8. ඔපම්ම සංයුක්තය
1. ප්රථම වර්ගය
1. කූට සූත්ර වර්ණනාව
ඔපම්ම සංයුත්තයේ පළමු සූත්රයේ - මුදුන වෙත ගමන් කරන්නේ නුයි. “කූටංගමා” මුදුනට එක්රැස් වේනුයි. “කුටසමොසරණා” නම් වේ. “කූටසමුග්ඝාතා” යනු කූටය-මුදුන බිඳීයෑමෙන්ය. “අවිජ්ජා සමුග්ඝාතං” යනු අර්හත් මාර්ගයෙන් අවිද්යාව මුලින් උදුරා නසන ලදී. “අප්පමත්තා” සිහියෙන් ඉවත් නොවීම සිටියේ යනුයි.
පළමු සූත්රයයි.
2. නඛසිඛා සූත්ර වර්ණනාව
දෙවන සූත්රයේ - “මනුස්සෙසු පච්චාජායන්ති” යනු මිනිස් ලොවින් චුතව මිනිසුන් අතර යමෙක් උපදිත්ද ඔවුහු ඉතාම අල්පය යන අදහසයි. “අඤ්ඤත්ර මනුස්සහි” යනු මිනිස්ලොවින් චුතවූ යමෙක්, එම මිනිස්ලොව හැරදමා සතර අපායෙහි උපදින්නේද එබඳු සත්ත්වයෝ මහපොළවේ පස් මෙන් බහුලය යනුයි. මේ සූත්රයේදී දෙවියෝ ද මිනිසුන් ලෙසම සළකන ලදී. එනිසා යම්සේ මිනිසුන් අතර උපදින්නෝ අල්ප වන්නේ ද දෙවියන් අතර ඉපදීමක් එසේම අල්ප බව දතයුතුය.
දෙවන සූත්රයයි.
3. කුල සූත්ර වර්ණනාව
තෙවන සූත්රයේ “සුප්පධංසියානි” යනු පහසුවෙන් විනාශ කළ හැකිය යනුයි. “කුම්භත්ථෙනකෙහි” යනු යමෙක් අනුන්ගේ ගෙවල්වලට පිවිස, පහන් ආලෝකයෙන් බලා අනුන්ගේ බඩු ගෙනයනු කැමතිව, කළයක පහන දල්වාගෙන පිවිසෙත් ද ඔවුහු කුම්භත්ථෙනක (කළසොරු) නම් වෙති. ඔවුන් විසින් යනුයි. “සුප්පධංසියො හොති අමනුස්සෙහි” යනු මෛත්රී භාවනාව නැති පුද්ගලයාට පාංශු පිසාචාදීහු ද දෂ්ට කරති යනුයි. උසස් මිනිසුන්ගෙන් වන බාධා ගැන කියනු කිම? “භාවිතා” යනු වඩන ලදී යනුයි. “බහුලීකතා” යනු නැවත නැවත කරන ලදී. “යානිකතා” බඳන ලද යානාවක් මෙන් කරන ලද “වත්ථුකතා” යනු පිහිටවීම් අර්ථයෙන් වස්තුවක් මෙන් කරන ලද යනුයි. “අනුට්ඨිතා” යනු එළඹ සිටි, පැමිණ සිටි යනුයි. “පරිචිතා” යනු හාත්පසින් පුරුදු කරන ලද යනුයි. “සුසමාරද්ධා” යනු සිතින් මනාව ආරම්භ කරන ලද යනුයි.
තෙවන සූත්රයයි.
4. ඔක්ඛාසත සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ - “ඔක්ඛාසතං” මහත් වූ මුව ඇති හැළි සීයකි. “දානං දදෙය්ය” යනු ප්රණීත භෝජනයන්ගෙන් පිරුණු විශාල හැළි සීයකින් දන් දෙන්නේය යනුයි. “උක්කාසතං” යන පාඨයද සුදුසුය. “එහි පන්දම් සීයක් ඇත” යන අර්ථයි. එක් පන්දමකින් යම් ප්රමාණයක ආලෝකය පතුරුවා සිටියිද එබඳු සියගුණයක් තැන් සත්රුවනින් පුරවා, දන් දෙන්නේය යන අර්ථයි. “ගද්දූහනමත්තං” යනු ගො දුහනමත්තං - ගව දෙනකගෙන් කිරිදොවන කාලය පමණවත්. ගවදෙනකගේ එක්වරක් තන අග අදින කාලය පමණක්වත් යනුයි. “ගන්ධූහනමත්තං” වුවහොත් - ඇඟිලි දෙකින් සුවඳ පිඬක් ගෙන එක්වර ආඝ්රාණය කරන කාලය - යන අර්ථයි. මෙපමණ වූ කාලයක්වත් යමෙක් ගර්භ, පිරිවෙන් විහාර අවට ප්රදේශය තුල හෝ සක්වලින් මෙහා ප්රදේශය තුල අප්රමාණ වූ ලෝකධාතූන්හි සියලු සතුන් කෙරෙහි හිතවත් භාවය පතුරුවමින් මෙත්සිත වැඩීමට හැකිය. මෙය ඉන්පසු එකදිනකට තෙවරක් දුන් දානයට වඩා මහත්ඵල - මහත් ආනිසංස ගෙන දේ.
