8. පිණ්ඩ සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - පාහුණකානි භවන්ති ඒ ආකාරයේ නැකැත් දිනක ඒ ඒ තැනට යැවිය යුතු තුටු පඬුරු වේ. ආගන්තුක තටුපඬුරු යැවීම හෝ (වේ); මේ උත්සව දිනකැයි තමන් ම දැන සම වයස, ජාති, ගෝත්‍ර ඇති කුමාරවරු ඒ ඒ තැනින් එක්රැස් වෙති. කුමාරිකාවෝ ද තම තමන්ගේ වත්කම් අනුව අලංකාර වී ඒ ඒ තැන සැරිසරති. එහි කුමාරිකාවෝ ද කැමති පරිදි කුමාරවරුනට තුටු පඬුරු යවති. කුමාරවරුද කුමාරිකාවනට (යවති); වෙනත් කිසිවක් නොමැති කල යටත් පිරිසෙයින් මල් පොකුරක් හෝ දමත්. අන්‍වාවිට්ඨා ඇතුළු වුනාහු (ආවේශ වූවාහු), ඒ දිනයේ කුමාරිකාවෝ පන්සියයක් උයන් කෙළියට යන්නෝ අතර මග බුදුන් වහන්සේ දැක උත්සව කැවිලි දෙන්නාහ. උන්වහන්සේ ඔවුනට දානානුමෝදනා වශයෙන් ප්‍රකීර්ණක ධර්ම දේශනාවක් දෙසන්නාහ, දේශනාව අවසානයේ සියලු ම දෙනා සෝවාන් ඵලයෙහි පිහිටන්නාහ. මාරයා ඔවුන්ගේ සම්පත්තියට අනතුරක් කරන්නෙමැයි ඇතුළු විය. පාළියෙහි මා සමණො ගොතමො පිණ්ඩමලත්‍ථ (ශ්‍රමණ ගෞතමයෝ පිඬු නො ලබත්වා) යි මෙපමණක් ම කියන ලදි.
කිම බුදුන් වහන්සේ මාරයාගේ පෙළඹවීම නො දැන ම (පිඬු පිණිස) ප්‍රවේශ වූවෝ ද? එසේ ය. නො දැන ම ය, මක් නිසා ද? ආවර්ජනය නො කිරීම නිසා ය. බුදුන් වහන්සේලා අසුවල් තැන බත් (දන්) ලබන්නමෝ ය නො ලබන්නමෝ යයි ආවර්ජනය කිරීම නුසුදුසු ය. ප්‍රවිෂ්ට ව, මිනිසුන්ගේ සිරිත් බිඳීම දැක, මේ කිමදැයි ආවර්ජනය කරන සේක්. දැන, ආමිෂය හේතුවෙන් මාරයාගේ පෙළඹවීම විඳීම ද නුසුදුසු යයි එය නො බිඳ ම පිටත් ව ගියහ.
උපසඞ්කමි අමිත්‍ර විජයෙන් (සතුරා ජය ගැනීමෙන්) මෙන් සතුටු වූයේ මුළු ගමෙන් හැන්දක් පමණ වත් බත් නො ලබා ගමෙන් පිටවන භාග්‍යවතුන් වහන්සේ වෙත ගමේ මිනිසකුගේ වේශයෙන් පැමිණියේ ය. තථාහං කරිස්සාමි ඔහු මේ බොරුව කියයි. ඔහුට මෙසේ සිතිනි. මා විසින් මෙසේ කියන ලද කල්හි යළි (ගමට) ඇතුළු වන්නේ ය. එවිට එහුට ගමේ දරුවෝ මුළු ගමේ ම ඇවිද හැන්දක අහරක් වත් නො ලබා ගමෙන් පිට ව ගොස් නැවත පැමිණියෙහි’යි ආදිය කියා බැණ වදින්නෝ ය’ යි. භාග්‍යවතුන් වහන්සේ ඉදින් මොහු මා මෙලෙස වෙහෙස කරවන්නේ මොහුගේ හිස සත් කඩකට පැළෙන්නේ යයි ඔහුට අනුකම්පාවෙන් නො පිවිස ම ගාථා දෙක පැවසූ සේක.
එහි පස්වී ඇති කළෙහි ය. ජනිත කළෙහි ය. ආසජ්ජ හිරිහැර කොට, ගටා; න මෙ පාපං විපච්චති මගේ පව් නො පැසවයි ද, මෙය නිෂ්ඵල ය. කිම ඔබ මෙලෙස සිතන්නෙහි ද? ඔබ විසින් කරන ලද පාපයට ඵලය්ක (විපාකයක්) ඇත යන්න දක්වයි. කිඤ්චනං මර්දනය කිරීමට සමත් රාගාදි කෙලෙස් හටගැනීමක් ආභස්සරා යථා යම් සේ ආභස්සර දෙවියෝ සප්‍රීතික ධ්‍යානයෙන් යැපෙන්නාහු ‘ප්‍රීති භක්ෂක’ (ප්‍රීතිය අනුභව කරන්නාහු) නම් වෙත් ද එසේ වන්නෙමි.
අට වැනි සූත්‍රය යි.
