2. අරති සූත්‍ර වර්ණනාව
දෙවැන්නේ - නික්ඛමති විහාරයෙන් නික්ම යයි. අපරජ්ජුවා කාලෙ දෙවැනි දිනයේ, පිඬු සිඟා යන වේලාවේ හෝ, විහාරයට නැමුණු තෙර නමකි. අරතිඤ්ච රතිඤ්ච ශාසනයෙහි අරතියත් කාමගුණයන්හි රතියත් (ඇල්මත්), සබ්බසො ගෙහසිතඤ්ච විතක්කං පඤ්චකාම ගුණයෙන් යුත් ලෞකික ජීවිතය පිළිබඳ පාප සිතුවිලි ද සර්වාකාරයෙන් දුරු කොට, වනථං කෙළෙස් නමැති මහා වනය, කුහිඤ්චි කිසියම් අරමුණක, නිබ්බනථො නික්ලේශී වනය, අරතො තණ්හාරති රහිත වූ,
පුථුවිඤ්ච වෙහාසඤ්ච පොළොවෙහි පිහිටියාවූ ස්ත්‍රී පුරුෂ වස්ත්‍ර අලංකාර ආදි රූප ද, අහස ඇසුරු කළා වූ සඳ හිරු ආලෝක ආදිය ද රූපගතං ‘රූපං’ම ය. ජගතොගධං ‘ජයතියා ඔගධං’ (ලෝකයෙහි ගැඹුරෙහි) පෘථිවිය ඇතුළත නාගභවනයට ගිය යන අරුත යි. පරිජිය්යති ‘පරිජීරති’ සහමුලින් දිරයි. සබ්බමනිච්චං ඒ සියල්ල අනිත්‍ය යි. මෙය තෙරුන් වහන්සේගේ විපස්සනාව යයි කියත්. එවං සමෙච්ච මෙසේ පැමිණ, චරන්ති මුතන්තා දැන ගන්නා ලද ආත්මභාව ඇති ව වාසය කරත්.
උපධීසු ස්ක්නධ, ක්ලේශ, අභිසංඛාරචල, ගථිතා ගිජු වූවාහු, දිට්ඨසුතෙ ඇසින් දක්නා ලද රූප, කණින් අසන ලද ශබ්ද, පටිඝෙ ච මුතෙ ච මෙහි ‘පටිඝ’ ශබ්දයෙන් ගන්ධ රස ගන්නා ලදි. ‘මුත’ ශබ්දයෙන් ඵොට්ඨබ්බ ආරම්මණය යි. යො එත්ථ න ලිම්පති යමෙක් මේ පඤ්චකාම ගුණයන්හි තෘෂ්ණා දෘෂ්ටි කසටින් නො ගැල්වේ ද?
අථ සට්ඨි නිස්සිතා සවිතක්කා පුථුජනතාය අධම්මා නිවිට්ඨා ඉක්බිති අරමුණු සය ඇසුරු කළ බොහෝ අධර්ම විතර්කයෝ ප්‍රජාව තුළට වැදගන්නාහු ය යනු අර්ථය යි. න ච වග්ගගතස්ස කුහිඤ්චි කිසිදු තැනක ක්ලේශ වර්ගයට පැමිණියේ නො වේ ද, නො පන දුට්ඨුල්ලභාණි ‘දුට්ඨුල්ල’ - දුකුලා නම් ඇවතට අදාළ නැතහොත් අශ්ලීල ලෙස වූ වචන, ‘භාණි’ - පවසන්නෙක් නො වන්නේ ද, ස භික්ඛු හේ මේ අයුරේ ‘භික්ෂුව’ නම් වේ.
දබ්බො දක්ෂ වූ, පණ්ඩිත වූ, චිරරත්තසමාහිතො දිගු කලක් සමාධිගත සිත් ඇත්තේ, නිපකො නිපුණ බවෙන් සමන්විත වූ, පරිණත වූ ප්‍රඥාව ඇත්තේ, අපිහාලු තෘෂ්ණා රහිත වූ, සන්තං පදං නිර්වාණය, අජ්ඣගමා මුනි අවබෝධ කොට ගත් මුනිවරයා, පටිච්චපරිනිබ්බුතො කංඛති කාලං නිවණ නිසා කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනිවියේ පරිනිර්වාණ කාලය අපේක්ෂා කරයි (බලාපොරොත්තු වෙයි).
දෙවැනි සූත්‍රය යි.
3. පෙසල අතිමඤ්ඤනා සූත්‍ර වර්ණනාව
තුන් වැන්නේ - අතිමඤ්ඤති මේ මහල්ලෝ කවරහු ද? ඔවුනට පාළි නැත; අටුවා (ද) නැත; පදව්‍යඤ්ජන මධුරතාව (ද) නැත; අපට පාළියත්, අට්ඨකථාත් න්‍යාය සියයකින් න්‍යාය දහසකින් පිහිටියේ යි ඉක්මවා සිතයි. ගොතමො ගෞතම බුදුන්ගේ ශ්‍රාවක හේතුවෙන් තමා ආමන්ත්‍රණය කරයි. මානපථං මානාරම්මණ මෙන් ම මාන හා එක් වුණු ධර්ම, විප්පටිසාරහුවා ‘විප්පටිසාරි අහුවා’ (විපිළිසර විය) යනු අර්ථ යි. මග්ගජිනො මාර්ගයෙන් දිනන ලද කෙළෙස් ඇත්තේ; කිත්තිඤ්ච සුඛඤ්ච ගුණ වැනීම හා කායික මානසික සුවය ද, අඛිලොධ පධානවා ‘අකිලො ඉධ පධානවනා’ මෙහි චෙතෝඛිල නැති ප්‍රධන් වීර්යය ඇති - විරිය සම්පන්න වූ; විසුද්ධො පිරිසිදු වූයේ වෙයි. අසෙසං ශේෂ කිරීමක් නැති ව, නව විධ වූ; විජ්ජායන්තකරො විද්‍යාවෙන් කෙළෙස්වල කෙළවර තැනූ; සමිතාවී රාගාදීන්ගේ සංසුන් බවින් උපශාන්ත වූ.
