4. කුලූපක සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - “කුලූපගො” යන කුල ගෙවල්වලට පැමිණෙන්නාය. “දෙන්තුයෙව මෙ” යනු මා හටම දෙත්වා යනුයි. “සන්දීයති” යනු කරදරයට පත්වෙයි. පෙළයි. සෙසු පදයන්ගේ අර්ථ කියන ලද පරිදි ම දතයුතුයි.
සිවුවන සූත්‍රය
5. ජිණ්ණ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - “ජිණ්ණො” යනු ස්ථවිර වූ, මහලු වූ යනුයි. “ගරුකානි” යනු ඒ සිවුර ශාස්තෘන්වහන්සේ වෙතින් ලැබූ කාලයේ පටන්, සිදුණු ඉරුණු තැන් නූලෙන් මැසීමෙන් ද නොයෙක් සිය ගණන් අණ්ඩ දැමීමෙන්ද බර වූවක් බවට පත්විය. “නිබ්බිසනාති” යනු පෙර භාග්‍යවතුන් වහන්සේ විසින් හැඳ පොරවා බැහැර කළ බැවින් මෙනමින් හැඳින්විණි. “තස්මා” යනු යම්හෙයකින් නුඹ ජරාවට පත්වූයේ ද ගරුකටයුතු පාංශුකූලික පැවිද්දෙක් වූයේ ද එනිසාය. “ගහපතිකානි” යනු “පාංශුකුලිකාංගය හැරදමා ගහපතියන් විසින් දුන් සිවුරු දරන්න” යන අදහසයි. “නිමන්තණෙසු” යනු” “පිණ්ඩපාතිකංගය හැරදමා සළාක බත් ආදියෙන් ආරාධිත දානය වළඳන්න” යන අදහසයි. “මමඤ්ඤච සන්තිකෙ” යනු “ආරණ්‍යයේ ම විසීම අත්හැර ගම් සෙනසුන්හි ම වෙසෙන්න” යන අදහසයි.
රජතුමා සේනාපතියකු සේනාපති තනතුරෙහි තමා විසින්ම තබා, රාජ උපස්ථාන ආදිය මගින් තමාගේ සිත සතුටුකරන එම සෙන්පතියාගේ එම තනතුර වෙනත් අයෙකුට දේනම්; රජු නුසුදුසු ක්‍රියාවක් කරන්නේ නොවේද? මෙසේ ම භාග්‍යවතුන් වහන්සේ ම මහා කාශ්‍යප තෙරුන්ට පෙරගමන් කරනු වස් තුන් ගවුවක් මග ගෙවා ගොස් රජගහ නුවරට ද නාලන්දාවටද අතර වූ බහුපුත්තක නම් රුක්මුල හුන් සේක්, ත්‍රිවිධ අවවාදයගෙන් ම ඕවාද පටිග්ගහණ උපසම්පදාව ලබාදී, උන්වහන්සේ සමග තම සිවුර හුවමාරු කරගෙන පැවිදි වූ දින පටන් ම කාශ්‍යප තෙරුන් ආරණ්‍යයෙහි වාසය කරන ධුතාංගධාරී තනතුරට පත්කළ සේක. මහකසුප් තෙරණුවෝ මේ දක්වා බුදුසිත නොරිදවමින් කළයුතු වතාවත් නිසිපරිදි ඉටු කරද්දී ම නැවත භාග්‍යවතුන් වහන්සේ විසින් උන්වහන්සේට, පාංශුකූලිකංගය හැරදමා ගහපති සිවුරු පිළිගැනීම් ආදියට යොමුකරවන සේක. මෙය අයුක්තියක්, නුසුදුසු ක්‍රියාවක් නොවන්නේද? නැත. එය අයුක්තියක් ඉටුකිරීමක් නොවේ. කුමක් නිසාද? තමන්වහන්සේගේ ම අදහසක් වන බැවිනි. ශාස්තෘන් වහන්සේ ධුතාංග ආදිය අත්හැරීමට - ඉවත දැමීමට නො කැමති සේක. “යම්සේ නොගටන ලද බෙර ආදිය ශබ්ද පිට නොකරයිද එලෙසින්ම නොගටන ලද මෙබඳු උතුම් පුද්ගලයෝ සිංහනාද නොකරති”යි කාශ්‍යප තෙරුන්ගේ සිංහනාදය අසනු රිසි වූ බැවින් මෙලෙස වදාළහ.
