4. විජයා සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - පඤ්චඞ්ගිකෙන යනු ආතන, චිතත, විතත, ආතත විතත, ඝන, සුසිර යන අංග පසකින් සමන්විත, නිය්යාතයාමි තුය්හෙවා යනු සියල්ල ඔබට ම දෙමි නානං තෙනත්ථිකා මම එයින් වැඩක් ඇති තැනැත්තියක් නො වෙමි (=මට අන් වැඩක් නැත) පුතිකායෙන ස්වර්ණ වර්ණ වුව ද, සිරුර, නිතර වැගිරෙන වෑස්සෙන අර්ථයෙන් කුණු ගඳ ගසන සිරුරක් මය, එහෙයින් මෙසේ කී ය. භින්දනෙන බිඳෙන ස්වභාවය හේතුවෙන් පහඞ්ගුණ සුණු විසිණු බවට පත්වන ස්වභාවය හේතුවෙන් අට්ඨියාමි ‘අට්ඨා’ පීඩාවට පත් වූයේ වෙමි. හරායාමි ලජ්ජා වෙමි. සන්තා සමාපන්තී අෂ්ට විධ ලෞකික සමාපත්ති. ආරම්මණ ශාන්තත්වයෝ හා අංග ශාන්තත්‍වයෙන් ‘ශාන්ත වූ’ යි කියන ලදි. සබ්බත්ථ සියලු රූප අරූපභවවල, මේ භවදෙක ගන්නා ලද බැවින් කාම භවය ද ගත්කල සමාපත්ති අටෙහි යි ඒ සියලු තැන්වල මගේ අවිද්‍යා අඳුර නසන ලද්දේ ය කියයි.
සිවු වැනි සූත්‍රය යි.
5. උප්පලවණ්ණා සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - සුපුප්ථිතග්ගං අග පටන් මනා සේ මල් පිපි සල් රුක න වත්ථි තෙ දුතියා වණ්ණධාතු ඔබගේ වර්ණ ධාතුව හා සමාන දෙ වැනි වර්ණ ධාතුවක් නැත. ඔබ හා සමාන වෙනත් භික්ෂූණියක් නැත” යි කියයි. ඉධාගතා තාදිසකා භවෙයසුං යම් සේ ඔබ මෙහි පැමිණියා කිසියම් සත්ථවයක් හෝ සෙනෙහසක් හෝ නො ලබන්නෙහි ද එසේ ම ඔවුහූ ද ඔබ හා සමාන වන්නාහු ය. පඛුමත්තරිකායං ඇස් දෙක මැද නැහැ වසමෙහි සිටින මා නොදක්නෙහි වසීභූතමහි වසී වූවා වෙමි.
පස් වැනි සූත්‍රය යි.
6. චාලා සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - කොනුතං ඉදමාදපයි ජාතිං මාරොචෙසි යනු මන්ද බුද්ධිකකවර බාලයෙක් ඔබට මෙසේ (අදහස්) ගැන්වූයේ ද? පරිකෙලසං යනු අන්‍ය වූ නානා ප්‍රකාර උපද්‍රව ද, දැන් මාරයා මෙය කී ය. කවරෙක් නම් මේ (දෘෂ්ටිය) ගැන් වී ද? එය කියන්නී මට අන්ධබාලයෙක් නො පැවසී ය. ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන බුදුන් වහන්සේ ධර්මය දෙසතියි දක්වනු පිණිස ‘බුද්ධො’ ආදිය පැවසී ය. එහි සචෙච නිවෙසයී පරමාර්ථ සත්‍යය වූ නිර්වාණයෙහි පිහිටු වී ද? නිරොධං අප්පජානන්තා යනු නිරෝධ සත්‍යය නො දන්නා,
සය වැනි සූත්‍රය යි.