සතර වැනි සූත්‍රය යි.
4. ආනන්ද සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - රාගො ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මහා පුණ්යවන්තයහ. සම්මානයට පාත්‍ර වූවාහු ය. රාජ රාජ මහාමාත්‍යාදීහු උන්වහන්සේට ආරාධනය කොට නිවෙස් ඇතුළෙහි වඩා හිඳුවත්. සර්වාලංකාර ප්‍රතිමණ්ඩිත වූ ස්ත්‍රීහු ද තෙරුන් සමීපයට පැමිණ, වැඳ තල් නටුවෙකින් (තල්පතකින්) පවන් සලති. ආසන්නයේ හිඳ ප්‍රශ්න අසති. ධර්මය අසති. එහි අළුත මහණ වූ ආයුෂ්මත් වංගීස තෙරණුවන්ට අරමුණක් අල්ලා ගැනීමට අපොහොසත් වූයෙන් ස්ත්රීරූපාරම්මණ වූ රාගයක් සිත වැනසී ය. හේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ හෙයින් සෘජු ස්වභාව ඇති කුල පුත්‍රයෙක් වූයේ, මගේ මේ රාගය වර්ධනය වී මෙලෝ පරලෝ අර්ථය නසතියි සිතා වහා ම තෙරුනට තමා ගැන අනාවරණය කරන්නේ කාමරාගෙන ආදිය පැවසී ය.
එහි නිබ්බාපනං රාග නිවීම් හේතුවක් (උපායක්) විපරියෙසා විපර්යාස හේතුවෙන්, සුභං රාගූගුපසංහිතං රාගයට හේතුවන ඉෂ්ටාරම්මණයක්, පරතො පස්ස අනිත්‍ය වශයෙන් දකිනු මැනවි. මා ච අත්තතො ආත්ම වශයෙන් නො බලව, කායගතාත්යත්ථු ‘කායගතා තෙ අත්ථු’ (කායගතා සතිය ඔබට වේවා) අනිමිත්තඤ්ච භාවෙහි නිත්‍ය ආදි නිමිති බැහැර කරන හෙයින් විපස්සනාව ‘අනිමිත්තා’ නමි. එය වඩන්නෙහි යි කියයි. මානාභිසමයා මානයේ දර්ශනාභිසමයෙන් මෙන් ම පහාණාභිසමයෙන් ද; උපසන්තො රාගාදිය ශාන්ත වූ හෙයින් උපශාන්ත වූ.
සතර වැනි සූත්‍රය යි.
5. සුභාසිත සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අඞ්ගෙහි කාරණවලින් හෝ (අවයවවලින්) කොටස්වලින්; මුසාවාදයෙන් වෙන්වීම ආදි සතර සුභාෂිතයේ කාරණා යි. සත්‍ය වචන ආදි සතර අවයව කොටස් ය. ‘අංග’ ශබ්දය කාරණ අර්ථය ඇත්තේ ද වේ. චතුහි නිස්සක්ක (පඤ්චමී විභක්ති) වචන වේ. කොටස් (අවයව) අර්ථයෙහි කරණ විභක්ති හෝ වේ. සමන්නාගතා ‘සමනු ආගතා’ - පවත්නා, යුක්ත, වාචා ‘වාචා ගිරා ව්යප්පථො’ (වචනය, පැවසීම, කථා කිරීම) යනුවෙන් ද “නෙළා කණ්ණසුඛා” (කෙළතොලු නො වූ කණට සුවය එළවන) යනුවෙන් ද ආ කථා කරන වචන යි. යම් වචනයක් “යං චෙතසිකං කම්මං” යනුවෙන් (වචී) විඤ්ඤත්ති (ලෙස) ද, “යා චතුහි වචීදුච්චරිතෙහි ආරති -පෙ- අයං වුච්චති සම්මා වාචා” යනුවෙන් විරති වාචා (ලෙස) ද, “ඵරුසා වාචා භික්ඛවෙ ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා හොති” යනුවෙන් “චෙතනාවාචා” (ලෙස) ද පැමිණියේ ද, එය මෙහි අදහස් නො කරන ලදි. මක් නිසා ද? නො පැවසිය යුතු හෙයිනි. සුභාසිතා මැනවින් ප්‍රකාශ කරන ලද; එයින් මෙහි අර්ථය ගෙන එන බැව් දක්වයි. න දුබ්භාසිතා දුෂ්ට ලෙස ප්‍රකාශ කරන ලද; එයින් මෙහි අනර්ථය ගෙන එන බැව් දක්වයි. අනවජ්ජා රාගාදි වැරදි රහිත වූ; මෙයින් එහි කාරණ ශුද්ධියත් දෝෂ සතර නොමැති බවත් දක්වයි. අනනුවජ්ජා දොස් පැවරීමෙන් මිදුනා වූ; මෙයින් එහි සර්වාලංකාර සම්පත්තිය දක්වා ලයි. විඤ්ඤූනං පණ්ඩිතයන්ගේ. එයින් (මේ වචනයෙන්) නින්දා ප්‍රශංසා සම්බන්ධයෙන් බාලයෝ ප්‍රමාණ (ප්‍රාමාණික) නො වෙති යි දක්වයි.