3. ගිඤ්ජකාවසථ සූත්ර වර්ණනාව
තෙවැනි සූත්රයේ “ධාතුං භික්ඛවේ” යනුවෙන් මෙතැන් පටන් ඇති අදහස (කැමැත්ත) ධාතුව යැයි දක්වයි. “උප්පජ්ජති සඤ්ඤා” යනු කැමැත්ත නිසා සංඥාව උපදියි. “උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති විතක්කො” යන මෙහිදී ද කච්චායන තෙරුන් ප්රශ්නයක් විමසන්නේ යැයි උන්වහන්සේට අවසර දීමට දේශනාව නතර කළ සේක.
“අසම්මා සම්බුද්ධෙසු” යනු ෂඩ් ශාස්තෘන් අතුරින්ය. “සම්මා සම්බුද්ධා” යනු අපි සම්මා සම්බුදු වෙමු යි. “කිං පටිච්ච පඤ්ඤායති” “කුමක් ඇති කල්හි මෙසේ සිදුවේද?”යි ශාස්තෘන් වහන්සේලාට උපන් දෘෂ්ටිය පිළිබඳව විමසයි. සම්මා සම්බුදු නොවූ ඔවුන් කෙරෙහි “මොවුහු සම්මා සම්බුදුවරයෝ වෙති”යි තීර්ථක ශ්රාවකයන්ට උපන් දෘෂ්ටියට විචාරන්නේය.
දැන් ඔවුන්ට අවිද්යා ධාතුව නිසා මෙබඳු දෘෂ්ටියක් ඇතිවී යැයි දක්වමින් “ඒ අවිද්යා ධාතුව මහත් වූවකි. ඒ මහත් වූ ධාතුව නිසා ඒ වැරදි දෘෂ්ටිය ඇතිවීයැයි “මහතීඛො ඵසා” යනාදිය වදාළහ.
“හීනං කච්චාන! ධාතු පටිච්ච” යනු හීන වූ අදහස් නිසා, “පණිධී” යනු සිතේ ඇති ප්රාර්ථනාව. ප්රණිධිය, එය ප්රාර්ථනා කරන්නාට ස්ත්රීභාවය හෝ වඳුරු ආදී තිරිසන් ආත්මභාවයන්හි ඉපදීමට හැකිවේ. “හීනෝ පුග්ගලො” යමෙකුට මේ හීනධර්ම උපදිත් ද ඒ සියලුම පුද්ගලයෝ “හීන” නම් වේ. “හීනාවාචා” යනු යමෙකුගේ වචනය ද හීනය. පහත්ය. “හීනං ආචික්ඛති” යනු ඔහු යමක් පවසනුයේ හීන වූ දෙයක්ම පවසයි. යමක් දෙසනුයේ හීන වූ ම දෙයක් දේශනා කරයි. මෙලෙස සෑම පදයකම යෙදිය යුතුයි. “උප්පත්ති” යනු උපත් දෙකකි. “ප්රතිලාභ” හා “නිබ්බත්ති” වශයෙනි. නිබ්බත්ති යනු හීන කුලවල ඉපදීමයි. “ප්රතිලාභ” යනු සිත උපදින ක්ෂණයයි. හීනාර්ථ වශයෙන් කියන්නාගේ පංචවිධ නීච කුලයන්හි ඉපදීම් වශයෙන් හීන වූ ඉපදීමයි. වෛශ්ය-ශුද්ර කුලයන්හි ඉපදීම් වශයෙන් මධ්යම වේ. ක්ෂත්රිය-බ්රාහ්මණ කුලයන්හි ඉපදීම් වශයෙන් උසස් වේ. දොළොස් කුසල සිත් ඉපදීම් වශයෙන් ලබන ප්රතිලාභය හීනවූවකි. ත්රෛභූමික ධර්මයන්ගේ ප්රතිලාභය මධ්යම වේ. නවලෝකෝත්තර ධර්ම ප්රතිලාභයම ඉතා උසස් වේ. මේ සූත්රයේ නිබ්බත්තිය ම උත්පත්තිය වශයෙන් සලකන ලදී.
තෙවැනි සූත්රයයි.
4. හීනාධිමුත්තික සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ “සංසන්ධනති” යනු එක්ව වෙති යනුයි. “සන්මෙති” එකට එකතුවෙති. අතරක් නොමැතිව එකතු වෙති. “හීනාධිමුත්තිකා” යනු හීන වූ අදහස් ඇත්තෝයි. “කල්යාණාධිමුත්තිකා” යනු යහපත් (උසස්) අදහස් ඇත්තෝයි.
