6. සාරිපුත්ත සූත්ර වර්ණනාව
සය වැන්නේ - පොරියා අක්ෂර ආදියෙන් පරිපූර්ණ වූ, විස්සට්ඨාය පැහැදිලි ලෙස වෙන් කොට දක්වන ලද, බාධා රහිත; කථා කරන ධර්ම සේනාපති (සැරියුත්) හිමියනට පිත ආදියෙන් බාධා නො වන්නා වූ වචන වේ. යකඩ දණ්ඩකින් පහර දෙන ලද ලෝකඩ තැටියකින් එන ශබ්දයක් මෙන් පිටවෙයි. අනෙළගලාය ‘අනෙළාය අගලාය’ නිර්දෝෂ බවින් මෙන් ම නො ගිළිහුණු පද ව්යඤ්ජනයෙන් ද යුත්; කථා කරන තෙරුන් වහන්සේගේ පද හෝ ව්යංජන හෝ නො පිරිහේ (අඩු නො වේ). අත්ථස්ස විඤ්ඤාපනියා අර්ථ හැඟවීමට සමත් වූ; භික්ඛුනං = භික්ඛූනං (භික්ෂූන් හට);
සංඛිත්තෙනපි “චත්තාරිමානි ආවුසො අරියසච්චානි, කතමානි චත්තාරි? දුක්ඛං අරිය සච්චං -පෙ- ඉමානි ඛො ආවුසො චත්තාරි අරිය සච්චානි තස්මාතිහ ආවුසො ඉදං දුක්ඛං අරියසච්චන්ති යොගො කරණීයො” යි මෙසේ සංක්ෂේපයෙන් ද දේශනා කරන සේක. විත්ථාරෙනපි “කතමං ආවුසො දුක්ඛං අරියසච්චං?” යනාදි ක්රමයෙන් ඒවා ම කොටස් කරමින් විස්තර ලෙස ද පවසන සේක. ස්කන්ධ ආදී දේශනාවල ද මේ ක්රමය ම (වේ); සාළිකායිව නිග්ඝොසො මිහිරි අඹ ඵලයක් රස විඳ පියාපත්වලින් වාතය දී මිහිරි සර පිට කරන සැළලිහිණියකගේ හඬ යම් සේ වේ ද, ධර්මය දේශනා කරන තෙරුන්ගේ හඩ එසේ මිහිරි වේ. පටිභානං උදීරයී සමුද්රයෙන් රළ මෙන් අනන්ත වූ ප්රතිභාන (වැටහීම) පැන නගී. ඔධෙන්ති ‘ඔදහන්ති’ කන් යොමු කරත්.
සය වැනි සූත්රය යි.
7. පවාරණ සූත්ර වර්ණනාව
සත් වැන්නෙහි - තදහු ‘තස්මිං අහු’ ඒ දිනයෙහි යනු අර්ථ යි; එත්ථ (මෙහි) උපවසන්ති (සමීපයෙහි වාසය කරති) යි උපොසථො; ‘උපවසන්ති’ යනු ශීලයෙන් හෝ අනුභව නො කිරීමෙන් හෝ යුක්ත වී වසත් යන්න යි. ඒ උපෝසථ දිනය අටවක අමාවක පසළොස්වක වශයෙන් ත්රිවිධ ය. එහෙයින් ඉතිරි දෙක (නො කියා) වැළැක්වීම පිණිස ‘පණ්ණරස’ (පසළොස්වක) යයි කියන ලදි. පවාරණය වස් පවාරණය පිණිස; ‘විසුද්ධි පවාරණා’ යනු ද මීට ම නමකි. නිසින්නො හොති සවස් කාලයෙහි සපැමිණි පිරිසට වේලාවට ගැලපෙන දහමක් දෙසා දිය කොටුවේ අත් පා පිරිසිදු කොට හැඳ පෙරවූ සේක්, සුගත මහාචීවරය ඒකාංශ කොට, මැද කුළුණ ඇසුරු කොට තබන ලද උතුම් බුදු අසුනෙහි පෙර දිගින් නැගි සඳ මඬලේ ශ්රියාව (බුද්ධ) ශ්රීයෙන් අභිභවනය කරමින් වැඩ සිටි සේක. තුණ්හීභූතං තුණ්හීභුතං යම් යම් දෙසකින් බලන්නේ ද ඒ ඒ දෙස නිහඬතාව ම ය. එහි එක් භික්ෂුවකට හෝ අත්වල සදොස් හැසිරීමක් හෝ පාවල සදොස් හැසිරීමක් නැත. සියලු දෙනා නිහඬ වූවෝ ශාන්ත ඉරියව්වකින් සිටියහ. අනුවිලොකෙත්වා දෘශ්යමාන පඤ්ච ප්රසාද නේත්රවලින් බලා; හන්ද අත්හැරීම් අර්ථයෙහි නිපාතයකි. න ච මෙ කිඤ්චි ගරහථ මෙහි ‘න ච කිඤ්චි’ යනු ප්රශ්නාර්ථයෙහි ‘න’ කාරය; කිම මට කුමකට හෝ ගරහන්නහු ද? ඉදින් ගරහන්නහු නම් කියනු මැනවි, ඔබලා පවසනු (දැකීම) කැමැත්තෙමි. කායිකං වාචසිකං වා මෙයින් කාය වචී ද්වාර ම ඉදිරිපත් කරයි. මනෝ ද්වාරය නො වේ. ඇයි? ප්රකට නො වන (නො පෙනෙන) හෙයිනි. කාය වචී ද්වාරවල දෝෂ ප්රකට වේ. මනෝ ද්වාරයෙහි (එසේ) නැත. එක ඇඳෙහි නිදන්නේ වුව ද කුමක් සිතහිදැයි විමසා චිත්තාචාරය දැන ගනී. මනෝද්වාර අප්රකට හෙයින් ඉදිරිප් නො කරයි. අපිරිසිදු බව නිසා නො වේ. භූරිදත්ත ඡද්දන්ත සංඛපාල ධම්මපාල ආදී වූ උන්වහන්සේගේ බෝධිසත්ත්ව කාලයෙහි පවා මනෝ ද්වාරය පිරිසිදු ය. දැන් මෙහි දී කිව යුත්තක් ම නැත.