3. ගොතමී සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - කිසා ගොතමි මස් ලේ අල්ප බව හේතුවෙන් කෘශ (කෙට්ටු) වූ ‘ගෝතමි’ යනු ඇගේ නම යි. පෙර සැවැත්නුවර එක් පවුලක අසූ කෝටියක් වූ ධනය සියල්ල අඟුරු බවට පත්විය. ගෙහිමියා අඟුරු බවට පත් වූ ද, ගෙනැවිත් ඒකාන්තයෙන් පුණ්‍යවන්තයෙක් වන්නේ ද ඔහුගේ පිනෙන් යළි ප්‍රකෘති ස්වභාවයට පත් වන්නේ යයි රන්රුවන් සැළි පුරවා කඩපිළෙහි තබා අසළ සිටියේ ය. ඉක්බිති එක් දුප්පත් කුල දැරියක් අඩ මස්සක් ගෙන දර අත්තක් ගෙනෙන්නෙමියි නගර ගියා ය. ඒ දැක ගෙහිමියාගෙන් (මෙසේ) විමසුවා ය. කඩ පිළෙහි ධනය මෙපමණ නම් ගෙදර කොපමණ වන්නේ ද? මෑණියන් කුමක් දැක මෙසේ කියයි ද? මේ රන් රුවන්ය. හේ මැය පින්වතියක් වන්නේ යයි ඇය පදිංචිව සිටින තැන විමසා “කඩ පිළෙහි භාණ්ඩ තැන්පත් කර ඇගේ මව්පියන් වෙත පැමිණ මෙසේ පැවසී ය. අපේ නිවසට වියට පත් දරුවෙක් සිටී. ඔහුට මේ දැරිය දෙනු මැනවි කීය. ස්වාමීනි, දුප්පතුන් සමග සෙල්ලම් කරන්නෙහි ද? “මිත්‍රත්වය දුප්පතුන් සමග ද වේ. ඇය දෙනු මැනවි. ඇය පවුලේ ස්වාමිදුව වන්නී ය” යි ඇය රැගෙන නිවසට පැමිණියේ ය. සංවාසයෙන් පසුව පුතකු වැදුවා ය. පුත්‍රයා පියවරින් පියවර ඇවිදින කාලයේ කළුරිය කළේ ය. ඇය දුප්පත් පවුලක ඉපිද ධනවත් පවුලකට ගොස් වුව ද පුත්‍ර විනාශයට පැමිණියෙමියි උපන් බලවත් ශෝකයෙන් පුතා මිහිදන් කිරීමෙන් වළක්වා ඒ මළ සිරුර ගෙන නගරයෙහි වැළපෙමින් සැරිසරයි.
එක් දිනක් මහත් වූ බුද්ධ බලයෙන් යුක්ත වූ බුදුන් වහන්සේ ළඟට පැමිණ භාග්‍යවතුන් වහන්ස, මගේ පුතාගේ රෝග නොමැති බවට (නිරෝගී වීමට) බෙහෙතක් දෙනු මැනවි යි පැවසුවා ය. “යන්න සැවැත් නුවර ඇවිද යම් ගෙයක පෙර මළ කෙනෙකු නැද්ද? එයින් සුදු අබ ටිකක් ගෙනෙන්න (එය) ඔබගේ පුතාට බෙහෙත් වන්නේ ය” යි (කී සේක.) ඈ නගරයට පිවිස, ප්‍රධාන ගෙදර සිට බුදුන් වහන්සේ විසින් පවසන ලද පරිදි ගොස් සුදු අබ ඉල්ලන්නී ගෙයක් ගෙයක් පාසා ඔබ මෙවැනි දෙයක් කොහෙන් දැක්කෙහි ද? යි පවසන ලද්දී ගෙවල් කිහිපයක ඇවිද සියල්ලන්ට ම මේ ස්වභාවය යි මගේ පුතාට පමණක් නො වේ යි ශාලාවෙහි මළ කඳ දමා පැමිණ පැවිද්ද පැතුවා ය, බුදුන් වහන්සේ මැය පැවිදි කරව යි භික්‍ෂුණී අසපුව වෙත යැවූ සේක, හිස බූ ගාන තැන දී ම අර්හත් භාවයට පැමිණියා ය. මේ තෙරණිය අරබයා අථ ඛො කිසාගොතමි යි කියන ලදි.
එකමාසි ‘එකා ආසි’ (හුදෙකලා ව සිටියා ය.) රුදම්මුඛී යනු හඬන මුවක් ඇත්තී මෙන් අච්චන්තං මත පුත්තාමහි යන මෙහි ‘අන්තරං අතීතං’ අච්චන්තං, මෙය භාවනපුංශක යි. කියන ලද්දේ මෙය යි. යම් සේ පුත්‍ර මරණයෙන් වන අවසානයක් අතීත වී ද, එසේ මම මළ පුතෙකු ඇත්තියකි. දැන් මට යළි පුත්‍ර මරණයක් නම් නැත. පුරිසා එතදන්තිකාං මට පුරුෂයෝ ද ඒ අවසානය ම ඇත්තාහු වෙත් මට පුත්‍ර මරණයේ යම් අන්තයක් (කෙළවරක්) වී ද මට පුරුෂයන්ගේ කෙළවර ද එය ම ය. මට දැන් පුරුෂයන් සෙවීම අභව්‍යය (නො සිදුවේ ය). සබ්බත්‍ථ විහතා නන්‍දි සියලු ස්කන්ධ, ආයතන, ධාතු, භව, යෝනි ගති, ස්ථිති නිවාස ආදි සියලු තන්හි මගේ තෘෂ්ණාව නසන ලදි. තමොක්‍ඛන්‍ධො අවිද්‍යා ස්කන්ධය පදාලිතො ඥානයෙන් බිඳින ලදි.
