6. අනුරුද්ධ සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - පුරාණදුතියිකා අනන්තර ආත්ම භාවයේ (පෙර ආත්මයේ) අග මෙහෙසි; සොභසි පෙර ද බැබළුණෙහි; දැනුදු බබළහි. දුග්ගතා ප්‍රතිපත්ති දුර්ගතියෙන් දුර්ගත වූ; ඔවුහු සුගතියෙහි සිටියාහු සම්පත් විඳිති. ඉන් චුත ව ඔවුහු නිරයෙහි උපදිතියි දුර්ගත වූ; පතිට්ඨිතා සත්කායයෙහි පිහිටමින් අට කරුණකින් පිහිටයි; (රාගයෙන්) රත්වූයේ රාග වශයෙන් පිහිටයි; (ද්වේෂයෙන්) දුෂ්ට වූයේ ද්වේෂ වශයෙන්, මුළා වූයේ මෝහ වශයෙන්; බඳනා ලද්දේ මාන වශයෙන්; ස්පර්ශ කළේ දෘෂ්ටි වශයෙන්; ශක්තිමත් වූයේ අනුශය වශයෙන්; නිෂ්ටාවට නොගියේ විචිකිච්ඡා වශයෙන්; වික්ෂේපයට පත් වූයේ උද්ධච්ච වශයෙන් පිහිටයි; මෙසේ පිහිටියේ ම; නරදෙවානං දෙව් මිනිසුන්ගේ;
නත්ථිදානි (දැන් නැත), ඒ දෙව් දුව තෙරුන් කෙරෙහි බලවත් සෙනෙහස ඇත්තියක් වූවා ය. ආපසු යන්නට නො හැකි වූවා ය. සුදුසු වේලාවට පැමිණ කුටිය අමදියි; මුව දෝනා ජලය, දැහැටි, පරිභෝජනයට සුදුසු ජලය තබයි. තෙරුන් වහන්සේ ඒ ගැන කල්පනාවක් නො මැති ව ම භුක්ති විඳිති. දිනක් දිරා ගිය සිවුරු ඇති-වස්ත්‍ර සොයා යන-උන්වහන්සේට කසළ ගොඩක දිව්‍ය වස්ත්‍රයක් තබා ගියා ය. තෙරුන් වහන්සේ එය දැක මෙපමණක් ඇතැයි ගත්තේ ය. එයින් ම සිවුරු තුනක් නිමැවී ය. ජනයා දෙකක් දැග සව්වනට ය, (එකක්) අනුරුද්ධ තෙරණුවනට ය යි සිවුරු තුනක් කළහ. බුදුන් වහන්සේ ඉදිකටුව යොදා දුන් සේක. සිවුරු නිමා කර පිඬු පිණිස හැසිරෙන්නහුට දේවතාවිය පිණ්ඩපාතය සමාදන් කරව යි. ඇය වරෙක තනිව (ද), වරෙක තමා දෙවැන්නා ලෙස (තවත් කෙනෙකු කැටිව) ද, තෙරුන් සමීපයට පැමිණෙයි. එදා තමා තුන් වැනියා කොට පැමිණ දිවාස්ථානයෙහි තෙරුන් වෙත පැමිණ, ‘අපි මනාපකායිකා’ නම් වෙමු. සිතින් කැමති කැමති රූප මවමු’ යි කීවාය. තෙරුන් වහන්සේ මොවුහු මෙසේ කියත්. එය පරීක්ෂා කරන්නෙමි. සියලු දෙනා නිල්වන් වූහ. මෙසේ පීත, ලෝහිත, ඕදාත වර්ණ (වූහ). ඉන් පසු (ඔවුහු මෙසේ) සිතූහ : තෙරුන් වහන්සේ අපගේ දර්ශනයෙන් ආස්වාදය ලබයි. ඔවුහු සැණකෙළියට පටන් ගත්තාහු, එකියක් ගැයුවා ය. එකියක් නැටුවා ය, එකියක් අසුරු ගැසුවා ය. තෙරුන් වහන්සේ ඉන්ද්රියයන් පහතට හැරවූහ. එයින් අපගේ දර්ශනය තෙරුන් වහන්සේ ආස්වාද නො කරතියි දැන ආදරයක් හෝ පිළිසඳරක් හෝ නො ලබමින් කලකිරී යන්නට පටන් ගත්හ. තෙරුන් වහන්සේ ඔවුන් යන බව දැන යළි යළිත් නො එත්වා යි අර්හත්වය පැහැදිලි කරමින් මේ ගාථාව කී හ. එහි වික්ඛීණො ජාතිසංසාරො ඒ ඒ තැන (ජාති) ඉපදීම සංඛ්‍යාත වූ සංසාරය ගෙවිණි.
සය වැනි සූත්‍රය යි.
