4. වේදනා සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ “චක්ඛුසම්ඵස්සජා වේදනා” යනු පිළිගන්නා වූ මනෝධාතුවේ සිට එම ද්වාරයේ හටගන්නා සියලුම වේදනාවෝ පවතිනෝය. නිෂ්පත්ති පහසුව සඳහා අනන්තර වූ මනාව පිළිගන්නා (සම්පටිච්ඡන) වේදනාවම ගැනීමට සුදුසු යැයි කියන ලදී. “මනෝ සම්ඵස්සං පටිච්ච” යනු මනෝද්වාරයෙහි ආවර්ජන ස්පර්ශය නිසා පළමු ජවන වේදනාව ද පළමු ජවන ස්පර්ශය නිසා දෙවන ජවන වේදනාවද ඇතිවේ” යන අදහසයි.
සිවුවන සූත්‍රයයි.
5. නොවෙදනා සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - තෙවන, සිවුවන සූත්‍රවල කියන ලද ක්‍රමයෙන් එක්කර දෙසන ලදී. මෙසේ දෙවැනි සූත්‍රයේ එන සූත්‍ර සතරෙහි මනෝ ධාතුව, “මනෝධාතු” ලෙස නො ගෙන මනෝ ද්වාරා වජ්ජනය ම “මනෝ ධාතුව” යැයි ගන්නා ලදී. මේ සියලුම සූත්‍ර දේශනා ඒ ඒ අයුරින් දේශනා කරනවිට, අවබෝධ කරගන්නවුන්ගේ වශයෙන් දෙසන ලදී. මෙහි සෙසු පදයන්ගේ අර්ථ ද මේ ක්‍රමයෙන් දතයුතුයි.
පස්වන සූත්‍රයයි.
6. බාහිරධාතුනානත්ත සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ - මෙහි විස්තර වන මුල් ධාතු පස කාමාවචර වේ. සයවන “ධර්ම ධාතුව” සිවු භූමික වේ.
සයවන සූත්‍රයයි.
7. පරියෙසනානානත්ත සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “රූපධාතු” යනු ඉදිරියේ සිටි තමාගේ හෝ අනුන්ගේ සලුවලින් වෙලීම් ආදී වස්තුක වූ රූපාරම්මණය. “රූප සඤ්ඤා” යනු චක්ෂු විඤ්ඤාණය සම්ප්‍රයුක්ත වූ (එක්ව යෙදුණු) සංඥාව. “රූප සංකප්පො” යනු පිළිගැනීම් ආදී ත්‍රිවිධ සම්ප්‍රයුක්ත සංකල්පයෝය. “රූපඡන්දො” යනු රූපයෙහි කැමැත්ත කරන ලද අර්ථයෙන් ඡන්දයයි. “රූප පරිළාහො” යනු රූපයේ දැවීම් තැවීම් අරුතින් පිරිතැවීමයි. “රූප පරියෙසනා” යනු පිරිතැවීමක් (දාහයක්) උපන් කල්හි ඉදිරියේ සම්මුඛ වූ දෙය රැගෙන රූපයේ ලැබීම පිණිස කරන පරීක්ෂණයයි. මෙහිද - සංඥා, සංකප්ප, ඡන්දාදිය එක් ජවන් වාරයකද නානාවිධ ජවන් වාරයන්හි ද ලැබෙත්. පිරිතැවීම් පර්යේෂණය (සෙවීම) වනාහී නානාවිධ ජවන් වාරයන්හිම ලැබෙත්. “එවං ඛො භිකඛවේ! ධාතුනානත්තං” - මෙහිද “මෙසේ රූපාදී නානා ස්වභාව ඇති ධාතූන් නිසා රූප සංඥාදී නොයෙක් ස්වභාව ඇති සංඥාවෝ උපදියි.” මේ ක්‍රමයෙන් අර්ථ දැකිය යුතුයි.
සත්වන සූත්‍රයයි.
8. නො පරියෙසනානානත්ත සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ “නො ධම්ම පරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්ම පරිළාහො” යනු මෙසේ පැමිණි නානාවිධ වූ ප්‍රතිෂ්ප කිරීම් පමණක්ම ය.
අටවන සූත්‍රයයි.
9. ලාභනානත්ත සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “උප්පජ්ජති රූපසඤ්ඤා” යනු කියන ලද ක්‍රමයෙන් අරමුණෙහි සංඥාව උපදියි යනුයි. “රූප සංකප්පො” යනු ඒ අරමුණෙහි ත්‍රිවිධවිධ චිත්තයන් සමග එක්ව යෙදුණා වූ සංකල්පනාවයි. “රූප සම්ඵස්සො” යනු ඒ අරමුණ ම ස්පර්ශ කරන ඵස්සයයි. “වේදනා” යනු ඒ අරමුණම විඳින වේදනාව යි. ඡන්දාදියෙහි කියන ලද ක්‍රමයමයි. “රුපලාභො” යනු පර්යේෂණය කර ලැබූ තණ්හා සහිත අරමුණ “රූප ලාභය” යැයි කියන ලදී. මෙය වනාහී සියලු සංග්‍රහ කිරීම් නය වශයෙන් එකම අරමුණක සියලු ධර්මයන්ගේ ඉපදීම් වශයෙන් කියන ලදී. අනික් ආගන්තුක ආරම්මණ මිශ්‍ර වූයේ වේ. රූප සංඥාව, රූප සංකල්පය, ස්පර්ශය, වේදනාව යන මේ සතර ධර්ම ස්ථිර පරිභෝගයෙහි නිබද්ධාරම්මණයෙහි පවතියි. නිබද්ධාරම්මණය වනාහී කිසියම් වූ මනෝඥ, සිත අලවන, ප්‍රියමනාප වූ දෙයක් මෙන් එළඹ සිටියි. ආගන්තුක අරමුණ වනාහී යම්කිසි සමාන වූවක් ඇත්තේද එය කළඹා සිටියි. එහි මේ නිදසුන් කථාවයි.