7. උපචාලා සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - එන්ති මාරවසං පුනා යනු යළි යළිත් මෘත්ය මාර, ක්ලේශ මාර, දේවපුත්රමාරයන්ගේ වසඟයට පැමිණෙත්. පධුපිතො සන්තාපිත වූ අගති යත්ථ මාරස්ස යම් තැනක ඔබට මාරයාගේ ප්‍රවේශය නැද්ද තත්ථ - ඒ නිවනෙහි ය.
සත් වැනි සූත්‍රය යි.
8. සීසූපචාලා සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - සමණි විය දිස්සසි යනු ශ්‍රමණ තැනැත්තියක (මෙහෙණක) මෙන් පෙනෙන්නෙහි කිමිව චරසි මොමූහා කුමන කරුණක් නිසා මුළා වූ තැනැත්තියක ලෙස සැරිසරන්නෙහි ද? ඉතො බහිද්ධා මේ ශාසනයෙන් බැහැර පාසං (තොණ්ඩුව) ඔඩ්ඩෙන්ති (අටවති) යි පාසණ්ඩා සත්ත්වයන්ගේ සිත්වල දිට්ඨිපාසය (දෘෂ්ටි තොණ්ඩුව) හෙළන්නී යන අරුත යි. ශාසනය වනාහි තොණ්ඩුව මුදා හරි. එහෙයින් පාසණ්ඩ යි නො කියනු ලැබේ. මෙයින් බැහැර ව ම පාසණ්ඩයෝ වෙත්. පසීදන්ති - ගිලෙත් ලැගෙත්,
දැන් කවුරුන් උදෙසා හිස මුඩු කර ගනිත් දැයි ප්‍රශ්න විචාරන්නී අත්ථි සාක්යකුලෙ ජාතො ආදිය කීවා ය. එහි සබ්බාභිභුසාද්රෙ ස්කන්ධ ආයතන ධාතු භව යෝනි ගති ආදී සියල්ල අභිබවා සිටී. මරණ මාර ආදීන් ‘නුදි’ වෙතැයි බැහැර ලයි. මාර නුඳෙ සබ්බත්ථමපරාජිතො සියලු රාගාදියෙහි හෝ මාර යුද්ධයෙහි අපරාජිත වූ සබ්බත්ථමුත්තො ස්කන්ධ ආදී සියලු දෙයින් මිදුණු, අසිකො තෘෂ්ණා අෂ්ටි ඇසුරක් නො කළ සබ්බකම්මක්ඛ සප්පත්තො උපධි සංඛ්‍ය සංඛ්‍යාත වූ නිර්වාණයෙහි ආරම්මණයෙන් මිදුණි.
අට වැනි සූත්‍රය යි.
9. සේලා සූත්‍ර වර්ණනාව
නව වැන්නෙ - කෙනිදං පකතං යනු කවුරුන් විසින් මෙය කරන ලද ද? බිම්බං ආත්මභාවය අරබයා කියයි. අසං යන දුකෙහි පිහිට බැවින් ආත්මභාවය ම කියති. හෙතුභඞ්ගා හේතුනිරෝධයෙන් ප්‍රත්‍යය චෛකල්යයෙන් (වෙනස් බැවිනි).
නව වැනි සූත්‍රය යි.
10. වජිරා සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - නයිධසත්තුපලබ්භති යනු මේ ශුද්ධ සංස්කාර ලොව තුළ පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නම් නො ලැබේ. ඛන්ධෙසු සන්තෙසු ස්කන්ධ පහ ඒ ඒ ආකාරයට ව්‍යවස්ථාපිත ලෙස විද්‍යාමාන වූ කල්හි. සම්මුති සත්ත්වයා යන හැඳින්වීම් මාත්‍රය ම වේ. දුක්ඛං පඤ්චස්කන්ධය දුකය. නාඤ්ඤත්ර දුක්ඛා දුක හැර අනිකක් නො හට ගන්නේ ම ය. නිරුද්ධ නො වන්නේ ය.