7. නාගදත්ත සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - අතිකාලෙන මුළු රැය නිදා සිට ඉතා උදෑසන ඉළපතින් මඳක් ඇමද මුව සෝදා කැඳ අහර පිණිස උදයෙන් ම ප්‍රවේශ වෙයි. අතිදිවා කැඳ රැගෙන ආසන ශාලාවට ගොස් (කැඳ) බී එක් තැනක හෙව නිදා මිනිසුන් ආහාර ගන්නා වේලාවේ ප්‍රණීත වූ භික්ෂාවක් ලබන්නෙමැයි මද්දහන ආසන්නයේ නැගිට ධම්ම කරකයෙන් (පැන් පෙරනයෙන්) ජලය ගෙන ඇස් සෝදා පිඬු පිණිස සැරිසරා හැකි තරම් අනුභව කොට මද්දහන ඉකුත් වූ පසු පෙරළා එයි. දිවා ච ආගන්ත්වා බොහෝ කල් ඇතිව ගිය අය අන් භික්ෂූනට පළමු ව ආ යුතු වේ. ඔබ බොහෝ දවල් වී අවුත් ගියෙහි ය යන අරුත යි. භායාමි නාගදත්තං ඒ නාගදත්තට (නම් වූ භික්ෂුවට) බිය වෙමි. සුප්පගබ්භං ‘සුට්ඨු පගබ්භං’ මැනවින් බුහුටි; කුලෙසු ක්ෂත්රිය කුල ආදි උපස්ථායක කුලවල.
සත් වැනි සූත්‍රය යි.
8. කුලඝරණී සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අජ්ඣොගාළ්හප්පත්තො අවතීර්ණ වූ තත්ත්වයට පත් වූයේ (බෙහෙවින් ඇගෑලුම් තත්ත්වයට පත් වූයේ). හේ බුදුන් සමීපයේ කමටහන් ගෙන ඒ වන ලැහැබට පිවිස, දෙවැනි දිනයේ පිඬු පිණිස සිත් අළවන පැහැදවීම් සමග ගමට පිවිසියේ ය. එක්තරා කුලයක් (පවුලක්) භික්ෂුවගේ ඉරියව් ගැන පැහැදී පසඟ පිහිටුවා වැඳ පිණ්ඩපාතය දුන්නේ ය. භුක්තානුමෝදනාව අසා වැඩිමනක් පැහැදී ස්වාමීනි, සදා කල්හි මෙහි ම භික්ෂාව ගනු මැනවි යි ආරාධනය කළේ ය. තෙරුන් වහන්සේ ඉවසා ඔවුන්ගේ ආහාර වළඳන්නේ වීර්යය ගෙන උත්සාහ කරන්නේ අර්හත් භාවයට පත් ව මෙසේ සිතී ය. මේ පවුල මට බෙහෙවින් උපකාරී විය. වෙන තැනක ගොස් කුමක් කරන්නෙම් ද? ඵල සමාපත්ති සුවය අනුභව කරමින් එහි ම විසී ය. අජ්ඣභාසි ඇය (දේවතාවිය) තෙරුන්ගේ ක්ෂීණාශ්රව භාවය නො දන්නී (මෙසේ) සිතුවා ය. මේ තෙරුන් වහන්සේ වෙනත් ගමකට නො යයි. වෙනත් නිවසකට ද (නො ය යි), රුක් මුල ආසනශාලා ආදියෙහි නො හිඳියි. සැම දා (මේ) නිවසට පිවිස ම හිඳියි. මේ දෙගොල්ල ම අගාධයට වන්නෝ ය; දැඩි ව පය ගසා සිටින්නෝ ය. කිසියම් දිනක ඔහු මේ පවුල දූෂණය කරන්නේ ය ඔහුට දෝෂාරෝපණය කරන්නෙමි” එහෙයින් කීවා ය.
සණ්ඨානෙ නගර ද්වාරය අසළ ස්ථානයක, මිනිසුන්ගේ බඩු බිමට බා විවේක ගන්නා ස්ථානයෙහි; සඞ්ගම්ම රැස් වී, මන්තෙන්ති කථා කරත්. මං ච තං ච මා ගැන ද කථා කරත්, ඔබ ගැන ද කථා කරත්; කිමන්තරං හේතුව කුමක් ද? බහූ හි සද්දා පච්චූහා ලොවෙහි මේ ප්රතිලේාම ශබ්ද බොහෝ ය. තෙන ඒ කාරණයෙන් නැතහොත් ඒ තාපසයා විසින් න මඞ්කුහොතබ්බං (මුළා නො විය යුතු ය); න හිතෙන අනුන් විසින් කියන ලද ඒ වචනයෙන් නොව සත්ත්වයා කිලිස්සති (කිළිටි වේ); තමා විසින් කරන ලද පාප කර්මයෙන් ම කිලිටි වෙති යි දක්වයි. වාතමිගො යථා යම් සේ වනයෙහි වාතමෘගයෙක් සුළඟින් සෙළවුණු කොළ ආදියේ ශබ්දවලින් තැති ගනී ද, එසේ යමෙක් ශබ්දය නිසා තැති ගන්නේ වෙයි ද යනු අර්ථ යි. නාස්ස සම්පජ්ජතෙ වතං ලුහු සිත් ඇති ඔහුගේ ව්‍රතය සම්පාදනය නො වේ. තෙරුන් වහන්සේ ක්ෂීණාශ්රව බැවින් ව්‍රතසම්පන්න වූයේ යි දත යුත්තේ ය.
අට වැනි සූත්‍රය යි.