සතරවන සූත්රයයි.
5. චඞ්කම සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “පස්සථ නො” යනු දකින්නහුද? යනුයි. “සබ්බෙ ඛො එතෙ” යනු භාග්යවතුන් වහන්සේ විසින් සැරියුත් තෙරුන්ව, “මහණෙනි, මගේ ශ්රාවක භික්ෂූන්ගෙන් මහා ප්රඥාවන්තයන් අතරින් මේ සැරියුත් තෙරණුවෝ අගවෙති”යි මහා ප්රාඥයන් අතර අග තනතුරට පත්කළ සේක. එනිසා උන්වහන්සේගෙන් ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන, බෝධිපාක්ෂික ධර්ම, ත්රිලක්ෂණ ආදියේ ගැඹුරු ප්රඥාව විචාරන්නෙමු”යි මහා ප්රඥාවන්තයෝම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ට පොළව දිගහරින්නාක් මෙන් ද මහමෙර පාමුලින් වැලි උදුරා ගන්නාක් මෙන්ද සක්වල පව්ව බිඳිනාක් මෙන් ද මහමෙර ඔසවා තබන්නාක් මෙන්ද අහසේ හැසිරෙන සඳහිරු දෙදෙන උදාකරන්නාක් මෙන්ද ඇසු ඇසූ ප්රශ්න විසඳන සේක. එනිසා මෙලෙස වදාළහ. “සබ්බෙ ඛො එතෙ භිකඛවෙ! භික්ඛු මහා පඤ්ඤා”
මහමුගලන් තෙරුන් ද තථාගතයන් වහන්සේ විසින් - “මහණෙනි! මගේ ශ්රාවකයන් අතර ඍද්ධිමත් භික්ෂූන්ගෙන් මහමුගලන් තෙරණුවෝ අග්රවෙති”යි සෘද්ධිමතුන් අතර අග තනතුරෙහි තබන ලදහ. එනිසා “උන්වහන්සේගෙන් “සෘද්ධි පරිකර්ම, ආනිසංස, අධිෂ්ඨාන, විඤ්ර්වණ ආදිය විමසනෙමු”යි ඍද්ධිමත් තෙරවරුම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගේ ප්රශ්නවලට ඉහත පැවසූ අයුරින්ම පිළිතුරු දෙති. එනිසා බුදුහු මෙසේ වදාළහ. “සබ්බෙ බො එතෙ භික්ඛවෙ! භිකඛූ මහිද්ධිකා”
මහාකාශ්යප තෙරුන් ද භාග්යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මාගේ ශ්රාවක භික්ෂූන්ගෙන් ධුතාංගධාරීන් අතරින් මහාකාශ්යප තෙරණුවෝ අග්රවෙති”යි ධුතාංගධාරීන් අතර අග තනතුරෙහි පිහිටවූ සේක. එනිසා උන්වහන්සේගෙන් “ධුතාංගයන්ගේ ආරක්ෂාව, ආනිසංස, සමාදන් වීම, අධිෂ්ඨානය, බිඳීයෑම විචාරනෙමු”යි ධුතාංගධාරී භික්ෂූහූම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගේ ප්රශ්නයන් වහා නිරාකරණය කරදෙති. මෙනිසා මෙසේ වදාළහ. “සබ්බ ඛො එතෙ භිකඛවෙ! භික්ඛු ධුතවාදා”
භාග්යවතුන් වහන්සේ විසින් අනුරුද්ධ තෙරුන් ද “මහණෙනි! මගේ ශ්රාවක වූ දිවැස් ඇති භික්ෂූන් අතරින් අනුරුද්ධ තෙරණුවෝ අග්රවෙති”යි දිවැස් ඇති භික්ෂූන් අතර අග තනතුරෙහි පිහිට වූ සේක. මෙනිසා උන්වහන්සේන්ගෙන් ද “දිවැස් ආරක්ෂා කරගැනීම, අනුසස්, එය කිලිටිවන ආකාරය අසා දැනගන්නෙමු”යි දිවැස් ඇති භික්ෂූහූම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේද ඔවුන්ගේ සෑම ප්රශ්නයක්ම නිරාකරණය කරදෙති. එනිසා මෙසේ වදාළහ. “සබ්බෙ ඛො එතෙ භික්ඛවේ! භික්ඛු දිබ්බ චක්ඛුකා”