තෙරුන් ද භාග්‍යවතුන් වහන්සේගේ අදහස අනුවම “අහං ඛො භන්තෙ! දීඝරත්තං ආරඤ්ඤකො චෙව” යනාදී ක්‍රමයෙන් සිංහනාද පැවැත්වීය.
“දිටඨධම්ම සුඛ විහාර” නම් වූ මෙලොවදී ලබන සැප විහරණය නම් අරණ්යවාසීහුම ලබති. ග්‍රාමවාසීහු නොලබති. ගමෙහි වසන භික්ෂුවට දරුවන්ගේ ශබ්ද ඇසේ. නුසුදුසු රූප දකියි. නුසුදුසු ශබ්ද ඇසෙයි. එයින් උන්වහන්සේට ගිහිගේ පිළිබඳ ඇලීමක්, ආශාවක් උපදියි. ආරණ්‍යවාසී භික්ෂුව ගවුවක් හෝ අඩයොදුනක් දුර ගම ඉක්මවා කැළයට ඇතුළු වී වාසය කරයි. කොටි- ව්‍යාඝ්‍රාදී සතුන්ගේ ශබ්ද පමණක්ම අසයි. ඒවා ඇසීමෙන් අමානුෂික වූ බියක් උපදියි. ඒ සඳහා මෙය කියන ලදී.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස - සන්ත චිත්තස්ස භික්ඛුනො
අමානුසි රතී හොති - සම්මා ධම්මං විපස්සතො
අමානුසි රතී හොති - සම්මා ධම්මං විපස්සතො
යතෙ යතො සම්මසති - ඛන්ධානං උදයබ්බයං
ලභති පීති පාමොජ්ජං - අමතං න විජානතං
ලභති පීති පාමොජ්ජං - අමතං න විජානතං
පුරතො පච්ඡතො වාපි - අපරො ච න විජ්ජති
තත්ථෙව ඵාසු භවති - එකස්ස රමතො වන්නේ
තත්ථෙව ඵාසු භවති - එකස්ස රමතො වන්නේ
“ශුන්‍යගාරයට පිවිසියා වූ ශාන්ත සිත් ඇති, මැනවින් ධර්මය විමසා බලන භික්ෂුවට අමානුෂික වූ ඇල්මක් ඇති වේ.”
“යම් යම් ආකාරයකින් ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම විමසා බලන්නේ ද නිවණ මැනවින් අවබෝධ වී ප්‍රීතිය හා ප්‍රමෝදය ලබාගනියි.”
“ඉදිරියෙන්ද පසුපසින්ද උන්වහන්සේට දෙවැනියකු නැත. හුදකලාවම වනයෙහි ඇලී, එහිම වෙසෙනුයේ සැප විහරණ සුව විඳියි.”
මෙලෙසින් ම පිණ්ඩපාතික වූ භික්ෂුවම මෙලොවදී සැප ලබයි. ඉන් වැලකුණු භික්ෂුව දිට්ඨධම්ම සුඛය විඳින්නෙක් නොවේ. පිණ්ඩපාතික නොවූ භික්ෂුව අකාලචාරි වේ. ඉක්මන් ගමන් ඇතිවේ. හුවමාරු කරගනියි. පළිබෝධ සහිතවම යයි. එසේම බොහෝ සැකයන්ට බඳුන් වේ. පිණ්ඩපාතික භික්ෂුව අකාලයේ නොහැසිරෙයි. ඉක්මන් ගමන් ඇතෙක් නොවේ. හුවමාරු කර නොගනියි. හිරිහැර-කරදර ආදී පලිබෝධ කිසිත් නොමැතිව යයි. උන්වහන්සේගේ ගමනින් කිසිදු සැකයකට බඳුන් නොවෙති. ඒ කෙසේද?”