4. නොචෙදං සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - “නිස්සටා” ආදියේ මුලදී කියන ලද වැලැක්වීම (ප්රතිශේඨාර්ථය) යොදා නොනික්මුණහ.”, “වෙන් නොවූහ”, “නොමිදුනහ”. “කෙලෙස් සීමා ඇති සිතින් යුතුව නො විසූහ.” යනුවෙන් දතයුතුයි. දෙවැනි ක්රමයෙහි. “විමරියාදිමකතෙන” යනු ඉක්මවූ සීමා ඇති සිතින් කරන ලද යනුයි. එහි සීමාවන් දෙකකි. කෙලෙස් සීමාව හා සංසාරික පැවතුම් සීමාව යනුවෙනි. එහිද යමකුගේ හරි අඩකින් කෙලෙස් ප්‍රහීන වූයේ, අඩකින් ප්‍රහීන නොවූයේ වේද සංසාරික පැවැත්ම අඩකින් ප්‍රහීන වූයේ, අඩකින් ප්‍රහීන නොවූයේද ඔහුගේ සිත ප්‍රහීන වූ කෙලෙස්වල හෝ සංසාරික පැවැත්ම නිසා ඉක්ම වූ සීමා ඇත. මෙහිදී මේ දෙකම ප්‍රහීන කළ බැවින් “ඉක්මවූ කෙලෙස් සීමා ඇති සිතින්” යැයි කියන ලද සීමාවක් නොකර සිටි, “ඉක්ම වූ සීමා ඇති සිතින්” යන අර්ථයි. මෙලෙස මෙම සූත්‍ර තුනෙහි ම චතුරාර්ය සත්‍යය ම පවසන ලදී.
සිවුවන සූත්‍රය යි.
5. දුක්ඛලක්ඛණ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - “එකන්ත දුක්ඛා” යනු ඉක්මවා දුරුකළ. නූල් බර මෙන් ඒකාන්තයෙන් ම දුක් සහගත යනුයි. “දුක්ඛානුපතිතා” යනු දුකින් පෙළුණු. “දුක්ඛාවක්කන්තා” යනු දුකින් බැසගත්. දුකින් මැඩුණු. “සුඛා” යනු සැප වේදනාවෙන් ප්‍රත්‍ය වූයේ මෙසේ සැමතන්හිම අර්ථ දතයුතුයි. මේ සූත්‍රයේ ලක්ෂණ පවසන ලදී.
පස්වන සූත්‍රය යි.
6-10. අභිනන්ද ආදි සූත්‍ර වර්ණනා
සයවන, සත්වන සූත්‍රවල සසර නැවැන්ම සිදුවන අයුරු පැවසේ. අවසන් සූත්‍ර තුනෙහි (8, 9, 10) චතුරාර්ය සත්‍යයම දැවේ. විස්තර වේ.
ධාතු සංයුත්තය නිමාවිය.