5. මානස සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අහසෙහි සැරිසරන විට වුව ද බැඳෙතියි අන්තලික්ඛ චරො පාසො රාග බැම්ම (තොණ්ඩුව), මානසො මන සම්ප්‍රයුක්ත (සිත්හි හටගත්).
පස් වැනි සූත්‍රය යි.
6. පතති සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය පංච උපාදානස්කන්ධ ගෙන; ස්වභාව, සාමාන්‍ය ලක්ෂණ වශයෙන් නානා ප්‍රකාර ලෙස බෙදා දක්වන්නේ, සන්දස්සෙති ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය දක්වයි. සමාදපෙති ග්‍රහණය කරවයි. සමුත්තෙජෙති සමාදානයෙහි (ගැනීමෙහි) උත්සාහය ඇති කරවයි. සම්පහංසෙති ප්‍රතිවේධ ගුණයෙන් පිරිසිදු කරවයි. බබළවයි. අට්ඨිකත්වා අර්ථවත් (වැඩ ඇත්තක්) කොට, මේ නම් පැමිණිය යුතු (ප්‍රතිවේධ කළ යුතු) අර්ථයකැයි මෙසේ සලකා ඒ දේශනාව ප්‍රයෝජනවත් යයි සිතා මනසිකත්වා සිතේ තබා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඒ සියලු ක්‍රියා කාරක සිතින් එකට ගෙන ඔහිතසොතා තැබූ (යොමු කළ) කන් ඇති ව (කන් යොමා); අජ්ඣොකාසෙ නික්ඛිත්තා වේලීම පිණිස තැබූ;
රූපං වෙදයිතං සඤ්ඤං රූප ආදි මේ ස්කන්ධ තුන; යඤ්ච සංඛතං මෙයින් සංස්කාර ස්කන්ධය ගන්නා ලදි. එවං තත්ථ විරජ්ජති මෙසේ ඔහු මම නො වෙමි; මෙය මගේ නො වේ යි දකිමින් මෙසේ ඒ ස්කන්ධ කෙරෙහි නො ඇළෙයි. ඛෙමත්තං ක්ෂේම බවට පත් වූ ආත්මභාවය, මෙයින් ඵල ලක්ෂණ දක්වයි. අන්වෙසං භව, යෝනි, ගති, ඨිති, සත්ත්වාස සංඛ්‍යාත සියලු ස්ථානවල සොයමින් නාජ්ඣගා නො දැක්කේ ය.
සය වැනි සූත්‍රය යි.
7. ආයතන සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - ඵස්සායතනානිං සඤ්ජාති - සමෝසරණ අර්ථයෙන් ඡද්වාරික වූ (දොරටු සයකට අදාළ) ස්පර්ශයන්ගේ ආයතනවල (ආයතන හයේ) භයභෙරවසද්දං මේඝ ගර්ජනා - විදුලිය කෙටීම් ශබ්ද හා සමාන බිය ගෙන දෙන ශබ්ද, පඨවීමඤ්ඤෙ උද්රීයති මේ මහා පෘථිවිය පට පට ශබ්දය නගන්නාක් මෙන් විය. එත්ථ ලොකොධිමුච්ඡිතො මේ ආරම්මණ හයෙහි ලෝකය (මිනිස්සු) බෙහෙවින් මූර්ඡා වූයේ, මාරධෙය්යං මාරයා සිටින තැන, ත්‍රෛභූමක සංසාර පැවැත්ම.
සත් වැනි සූත්‍රය යි.
