1. නඛසිඛා සූත්ර වර්ණනාව
අභිසමය වර්ගයේ පළමු සූත්රයෙහි “නඛසිඛා යං” යනු මස් තිබෙන තැනින් නික්මුණු නිය අග. ලෞකික මිනිසුන්ගේ නිය අග මහත් ය. බුදුවරයන් වහන්සේලාගේ වනාහී රතු උපුල් පියුම් පෙත්තක කෙළවර මෙන් අතිශය සියුම්ය. කෙසේ නම් මෙහි පස් පිහිටා සිටියේද? අධිෂ්ඨාන බලයෙනි. භාග්යවතුන් වහන්සේ ධර්ම කාරණය මැනවින් අවබෝධ කරවනු සඳහා අධිෂ්ඨාන බලයෙන් ඒ පස් නිය අග පිහිටවූ සේක. “සතිමංකලං” යනු මහපොළොවේ පස් සිය කොටසකට බෙදා ඉන් එක කොටසකි. සෙසු පදයන්හිද මේ ක්රමය ම යෙදේ. “අභිසමෙතාවිතො” ප්රඥාවෙන් ආර්ය සත්යයන් අවබෝධ කරගෙන සිටි පුද්ගලයාය. “පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදිණ්ණං උපනිධාය” යනු මෙහිදීමය. බොහෝ වූ දුක ක්ෂය කරවන ලදී. මෙලෙස දුක්ඛස්කන්ධය හා සමාන කර බලා ප්රථමයෙන් කියන ලදී. ඤාණයෙන් එය, ඒ සමීපයේ තබා පිරික්සා බලමින් යන අර්ථයයි. මෙහි මුල් දුක නම් කුමක්ද? යමක් ක්ෂය කරන ලදද එය දුක නම් වේ. ක්ෂය කරන ලද්දේ කුමක්ද? යමක් පළමු මාර්ගය නොවැඩීමෙන් උපදින්නේ ද එයයි. පිහිටන්නේ කුමක්ද? යමක් සතක් වූ ආත්මභාවයන්හි ද අපාය අටවැනි වූ ප්රතිසන්ධිය මුල්කරගත් යම්තැනක උපදින්නේ නම්, ඒ සියලු ස්ථානවල ඉපදීම ක්ෂය කරන ලදැයි දතයුතුයි. “සත්තක්ඛත්තුං” යනු සත්වාරයක්. සත් භවයක් ඇතුලතදී. “පරමතා” යනු මෙය ඔහුගේ ප්රමාණයයි යනුවෙන් ප්රමාණය දක්වයි. “මහත්ථියො” යනු මහත් වූ අර්ථයක් නිපදවන්නෙකි.
පළමු සූත්රයයි.
2. පොක්ඛරණී සූත්ර වර්ණනාව
දෙවැනි සූත්රයේ - “පොක්ඛරණි” යනු වැවයි. “උබ්බෙධන” යනු ගැඹුරු බැවින්, “සමතිත්තිකා” යනු මුවවිට හා සම වූ. “කාකපෙය්ය” යනු ඉවුරේ සිටි කපුටෙකුට ස්වභාවයෙන්ම කෙටි වූ මුවතුඩ බහා බීමට හැකියාව ඇති.
දෙවැනි සූත්රයයි.
3. සම්භෙජ්ජඋදක සූත්ර වර්ණනාව
තෙවැනි සූත්රයේ “යත්ථිමා” යනු යම් බිඳුණු තැනෙක්හි ඇති මේවාය. “සංසන්දනති” යනු සමග ගොස් ගලා බසියි යනුයි. “සමෙන්ති” යනු එකට මිශ්රව ගලා බසියි. “දෙව වා ති වා” යනු දෙකක් හෝ තුනක්ය. “උදක ඵුසිතානි” යනු ජල බින්දුය. “සමෙහජ්ජං උදකං” යනු අන්ය නදීන් සමඟ මිශ්ර වූ තැන්හි ඇති ජලයයි.
තෙවැනි සූත්රයයි.
4. දෙවන සම්භෙජ්ජඋදක සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ අර්ථ ඉතා ප්රකටය.
සිවුවන සූත්රයයි.
5. පඨවි සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “මහාපඨවියා” යනු සක්වල අභ්යන්තරයෙහි මහපොළවෙත් උදුරා යනුයි. “කොළට්ඨිමත්තියො” යනු ඩෙබර ගෙඩි පමණ වූ. “ගුළිකා” යනු මැටි ගුලිය. “උපනික්ඛිපෙය්ය” යනු එකම තැනක තබන්නේය යනුයි.
පස්වන සූත්රයයි.
6-10. දෙවන පඨවි ආදි සූත්ර වර්ණනා
සයවන සූත්රයේ සිට දසවන සූත්රය දක්වා ඉහත කියන පරිදි ම අර්ථ දතයුතුයි.
11. තෙවන පබ්බතුපම සූත්ර වර්ණනාව
අවසාන සූත්රයේ “අඤ්ඤතිත්ථිය සමණබ්රාහ්මණ පරිබ්බාජකානං අධිගමො” යනු බාහිර ආගමික සම්ප්රදායන්ගේ සියලුම ගුණයන්ගේ අධිගමයයි. ප්රථම ආර්ය මාර්ගයෙන් ලබන ලද ගුණ සම්පත්තියෙන් සීයෙන් භාගයක්වත්, දහසින් භාගයක්වත්, ලක්ෂයකින් භාගයක්වත් නොවටියි. සමීපවිය නොහැක.
අභිසමය වර්ගය නිමාවිය.
අභිසමය සංයුත්තය නිමාවට පත්විය.