සිවුවන සූත්රයයි.
5. සත්ති සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “පතිලෙණිස්සාමි” ආදියෙහි මුදුනට ගසා කපු පුලුන් වැටියක් මෙන් තමන්ගේ, ලාටු වැටියක් මෙන් නමන්නේ එකට ගෙන අලවනුයේ “පතිලෙණෙති” නම් වේ. මැදින් ගසා නැමීමෙන් හෝ දාරයට පහරදී දාර දෙක ම එකට අල්වා ගැනීම “පතිකොට්ටෙ” නම් වේ. බොහෝ කාලයක් පැවතුන කපුගසක් පෙරළා දැමුවාක් මෙන් ද මනාව නැමී වක්ව ගිය පැදුරක් දිගහැර නැවත හකුලන්නාක් මෙන් ද දිගහැර නැවත හැකිලීම “පතිවට්ටෙ” නම් වේ.
පස්වන සූත්රයයි.
6. ධනුග්ගහ සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ “දළ්හධම්මා ධනුග්ගහා” යනු දැඩි දුනු දරණ, දුනු සහිත යනුයි. දැඩි දුන්න නම් “ද්වීසහස්සත්ථාම” යැයි කියයි. දවීසහස්සත්ථාම නම් යමකට ආරෝපණය කරන ලද දුනුදියයි. ලෝභ ශීර්ෂාදියේ බර දණ්ඩෙන් ගෙන, ශරීරයේ ගෙල දක්වා ඔසවා දැමුයේ පොළවෙන් මිදෙයි. “සික්ඛිතා” යනු දොලොස් දහසක් අවුරුදු ගුරුකුලයේ ඉගැන්වූ ශිල්පයයි. “කතහත්ථා” යනු යමෙක් ශිල්පයම උගනියි ද ඔහු කෘතහස්තයකු නොවේ. මොවුහු පුරුදු කළ වශීකිරීම් ඇති කෘතහස්තයෝය. “කඤ්ජාසනා” යනු රාජකුල ආදියෙහි දක්වන ලද සිප් ඇතිවයි.
“තස්ස පුරිසස්ස ජවො” යනු මෙබඳු වෙනත් පුරුෂයෙක් පෙර නොවූ විරූය. බෝසතාණන් වහන්සේ ම ‘ජවන හංස’ව උපන් කල්හි මෙය සිදුවිය. එකල්හි බෝසතුන් සතර කණ්ඩයන් එළවීය. එවිට ඔහුගේ බාල සෝයුරා “සොයුරාණනි! අපි සූර්යයා සමග දුවමු”යි දැනුම් දුන්හ. බෝසත්හු “සූර්යයා නම් වේගවත් ජවය ඇත්තෙකි. නුඹලා ඔහු සමග දිවීමට නොහැකි වන්නාහුය.” ඔවුහු දෙවන-තෙවන වාරයන්හිද මෙසේ කියා එක්දිනක “දුවමු”යි යුගන්ධර පර්වතයට නැගී හුන්නහ. බෝසත්හු “සෝයුරෝ කොහිද?” විමසා “සූර්යයා සමග දිවීමට ගියේයැ”යි අසා “මේ තපස්වීවරු නැසෙන්නෝමය” යි කියා ඔවුන්ට අනුකම්පාවෙන් තමාම ගොස් ඔවුන් ළඟ සිටියේය.
ඉක්බිති සූර්යයා උදාවන කල්හි සෝයුරෝ දෙදෙන සූර්යයා සමග ම අහසට නැගුණහ. බෝසත්හුද ඔවුන් සමග ම පිටත්වූහ. බත් සමය හෙවත් මධ්යාහ්නය නොපැමිණි අතරතුරේදී දෙසෝයුරන්ගෙන් එක් අයෙකුගේ පියාපත් අතර ගින්නක් ඇතිවිය. ඔහු සෝයුරා අමතා “නොහැක්කෙමි”යි කීව්වේය. බෝසත්හු ඔහුට “බිය නොවන්න”යි කියා ඔහු අස්වසා (සනසා) පියාපත්වලින් ඔහු වසා (වෙලා) උෂ්ණය-දාහය දුරුකර “යන්න”යි යැවීය.