තුන් වැනි සූත්‍රය යි.
4. විජයා සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - පඤ්චඞ්ගිකෙන යනු ආතන, චිතත, විතත, ආතත විතත, ඝන, සුසිර යන අංග පසකින් සමන්විත, නිය්‍යාතයාමි තුය්හෙවා යනු සියල්ල ඔබට ම දෙමි නානං තෙනත්‍ථිකා මම එයින් වැඩක් ඇති තැනැත්තියක් නො වෙමි (=මට අන් වැඩක් නැත) පුතිකායෙන ස්වර්ණ වර්ණ වුව ද, සිරුර, නිතර වැගිරෙන වෑස්සෙන අර්ථයෙන් කුණු ගඳ ගසන සිරුරක් මය, එහෙයින් මෙසේ කී ය. භින්‍දනෙන බිඳෙන ස්වභාවය හේතුවෙන් පහඞ්ගුණ සුණු විසිණු බවට පත්වන ස්වභාවය හේතුවෙන් අට්ඨියාමි ‘අට්ඨා’ පීඩාවට පත් වූයේ වෙමි. හරායාමි ලජ්ජා වෙමි. සන්තා සමාපන්තී අෂ්ට විධ ලෞකික සමාපත්ති. ආරම්මණ ශාන්තත්වයෝ හා අංග ශාන්තත්වයෙන් ‘ශාන්ත වූ’ යි කියන ලදි. සබ්බත්‍ථ සියලු රූප අරූපභවවල, මේ භවදෙක ගන්නා ලද බැවින් කාම භවය ද ගත්කල සමාපත්ති අටෙහි යි ඒ සියලු තැන්වල මගේ අවිද්‍යා අඳුර නසන ලද්දේ ය කියයි.
සිවු වැනි සූත්‍රය යි.
5. උප්පලවණ්ණා සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - සුපුප්ථිතග්ගං අග පටන් මනා සේ මල් පිපි සල් රුක න වත්‍ථි තෙ දුතියා වණ්ණධාතු ඔබගේ වර්ණ ධාතුව හා සමාන දෙ වැනි වර්ණ ධාතුවක් නැත. ඔබ හා සමාන වෙනත් භික්‍ෂූණියක් නැත” යි කියයි. ඉධාගතා තාදිසකා භවෙයසුං යම් සේ ඔබ මෙහි පැමිණියා කිසියම් සත්‍ථවයක් හෝ සෙනෙහසක් හෝ නො ලබන්නෙහි ද එසේ ම ඔවුහූ ද ඔබ හා සමාන වන්නාහු ය. පඛුමත්තරිකායං ඇස් දෙක මැද නැහැ වසමෙහි සිටින මා නොදක්නෙහි වසීභූතමහි වසී වූවා වෙමි.
පස් වැනි සූත්‍රය යි.
6. චාලා සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - කොනුතං ඉදමාදපයි ජාතිං මාරොචෙසි යනු මන්ද බුද්ධිකකවර බාලයෙක් ඔබට මෙසේ (අදහස්) ගැන්වූයේ ද? පරිකෙලසං යනු අන්‍ය වූ නානා ප්‍රකාර උපද්‍රව ද, දැන් මාරයා මෙය කී ය. කවරෙක් නම් මේ (දෘෂ්ටිය) ගැන් වී ද? එය කියන්නී මට අන්ධබාලයෙක් නො පැවසී ය. ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන බුදුන් වහන්සේ ධර්මය දෙසතියි දක්වනු පිණිස ‘බුද්ධො’ ආදිය පැවසී ය. එහි සචෙච නිවෙසයී පරමාර්ථ සත්‍යය වූ නිර්වාණයෙහි පිහිටු වී ද? නිරොධං අප්පජානන්තා යනු නිරෝධ සත්‍යය නො දන්නා,
සය වැනි සූත්‍රය යි.
7. උපචාලා සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - එන්ති මාරවසං පුනා යනු යළි යළිත් මෘත්‍ය මාර, ක්ලේශ මාර, දේවපුත්‍රමාරයන්ගේ වසඟයට පැමිණෙත්. පධුපිතො සන්තාපිත වූ අගති යත්‍ථ මාරස්ස යම් තැනක ඔබට මාරයාගේ ප්‍රවේශය නැද්ද තත්‍ථ - ඒ නිවනෙහි ය.
සත් වැනි සූත්‍රය යි.
8. සීසූපචාලා සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - සමණි විය දිස්සසි යනු ශ්‍රමණ තැනැත්තියක (මෙහෙණක) මෙන් පෙනෙන්නෙහි කිමිව චරසි මොමූහා කුමන කරුණක් නිසා මුළා වූ තැනැත්තියක ලෙස සැරිසරන්නෙහි ද? ඉතො බහිද්ධා මේ ශාසනයෙන් බැහැර පාසං (තොණ්ඩුව) ඔඩ්ඩෙන්ති (අටවති) යි පාසණ්ඩා සත්ත්වයන්ගේ සිත්වල දිට්ඨිපාසය (දෘෂ්ටි තොණ්ඩුව) හෙළන්නී යන අරුත යි. ශාසනය වනාහි තොණ්ඩුව මුදා හරි. එහෙයින් පාසණ්ඩ යි නො කියනු ලැබේ. මෙයින් බැහැර ව ම පාසණ්ඩයෝ වෙත්. පසීදන්ති - ගිලෙත් ලැගෙත්,