4. හීනාධිමුත්තික සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ “සංසන්ධනති” යනු එක්ව වෙති යනුයි. “සන්මෙති” එකට එකතුවෙති. අතරක් නොමැතිව එකතු වෙති. “හීනාධිමුත්තිකා” යනු හීන වූ අදහස් ඇත්තෝයි. “කල්යාණාධිමුත්තිකා” යනු යහපත් (උසස්) අදහස් ඇත්තෝයි.
සතරවන සූත්රයයි.
5. චඞ්කම සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “පස්සථ නො” යනු දකින්නහුද? යනුයි. “සබ්බෙ ඛො එතෙ” යනු භාග්යවතුන් වහන්සේ විසින් සැරියුත් තෙරුන්ව, “මහණෙනි, මගේ ශ්රාවක භික්ෂූන්ගෙන් මහා ප්රඥාවන්තයන් අතරින් මේ සැරියුත් තෙරණුවෝ අගවෙති”යි මහා ප්රාඥයන් අතර අග තනතුරට පත්කළ සේක. එනිසා උන්වහන්සේගෙන් ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන, බෝධිපාක්ෂික ධර්ම, ත්රිලක්ෂණ ආදියේ ගැඹුරු ප්රඥාව විචාරන්නෙමු”යි මහා ප්රඥාවන්තයෝම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ට පොළව දිගහරින්නාක් මෙන් ද මහමෙර පාමුලින් වැලි උදුරා ගන්නාක් මෙන්ද සක්වල පව්ව බිඳිනාක් මෙන් ද මහමෙර ඔසවා තබන්නාක් මෙන්ද අහසේ හැසිරෙන සඳහිරු දෙදෙන උදාකරන්නාක් මෙන්ද ඇසු ඇසූ ප්රශ්න විසඳන සේක. එනිසා මෙලෙස වදාළහ. “සබ්බෙ ඛො එතෙ භිකඛවෙ! භික්ඛු මහා පඤ්ඤා”
මහමුගලන් තෙරුන් ද තථාගතයන් වහන්සේ විසින් - “මහණෙනි! මගේ ශ්රාවකයන් අතර ඍද්ධිමත් භික්ෂූන්ගෙන් මහමුගලන් තෙරණුවෝ අග්රවෙති”යි සෘද්ධිමතුන් අතර අග තනතුරෙහි තබන ලදහ. එනිසා “උන්වහන්සේගෙන් “සෘද්ධි පරිකර්ම, ආනිසංස, අධිෂ්ඨාන, විඤ්ර්වණ ආදිය විමසනෙමු”යි ඍද්ධිමත් තෙරවරුම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගේ ප්රශ්නවලට ඉහත පැවසූ අයුරින්ම පිළිතුරු දෙති. එනිසා බුදුහු මෙසේ වදාළහ. “සබ්බෙ බො එතෙ භික්ඛවෙ! භිකඛූ මහිද්ධිකා”
මහාකාශ්යප තෙරුන් ද භාග්යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මාගේ ශ්රාවක භික්ෂූන්ගෙන් ධුතාංගධාරීන් අතරින් මහාකාශ්යප තෙරණුවෝ අග්රවෙති”යි ධුතාංගධාරීන් අතර අග තනතුරෙහි පිහිටවූ සේක. එනිසා උන්වහන්සේගෙන් “ධුතාංගයන්ගේ ආරක්ෂාව, ආනිසංස, සමාදන් වීම, අධිෂ්ඨානය, බිඳීයෑම විචාරනෙමු”යි ධුතාංගධාරී භික්ෂූහූම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගේ ප්රශ්නයන් වහා නිරාකරණය කරදෙති. මෙනිසා මෙසේ වදාළහ. “සබ්බ ඛො එතෙ භිකඛවෙ! භික්ඛු ධුතවාදා”
භාග්යවතුන් වහන්සේ විසින් අනුරුද්ධ තෙරුන් ද “මහණෙනි! මගේ ශ්රාවක වූ දිවැස් ඇති භික්ෂූන් අතරින් අනුරුද්ධ තෙරණුවෝ අග්රවෙති”යි දිවැස් ඇති භික්ෂූන් අතර අග තනතුරෙහි පිහිට වූ සේක. මෙනිසා උන්වහන්සේන්ගෙන් ද “දිවැස් ආරක්ෂා කරගැනීම, අනුසස්, එය කිලිටිවන ආකාරය අසා දැනගන්නෙමු”යි දිවැස් ඇති භික්ෂූහූම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේද ඔවුන්ගේ සෑම ප්රශ්නයක්ම නිරාකරණය කරදෙති. එනිසා මෙසේ වදාළහ. “සබ්බෙ ඛො එතෙ භික්ඛවේ! භික්ඛු දිබ්බ චක්ඛුකා”