2. සොමා සූත්‍ර වර්ණනාව
දෙවැන්නේ - ඨානං අර්හත් බව දුරභිසම්බ වං මැඩපැවැත්විය නා හැකි ද්වඞ්ගුපඤ්ඤාය අල්ප ප්‍රඥාවක් ඇත්තියක විසින්, යම් සේ ඇඟලි දෙකකින් කපුවැටිය ගෙන නූල තනත් ද ‘ද්වඞ්ගූල පඤ්ඤ” “දෑඟිල්ලේ නුවණ ඇත්තී” යි කියනු ලැබේ. ඤාණම්හි වත්තමානම්හි ඵල සමාපත්ති ඥානය පවත්නා කල්හි සම්මා ධම්මං විපස්ස තො සත්‍ය ධර්ම සතර මැනවින් දක්නා තැනැත්තාට, විපස්සනාවේ පූර්ව භාගයෙන් ආරම්මණ භූත වූ ස්කන්ධ පඤ්චකය හෝ, කිඤ්චි වා පන අඤ්ඤස්මිස්සං අන්‍ය වූ කිසිවක් හෝ “මම වෙමි” යි තණ්හා දිට්ඨි මාන වශයෙන් යමෙකුට වේ ද?
දෙ වැනි සූත්‍රය යි.
3. ගොතමී සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - කිසා ගොතමි මස් ලේ අල්ප බව හේතුවෙන් කෘශ (කෙට්ටු) වූ ‘ගෝතමි’ යනු ඇගේ නම යි. පෙර සැවැත්නුවර එක් පවුලක අසූ කෝටියක් වූ ධනය සියල්ල අඟුරු බවට පත්විය. ගෙහිමියා අඟුරු බවට පත් වූ ද, ගෙනැවිත් ඒකාන්තයෙන් පුණ්‍යවන්තයෙක් වන්නේ ද ඔහුගේ පිනෙන් යළි ප්‍රකෘති ස්වභාවයට පත් වන්නේ යයි රන්රුවන් සැළි පුරවා කඩපිළෙහි තබා අසළ සිටියේ ය. ඉක්බිති එක් දුප්පත් කුල දැරියක් අඩ මස්සක් ගෙන දර අත්තක් ගෙනෙන්නෙමියි නගර ගියා ය. ඒ දැක ගෙහිමියාගෙන් (මෙසේ) විමසුවා ය. කඩ පිළෙහි ධනය මෙපමණ නම් ගෙදර කොපමණ වන්නේ ද? මෑණියන් කුමක් දැක මෙසේ කියයි ද? මේ රන් රුවන්ය. හේ මැය පින්වතියක් වන්නේ යයි ඇය පදිංචිව සිටින තැන විමසා “කඩ පිළෙහි භාණ්ඩ තැන්පත් කර ඇගේ මව්පියන් වෙත පැමිණ මෙසේ පැවසී ය. අපේ නිවසට වියට පත් දරුවෙක් සිටී. ඔහුට මේ දැරිය දෙනු මැනවි කීය. ස්වාමීනි, දුප්පතුන් සමග සෙල්ලම් කරන්නෙහි ද? “මිත්‍රත්වය දුප්පතුන් සමග ද වේ. ඇය දෙනු මැනවි. ඇය පවුලේ ස්වාමිදුව වන්නී ය” යි ඇය රැගෙන නිවසට පැමිණියේ ය. සංවාසයෙන් පසුව පුතකු වැදුවා ය. පුත්‍රයා පියවරින් පියවර ඇවිදින කාලයේ කළුරිය කළේ ය. ඇය දුප්පත් පවුලක ඉපිද ධනවත් පවුලකට ගොස් වුව ද පුත්‍ර විනාශයට පැමිණියෙමියි උපන් බලවත් ශෝකයෙන් පුතා මිහිදන් කිරීමෙන් වළක්වා ඒ මළ සිරුර ගෙන නගරයෙහි වැළපෙමින් සැරිසරයි.
එක් දිනක් මහත් වූ බුද්ධ බලයෙන් යුක්ත වූ බුදුන් වහන්සේ ළඟට පැමිණ භාග්‍යවතුන් වහන්ස, මගේ පුතාගේ රෝග නොමැති බවට (නිරෝගී වීමට) බෙහෙතක් දෙනු මැනවි යි පැවසුවා ය. “යන්න සැවැත් නුවර ඇවිද යම් ගෙයක පෙර මළ කෙනෙකු නැද්ද? එයින් සුදු අබ ටිකක් ගෙනෙන්න (එය) ඔබගේ පුතාට බෙහෙත් වන්නේ ය” යි (කී සේක.) ඈ නගරයට පිවිස, ප්‍රධාන ගෙදර සිට බුදුන් වහන්සේ විසින් පවසන ලද පරිදි ගොස් සුදු අබ ඉල්ලන්නී ගෙයක් ගෙයක් පාසා ඔබ මෙවැනි දෙයක් කොහෙන් දැක්කෙහි ද? යි පවසන ලද්දී ගෙවල් කිහිපයක ඇවිද සියල්ලන්ට ම මේ ස්වභාවය යි මගේ පුතාට පමණක් නො වේ යි ශාලාවෙහි මළ කඳ දමා පැමිණ පැවිද්ද පැතුවා ය, බුදුන් වහන්සේ මැය පැවිදි කරව යි භික්‍ෂුණී අසපුව වෙත යැවූ සේක, හිස බූ ගාන තැන දී ම අර්හත් භාවයට පැමිණියා ය. මේ තෙරණිය අරබයා අථ ඛො කිසාගොතමි යි කියන ලදි.
එකමාසි ‘එකා ආසි’ (හුදෙකලා ව සිටියා ය.) රුදම්මුඛී යනු හඬන මුවක් ඇත්තී මෙන් අච්චන්තං මත පුත්තාමහි යන මෙහි ‘අන්තරං අතීතං’ අච්චන්තං, මෙය භාවනපුංශක යි. කියන ලද්දේ මෙය යි. යම් සේ පුත්‍ර මරණයෙන් වන අවසානයක් අතීත වී ද, එසේ මම මළ පුතෙකු ඇත්තියකි. දැන් මට යළි පුත්‍ර මරණයක් නම් නැත. පුරිසා එතදන්තිකාං මට පුරුෂයෝ ද ඒ අවසානය ම ඇත්තාහු වෙත් මට පුත්‍ර මරණයේ යම් අන්තයක් (කෙළවරක්) වී ද මට පුරුෂයන්ගේ කෙළවර ද එය ම ය. මට දැන් පුරුෂයන් සෙවීම අභව්‍යය (නො සිදුවේ ය). සබ්බත්‍ථ විහතා නන්‍දි සියලු ස්කන්ධ, ආයතන, ධාතු, භව, යෝනි ගති, ස්ථිති නිවාස ආදි සියලු තන්හි මගේ තෘෂ්ණාව නසන ලදි. තමොක්‍ඛන්‍ධො අවිද්‍යා ස්කන්ධය පදාලිතො ඥානයෙන් බිඳින ලදි.
තුන් වැනි සූත්‍රය යි.