3. කස්සපගොත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නේ - චෙතං එක් මුව වැද්දෙකු, ඔවදති ඒ මුව වැද්දා උදයෙන් ම අනුභව කොට මුවන් මරන්නෙමි යි වනයට පිවිසියේ එක් රතුවන් මුවෙකු දැක සැතකින් ඔහු මරන්නෙමි යි ලුහු බඳිමින් මුල් සූත්‍රයේ කියන ලද පරිදි ම දිවා විහාරයට හිඳ ගත් තෙරුනට නො දුරින් යයි. ඉක්බිති තෙරණුවෝ ඔහුට “උපාසකය, පාණාතිපාතය නම් වූ මෙය අපායගාමී වුවකි. අල්පායුෂ්ක වන්නකි. වෙනත් ගොවිතැන් වෙළඳාම් ආදි වැඩකින් දරුපවුල පෝෂණය කිරීමට හැක්කේ ය. මේ ආකාරයේ කර්කශ ක්‍රියාවක් නො කරන්න’ යි පැවසූහ. ඔහු ද මහා පංශුකූලික තෙරුන් වහන්සේ පවසති යි ගෞරවයෙන් අසන්නට පටන් ගත්තේ ය. ඉක්බිති ඔහුට ඇසීමේ ආශාව උපදවන්නෙමි යි තෙරණුවෝ පයේ මාපට ඇඟිල්ල දැල්වූහ. හේ ඇස්වලින් බලයි. කන්වලින් අස යි. (එහෙත්) ඔහුගේ සිත, අසුවල් තැනට මුවා ගියා වන්නට ඇත, අසුවල් තැනට බහින්නට ඇති, එතැනට ගොස් ඔහු මරා කැමති තාක් මස් කා සෙස්ස කදකින් ගෙන ගොස් පුතුන් සතුටු කරවන්නෙමි’යි මෙසේ මුවා පස්සෙහි ම ලුහු බඳියි. මෙසේ විසුරුණු සිත් ඇතියහුට දහම් දෙසන තෙරුන් අරභයා ‘ඔවදති’ (අවවාද කරයි) යි කියන ලදි. අජ්ඣභාසි මේ තෙරහු නැති ලීයක් සහින්නාක් මෙන් ද, නැති කෙතක සීසාන්නාක් මෙන් ද තමාගේත් මොහුගේත් ක්‍රියාව විනාශ කරති යි ඔහුට දොස් පවරන්නෙමැයි පැවසී ය.
අප්පපඤ්ඤං නුවණ නැති, අචෙතසං කරුණු දැන ගැනීමට සමත් සිතක් නැති, මන්‍දොව අන්‍ධබාලයෙකු මෙන්, සුණාති ඔබගේ ධර්මකථාව අසයි. න විජානාති එහි අර්ථය ඔහු නො දනී. ආලොකෙති ඔබගේ පෘථග්ජන සෘද්ධියෙන් දිදුලන මහපට ඇඟිල්ල බලයි. න පස්සති මෙහි තෙල් නැත, තිරයක් නැත, ගිනි කබලක් නැත, තෙරුන්ගේ ආනුභාවයෙන් මෙය දැල්වෙතියි යන මේ කරුණ නො දකී. දසපජ්ජොතෙ ඇඟිලි දහයෙහි පහන් දහය, රූපානි කාරණ (හේතු) රූපයන්, චක්‍ඛු ප්‍රඥා චක්‍ෂු, සංවෙගමාපාදි මෙයින් මට කිම? වීර්ය ගෙන පරම විවේකය වූ අර්හත් මාර්ගයට පිවිසියේ ය.
තෙවැනි සූත්‍රය යි.
4. සම්බහුලා සූත්‍ර වර්ණනාව
සතර වැන්නෙහි සම්බහුලා බොහෝ සූත්‍රාන්තිකයෝ ද ආභිධම්මිකයෝ ද විනයධරයෝ ද, විහරන්ති බුදුන් සමීපයෙහි කමටහන් ගෙන වාසය කරති. පක්කමිංසු ඒ ජනපදයෙහි එක් ගමකට යන ඔවුන් දැක මිනිස්සු පහන් සිත් ඇත්තාහු ආසන ශාලාවේ ඇතිරිලි බුමුතුරුණු ආදිය පනවා කැඳ කැවිලි ආදිය දී හිඳගෙන සිටියහ. මහ තෙරුන් වහන්සේ ඒක ධර්ම කථික භික්ෂුවකට ධර්මය දේශනා කරන ලෙස පැවසූහ. උන්වහන්සේ විසිතුරු දහම් කතාවක් පැවැත්වූහ. මිනිස්සු පැහැදී බොජුන් වේලෙහි ප්‍රණීත භෝජන දුන්හ. මහ තෙරහු මනෝඥ වූ භක්තානුමෝදනාවක් කළ සේක. මිනිස්සු වඩාත් සොම්නස් බවින් පහන් වූවෝ ස්වාමීනි, තෙමස මෙහි ම වසනු මැනවි යි ප්‍රතිඥා කරවා ගමනාගමනයට පහසු තැනක සෙනසුන් කරවා සිවු පසයෙන් උපස්ථාන කළහ. මහ තෙරහු වස් එළඹෙන දිනයෙහි භික්‍ෂූන්ට අවවාද කළහ: “ඇවැත්නි, ඔබලා විසින් ගෞරව කටයුතු බුදුන් වහන්සේ සමීපයෙහි කමටහන් ගන්නා ලදි. බුදුවරයකු පහළ වීම නම් දුර්ලභ ය. මාසයේ දින අටක් ධර්ම ශ්‍රවණය කොට, ගණසංගණිකාව (කණ්ඩායම් ගැසී සිටීම) හැර දමා අප්‍රමාදී ව වාසය කරවු’යි. ඔවුහු එවක් පටන් යෙදෙත්, එක්වෙත්. සමහර දිනක මුළු රෑ ධර්මශ්‍රවණය කරති, දිනක ප්‍රශ්න විසඳති, සමහර දිනක දැහැන් වඩති. ඔවුන් ධර්ම ශ්‍රවණය කරන දවසේ ධර්ම කථා පවතිද්දී ම අරුණ නැගෙයි. ප්‍රශ්න විසඳන දවසේ ව්‍යක්ත භික්ෂූහු ප්‍රශ්න අසති. පණ්ඩිත (භික්ෂුව) විසඳයි. ප්‍රශ්න ඇසීම් විසඳීම් කෙරෙද්දී ම (අරුණ නැගෙයි). දැහැන් වඩන දවසේ හිරු බැස යද්දී ගෙඩිය ගසා සක්මනට බැස දැහැන් වඩද්දී ම (අරුණ නැගෙයි). ඔවුහු මෙසේ වස් වැස පවාරණය කොට ඉවත් ව ගියහ. ඒ අරභයා මෙසේ කියන ලදි. පරිදෙවමානා දැන් ඒ ආකාර වූ මිහිරි දහම් ඇසුමක් ප්‍රශ්න ඇසීමක්, කොහෙන් ලබන්නෙම් ද ආදිය කියා හඬමින්,