දස වැනි සූත්‍රය යි.
මෙසේ භික්ෂුණී සංයුක්ත වර්ණනාව නිමියේ ය.
6. බ්‍රහ්ම සංයුත්තය
1. කෝකාලික වර්ගය
1. ආයාචන සූත්‍ර වර්ණනාව
බ්රහ්මසංයුත්තයෙහි පළමු වැන්නෙහි - පරිවිතක්කො උදපාදී සියලු බුදුන් වහන්සේලාට ආචිණ්ණ සමාචිණ්ණ වූ (පුහුණු කල නිතර මනා ලෙස පුහුණු කළ) සිතෙහි වූ මේ සිතිවිල්ල පහළවිය. කෙදිනක පහළ වී ද යත්: බුදු බවට පත් ව අට වැනි සතියෙහි රාජායතන මුලෙහි දෙවියන්ගේ රජු වූ ශක්‍රයා විසින් ගෙනෙන ලද දැහැටි ඔසු අරළු ද විකා මුව දොවා ලෝකපාලකයන් සිවු දෙනා විසින් ගෙනෙන ලද අගනා සෙල්මුවා පාත්‍රයෙහි තපස්සු භල්ලිකයන්ගේ පිණ්ඩපාතය වළඳා, යළිත් ආපසු පැමිණ අජපාල නිග්රෝධයෙහි සිටි මොහොතේ ය.
අධිගතො අවබෝධ කරන ලද ධම්මො චතුරාර්ය සත්‍ය ධර්මය ගම්භීරො නො ගැඹුර ප්‍රතික්ෂේප කරන වචනයකි මෙය. දුද්දසො ගැඹුරු බව නිසා ම දැකීමට අපහසු, දුරනුබොධො දුකෙන් (අමාරුවෙන්) අවබෝධ කළ යුතු, පහසුවෙන් අවබෝධ කර ගැනීමට නො හැක්කේ සන්තො නිවුණු පණීතො ප්‍රණීත වූ මේ දෙක ම ලෝකෝත්තර බැව් අරභයා කියන ලදි. අතක්කාවචරො තර්කයෙන් විමසිය යුතු, (නිගමනයට) බැසිය යුතු නො වේ. ඥානයෙන් ම විමසිය යුත්තේ වේ. නිපුණා දක්ෂ පණ්ඩිතවෙදනීයා සම්මා පටිපදාවට පිළිපන් පණ්ඩිතයන් විසින් දත යුතු, ආලයරාමා සත්ත්වයෝ පඤ්චකාම ගුණවල ඇලෙති. එහෙයින් ඔවුහු ‘ආලයා’ යි කියත්. එකසිය අටක් වූ තෘෂ්ණා හැසිරීම්හි හෝ ඇළෙන; එහෙයින් ද ‘ආලයා’ යි කියත්. ඒ ආලයන් මගින් විනෝද වෙති යි ආලයරාමා; ආලයන්හි අනුරාග වූයේ ආලයරතා; ආලයන්හි පිනවන ලදැයි ආලයසම්මුදිතා. යම් සේ මැනවින් සකස් කළ මල් පලවලින් බරවුණු රුක් (ආදියෙන් යුතු) උයනකට පිවිස රජතුමා ඒ සම්පතින් විනෝද වෙයි ද, පිනවීමට පත් ව ආමෝදිත ප්රමෝදිත බවට පත් වූයේ වෙයි ද උකටලී නො වී සවස් වී පවා නික්මීමට නො කැමති වෙයි ද, එසේ ම මේ කාමාලය තණ්හාලය සමගින් සත්ත්වයා විනෝද වෙත්. සංසාර වෘත්තයෙහි පිනවූවෝ උකටලී නො වූවෝ ම වසත් ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ආලය දෙයාකාරයකට උයන් බිමක් ලෙස දක්වන්නාහු ‘ආලයරාමා’ යි වදාළ සේක.