9. කස්සක සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - නිබ්බාණපටිසංයුත්තාය නිර්වාණය ගෙන හැර පාමින් පවත්වන ලද; හටහටකෙසො ඉදිරිපස කෙස් පසුපසටත් පසුපස කෙස් ඉදිරිපසටත්, වම්පස කෙස් දකුණටත්, දකුණු පස කෙස් වමටත් විහිදුවා විහිදුවා විසුරුණු (අවුල් වුණු) කෙස් ඇත්තේ, මම චක්‍ඛුසම්ඵස්ස විඤ්ඤාණායතනං චක්‍ඛුවිඤ්ඤාණයෙන් යුක්ත වූයේ චක්‍ඛු සම්ඵස්සයත් විඤ්ඤාණායතනයත් මගේ ම ය යි. මෙහි ද චක්‍ඛු සම්ඵස්සයෙන් විඤ්ඤාණ සම්ප්‍රයුක්ත ධර්ම ගන්නා ලදි. විඤ්ඤාණායතනයෙන් සියලු චක්‍ඛු ද්වාරයෙහි උපන් ආවර්ජනාදි විඤ්ඤාණ (ගන්නා ලදි). සොතද්වාර ආදියේ ද මේ න්‍යාය ම ය. මනෝ ද්වාරයෙහි මනො ආවර්ජන සහිත භවාංග සිත ය. ධම්මා ආරම්මණ ධර්ම ය. මනොසම්ඵස්සො ආවර්ජනා සහිත භවාංග සම්ප්‍රයුක්ත ඵස්සය විඤ්ඤාණායතනං ජවනචිත්තය යි. තදාරම්මණය ද ගැලපේ.
තවෙව පාපිම චක්‍ඛුං ලොවෙහි යම් තිමිරකාච ආදියෙන් උපද්‍රවයට පත් නොයෙක් රෝගවලට ආයතනයක් වූ, උපක්‍රමික විපාකාදියෙන් යටත් පිරිසෙයින් කණ ඇසක් පවා වේ ද? ඒ සියල්ල තොපට ම වේවා, රූප ආදිය ගැන ද මේ න්‍යාය ම ය.
යං වදන්ති යම් භාණ්ඩයක් වේ ද එය මාගේ යයි යම් කෙනෙක් පවසත් ද? යෙ වදන්ති මමන්ති ච යම් කෙනෙක් ‘මගේ’ යි පවසත් ද, එත්‍ථ චෙ තෙ මනො අත්‍ථි මේ ස්ථානවල ද ඉදින් සිතක් වේ ද, න මෙ සමණ මොක්‍ඛසි ශ්‍රමණය, මගේ ආධිපත්‍යයෙන් නො මිදෙන්නෙහි, යං වදන්ති යමක් භාණ්ඩයකැයි කියත් ද එය මගේ නො වේ. යෙ වදන්ති යම් කිසි කෙනෙක් මෙසේ කියත් ද ‘ඔවුන්’ මම නො වෙමි. න මෙ මග්ගම්පි දක්‍ඛසි භව යෝනි ගති ආදියෙහි මා ගිය මග ද නො දන්නෙහි.
නව වැනි සූත්‍රය යි.
10. රජ්ජ සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - අහනං අඝාතයං නො නසමින් නො නසවමින් අජිනං අජාපයං අනුනට ධන හානිය නො කරමින්, නො කරවමින්, අසොචං අසෝචාපයං ශෝක නො කරමින් ශෝක නොකරවමින්; මෙසේ භාග්‍යවතුන් වහන්සේ අධාර්මික රජවරුන්ගේ විජිතයෙහි දඬුවම් කරන්නවුන් විසින් පෙළනු ලබන මිනිසුන් දැක කාරුණික ලෙස මෙසේ සිතූහ. උපසඞ්කමි ශ්‍රමණ ගෞතමයෝ රාජ්‍යය කරවීමට සමත් නොවෙත් දැයි සිතී ය. රාජ්‍යය කරවීමට කැමැති වනු ඇත. රාජ්‍යය යන මෙය ද ප්‍රමාදයට හේතුවකි. රාජ්‍යය කරවන විට ඉඩක් ලැබෙනු ඇත. උත්සාහයක් ඇති කරවන්නෙමි යි සිතා ළඟට පැමිණියේ ය. ඉද්ධිපාදා සමෘද්ධිමත් වන ධ්‍යාන කොටස්, භාවිතා වර්ධනය කරන ලද, බහුලීකතා නැවත නැවත කරන ලද, යානීකතා (භාවිතයට) යොදන ලද යානයක් ලෙස කරන ලද, වත්‍ථුකතා ප්‍රතිෂ්ඨා අර්ථයෙන් - පදනමක් කොට ගත්, අනුට්ඨිතා අත් නො හරින ලද, නිතර පවත්වන, පරිචිතා සතතයෙන් කිරීම මගින් බෙහෙවින් පුරුදු කරන ලද - දුණුවායාගේ නො වරදින විදීම් සහිත වූ අත් මෙන්, සුසමාරද්ධා මැනවින් ආරම්භ කොට පරිපූර්ණ ව භාවනා කරන ලද අධිමුච්චෙය්‍ය සිතන්නේ නම්,