැද තොරණක් කරවා, තමාගේ බෙල්ලේ සීනුවක් එල්ලා, තොරණ උඩ හිඳ, දුනුවායන් සිවුදෙනා තොරණ සිවු පැත්තෙහි හිඳුවා “සිවුදිසාවට එක් එක් හීය බැගින් විදින්න”යි පැවසීය. පළමු හීයත් සමගම අහසට නැගී ඒ හීය නොගෙනම දකුණු දිසාවට ගිය හීය දුනෙන් රියනක් පමණ ගිය තැනේදී ද දෙවන හීය රියන් දෙකක් පමණ වූ තැනේ දී ද තෙවන හීය තුන්රියන් පමණ තැනේ දී ද දෙවන හීය රියන් දෙකක් පමණ වූ තැනේ දී ද තෙවන හීය තුන්රියන් පමණ තැනේ දී ද ගෙන සිවුවැන්න බිමට පැමිණීමට පෙර ම ගත්තේය. ඉක්බිති හී හතරම ගෙන තොරණෙහි හුන් පරිදි ම සිටියේය.
ඔහු රජුට මෙසේ කීවේය. “මහරජතුමනි! අපගේ වේගය (ජවය) මෙසේ ඉතා වේගවත්ය” යනුවෙනි. මෙසේ බෝධිසත්ත්වයෝම ජවන හංසකාලයේ දී ඒ හී ගෙන එන ලදැයි දතයුතුයි.