8. පිණ්ඩ සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - පාහුණකානි භවන්ති ඒ ආකාරයේ නැකැත් දිනක ඒ ඒ තැනට යැවිය යුතු තුටු පඬුරු වේ. ආගන්තුක තටුපඬුරු යැවීම හෝ (වේ); මේ උත්සව දිනකැයි තමන් ම දැන සම වයස, ජාති, ගෝත්‍ර ඇති කුමාරවරු ඒ ඒ තැනින් එක්රැස් වෙති. කුමාරිකාවෝ ද තම තමන්ගේ වත්කම් අනුව අලංකාර වී ඒ ඒ තැන සැරිසරති. එහි කුමාරිකාවෝ ද කැමති පරිදි කුමාරවරුනට තුටු පඬුරු යවති. කුමාරවරුද කුමාරිකාවනට (යවති); වෙනත් කිසිවක් නොමැති කල යටත් පිරිසෙයින් මල් පොකුරක් හෝ දමත්. අන්වාවිට්ඨා ඇතුළු වුනාහු (ආවේශ වූවාහු), ඒ දිනයේ කුමාරිකාවෝ පන්සියයක් උයන් කෙළියට යන්නෝ අතර මග බුදුන් වහන්සේ දැක උත්සව කැවිලි දෙන්නාහ. උන්වහන්සේ ඔවුනට දානානුමෝදනා වශයෙන් ප්රකීර්ණක ධර්ම දේශනාවක් දෙසන්නාහ, දේශනාව අවසානයේ සියලු ම දෙනා සෝවාන් ඵලයෙහි පිහිටන්නාහ. මාරයා ඔවුන්ගේ සම්පත්තියට අනතුරක් කරන්නෙමැයි ඇතුළු විය. පාළියෙහි මා සමණො ගොතමො පිණ්ඩමලත්ථ (ශ්‍රමණ ගෞතමයෝ පිඬු නො ලබත්වා) යි මෙපමණක් ම කියන ලදි.
කිම බුදුන් වහන්සේ මාරයාගේ පෙළඹවීම නො දැන ම (පිඬු පිණිස) ප්‍රවේශ වූවෝ ද? එසේ ය. නො දැන ම ය, මක් නිසා ද? ආවර්ජනය නො කිරීම නිසා ය. බුදුන් වහන්සේලා අසුවල් තැන බත් (දන්) ලබන්නමෝ ය නො ලබන්නමෝ යයි ආවර්ජනය කිරීම නුසුදුසු ය. ප්‍රවිෂ්ට ව, මිනිසුන්ගේ සිරිත් බිඳීම දැක, මේ කිමදැයි ආවර්ජනය කරන සේක්. දැන, ආමිෂය හේතුවෙන් මාරයාගේ පෙළඹවීම විඳීම ද නුසුදුසු යයි එය නො බිඳ ම පිටත් ව ගියහ.
උපසඞ්කමි අමිත්‍ර විජයෙන් (සතුරා ජය ගැනීමෙන්) මෙන් සතුටු වූයේ මුළු ගමෙන් හැන්දක් පමණ වත් බත් නො ලබා ගමෙන් පිටවන භාග්‍යවතුන් වහන්සේ වෙත ගමේ මිනිසකුගේ වේශයෙන් පැමිණියේ ය. තථාහං කරිස්සාමි ඔහු මේ බොරුව කියයි. ඔහුට මෙසේ සිතිනි. මා විසින් මෙසේ කියන ලද කල්හි යළි (ගමට) ඇතුළු වන්නේ ය. එවිට එහුට ගමේ දරුවෝ මුළු ගමේ ම ඇවිද හැන්දක අහරක් වත් නො ලබා ගමෙන් පිට ව ගොස් නැවත පැමිණියෙහි’යි ආදිය කියා බැණ වදින්නෝ ය’ යි. භාග්‍යවතුන් වහන්සේ ඉදින් මොහු මා මෙලෙස වෙහෙස කරවන්නේ මොහුගේ හිස සත් කඩකට පැළෙන්නේ යයි ඔහුට අනුකම්පාවෙන් නො පිවිස ම ගාථා දෙක පැවසූ සේක.
එහි පස්වී ඇති කළෙහි ය. ජනිත කළෙහි ය. ආසජ්ජ හිරිහැර කොට, ගටා; න මෙ පාපං විපච්චති මගේ පව් නො පැසවයි ද, මෙය නිෂ්ඵල ය. කිම ඔබ මෙලෙස සිතන්නෙහි ද? ඔබ විසින් කරන ලද පාපයට ඵලය්ක (විපාකයක්) ඇත යන්න දක්වයි. කිඤ්චනං මර්දනය කිරීමට සමත් රාගාදි කෙලෙස් හටගැනීමක් ආභස්සරා යථා යම් සේ ආභස්සර දෙවියෝ සප්‍රීතික ධ්‍යානයෙන් යැපෙන්නාහු ‘ප්‍රීති භක්ෂක’ (ප්‍රීතිය අනුභව කරන්නාහු) නම් වෙත් ද එසේ වන්නෙමි.
අට වැනි සූත්‍රය යි.