1. සඞ්ඝභේද සූත්‍ර වර්ණනාව
සතරවන වර්ගයේ පළමු සූත්‍රයෙහි අර්ථ ඉතා ප්‍රකටය.
පළමු සූත්‍රයයි.
2-4. කුසලමූලසමුච්ඡෙද ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි සූත්‍රයේ සිට “කුසලමූලං” යනු අලෝභය ආදී ත්‍රිවිධ වූ කුසල මූලයන් ය. “සුක්කො ධම්මො” යනු එහි පර්යාය දේශනාවකි. සමාන වදනකි. මෙහි සංක්‍ෂිප්ත අර්ථය මෙසේය. යම් කුශල මූල නම් වූ නිවැරදි ධර්මයක් විනාශ නොකළාහු නම් දේවදත්ත දෙව්ලොව හෝ උපදින්නේය. මගඵලයක් හෝ ලබා ගන්නේය. ඔහු මේ සෑම දෙයක් ම විනාශ කර දමා - සෑම අතින්ම විනාශයට පත්විය. නැසීමට පැමිණියේය.
5. අත්තවධ සූත්‍ර වර්ණනාව
[missing trans]
[missing]
6. පඤ්චරථසත සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “භත්තාභිහාරො” යනු ඉදිරියට ගෙන යායුතු බතයි. එහි ප්‍රමාණය දැක්වීමට “පඤ්ච ථාලිපාකසතානි”යි කියන ලදී. එහි එක් බත් සැලියක පුරුෂයන් දසදෙනෙකුට ප්‍රමාණවත් බත් ඇත. “නාසාය පිත්තං භින්‍දෙය්‍යුං” යනු වලස් පිත හෝ මත්ස්‍ය පිත ඔහුගේ නාසා පුටයෙහි දමන්නේය යනුයි.
සයවන සූත්‍රයයි.
7-13. මාතු ආදි සූත්‍ර වර්ණනා
සත්වන සූත්‍රයේ - “මාතූපි හෙතූ” යනු “ඉදින් බොරු කියන්නෙහි නම් නුඹගේ මව අත්හරිමු. නොකියන්නෙහි නම් අත් නොහරිමු”යි මෙසේ සොරු විසින් කැළයේ දී ප්‍රශ්න කරන ලදුව, ඒ සොරු අතට පත් මෑණියන් හේතුවෙන්ද “දැන දැන බොරුකීම නොකරන්නේය” යන අර්ථයි. සෙසු සූත්‍රයන්හිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.
සත්වන සූත්‍රයයි.
සතරවන වර්ගයයි.
ලාභසත්කාර සංයුත්තය නිමාවට පත්විය.