7. නවකම්මික සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - නවකම්මික භාරද්වාජො හේ කැලයෙහි ගස් කපවා එහි ම ප්‍රාසාදමහල් ගෙවල් ආදිය තනවා නගරයට ගෙනැවිත් විකුණ යි. මෙසේ අළුත් වැඩ පදනම් කොට ගෙන ජීවත් වෙති යි “නවකම්මිකො,” ගෝත්‍රයෙන් “භාරද්වාජො” යි= ‘නව කම්මික-භාරද්වාජො,” දිස්වානස්ස එතදහොසි ෂඩ්වර්ණ රශ්මි විහිදුවා වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ දැක ඔහුට මෙසේ සිතිණි. වනස්මිං මේ වන ලැහැබේ. උච්ඡින්නමූලං මෙ වනං මගේ කෙළෙස් වනය මුල් උදුරන ලද. නිබ්බනථො නික්ලේශී වනය එකො රමෙ හුදෙකලා ව සිත් සතුටු කරවමි. අරතිං විප්පහාය ප්‍රාන්ත සේනාසනවලත් භාවනාවෙහිත් උකටලී බව බැහැර කොට.
සත් වැනි සූත්‍රය යි.
8. කට්ඨහාර සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අන්තෙවාසිකා වතාවත් කොට ශිල්ප ඉගෙන ගන්නා ධර්මාන්තේවාසිකයෝ, නිසින්නං ෂඩ් වර්ණ රශ්මි විහිදුවා වැඩ සිටින, ගම්භීරරූපෙ ගැඹුරු ස්වභාවය ඇති.
බහුභෙරවෙ එහි ඇති සවිඥානක අවිඥානක මහත් බියවලින් බොහෝ බිය ඇති. විගාහිය පිවිස, අනිඤ්ජමානෙන (නො සැළෙන) ආදිය කාය විශේෂණ යි. මෙ බඳු සිරුරකින් යුතු ව යන අර්ථ යි. සුන්‍දර රූපං වත අති සුන්දර වූ ධ්‍යානයක් වඩයි’ කියයි.
වනවස්සිතො මුනි වනං අවස්සිතො’ වනයෙහි විසූ (වනය ඇසුරු කළ) බුද්ධ නම් වූ මුනිවරයා ඉදං ඔබ වහන්සේ මෙසේ වනයේ සිටිතැයි යන කාරණය මට අච්ඡෙරරූපං පටිභාති (ආශ්චර්ය ස්වභාවයක් සේ වැටහේ); පීතිමනො සතුටු සිත් ඇත්තේ, වනෙ වසෙ වනයෙහි වසන්නෙහි.
මඤ්ඤාමහං “මඤ්ඤාමි අහං” (මම හඟිමි) ලොකාධිපතිං සහව්‍යතං ලෝකාධිපති මහා බ්‍රහ්මයා සමග එක් ව විසීම, ආකංඛමානො කැමති වෙමින්, තිදිවං අනුත්තරං මෙය බ්‍රහ්ම ලෝකය ම අරභයා කී ය. කස්මා භවං විජනමරඤ්ඤමස්සිතො (භවත, කුමක් හෙයින් මිනිසුන්ගෙන් තොර වූ වනය ඇසුරු කළේ ද?) මම තවදුරටත් බ්‍රහ්ම ලෝකය කැමැති වෙමින් (සිටිමි) යි සිතමි. ඉදින් (ඔබට) එවැන්නක් නොමැති නම් මට කියනු මැනවි. කස්මා භවං යි විමසයි. බ්‍රහ්මපත්තියා ශ්‍රේෂ්ඨ බවට පත්වීම පිණිස. මෙහි මේ තපස කුමක් නිසා කරහි දැයි වෙනත් ආකාරයකින් ද විමසයි.
කඞ්ඛා තණ්හා, අභිනන්‍දනා අභිනන්‍දන වශයෙන් තණ්හාව ම කියන ලදි. අනෙකධාතුසු නොයෙක් ස්වභාව ඇති අරමුණුවල පුථු නානාප්‍රකාර වූ තෘෂ්ණාව, සෙසු කෙළෙස් හෝ, සදාතිසා නිරතුරු ව විසූ, අඤ්ඤාණමූලප්පභවා අවිද්‍යාව මුල් කොට ගෙන උපන්, පජප්පිතා මෙයත් මගේ ය යි තෘෂ්ණාව ඇති කිරීම් වශයෙන් තෘෂ්ණාව ම ‘පජප්පිතා’ නමැයි කියන ලදි. සබ්බා මයා ඛ්‍යන්තී කතා සියලු තෘෂ්ණාවෝ මා විසින් අග්‍රමාර්ගයෙන් අවසානයට පත් කරන ලදහ. සීමාවක් නැතිකරන ලදහ. සමුලිකා අඥාන මුලය ද සමග,
අනුපයො උපගමන (ළංවීම්) රහිත වූ සබ්බෙසු ධම්මෙසු විසුද්ධදස්සනො (සියලු ධර්මයන්හි විශුද්ධ දර්ශන ඇත්තෙමි) මෙයින් සර්වතාඥානය දක්වයි. සම්බොධිමනුත්තරං අර්හත් භාවය අරභයා කී ය. සිවං ශ්‍රේෂ්ඨ. ඣායාමි ධ්‍යාන දෙකින් දැහැන් වඩමි. විසාරදො බයාදු බව පහවූයේ.
අට වැනි සූත්‍රය යි.
9. මාතුපොසක සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - පෙච්ච මෙලොවින් චුත ව.
නව වැනි සූත්‍රය යි.
10. භික්ඛක සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - ඉධ මේ භික්‍ෂු භාවයෙහි. විස්සං ධම්මං දුර්ගන්ධ ව අකුශල ධර්මය, බාහිත්‍වා අග්‍රමාර්ගයෙන් පහ කොට, සංඛාය ඥානයෙන් සවෙ භික්‍ඛූති වුව්චති හේ භින්න වූ (බිඳින ලද්දා වූ) කෙළෙස් ඇති බැවින් භික්ෂුව යි කියති.
දස වැනි සූත්‍රය යි.
11. සඞ්ගාරව සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නේ - පච්චෙති ‘ඉච්ඡති, පත්‍ථෙති’ කැමති වෙයි, ප්‍රාර්ථනා කරයි. සාධු භන්තෙ ඉල්ලා සිටිමින් පැවසී ය. ඔහු තෙරුන්ගේ ගිහි සහායකයා ය. එහෙයින් තෙරුන් වහන්සේ මේ නීචයා (කාලකණ්ණියා) මා සහායකු ලෙස ලැබ ද මිථ්‍යාදෘෂ්ටිය ගෙන අපාය පුරවන්නෙකු නො වේවා යි ඉල්ලා සිටී. එසේ ම ඔහු මහ පිරිවර ඇත්තේ (විය) ඔහු කෙරෙහි පැහැදුණු පන්සියයක් පවුල් ද (ඔහු) අනුගමනය කරති යි සිතා ද ඉල්ලා සිටී. අත්‍ථවසං අභිවෘද්ධි ඵලයක්, අර්ථ හේතුවක්, පාපං පාණාතිපාත ආදි අකුශලයක්, පවාහෙමි ගෙළ දක්වා ප්‍රමාණයට බැස පා කොට හරිමි. පළවා හරිමි. ධම්මො ගාථා කියන ලද අර්ථ ම ය.
එකොළොස් වැනි සූත්‍රය යි.