3. දෝණපාක සූත්‍ර වර්ණනාව
තුන් වැන්නේ - දොණපාකසුදං (ද්‍රෝණයක් (තිඹක්) පිසූ බත ව්‍යඤ්ජන), හාල් තිඹක පිසූ බත හා තදුපිය (එපමණ) සූපව්‍යඤ්ජන ද බුදියි යන අරුත ය. භුත්තාවී මුලින් බත් මත නැති කොට මොහොතක් විවේක ගෙන බුදුන් වහන්සේට උවටැන් කිරීමට යයි. ඒ දිනයේ ආහාර ගනිමින් ම බුදුන් වහන්සේ සිහි කොට අත් සෝදා ම ගියේ ය. මහස්සාසි (එසේ) යන ඔුහට බලවත් ආහාර පීඩාවක් ඇති විය. එහෙයිාන් ඉතා තදින් ආශ්වාස කිරීම් කරයි. (තදින් හුස්ම ගනී.) ඔහුගේ සිරුරෙන් ඩාබිඳ ද මුදයි. (වැගිරේ.) ඔහු දෙපස සිට තල් වැටි දෙකකින් පවන් සලති. බුදුන් වහන්සේ කෙරෙහි වූ ගෞරවයෙන් හොවීමට උත්සාහ නො කරයි. මේ අරභයා “මහස්සාසී” යි කියන ලදි.
ඉමං ගාථං අභාසි “රජතුමා අහර ගැනීමෙහි පමණ දැනීම නැති හෙයින් වෙහෙස විඳියි. දැන් ඔහුට සුව පහසුව සලසන්නෙමි” යි සිතා (මෙසේ) පැවසූ සේක. මනුජස්ස සත්ත්වයාගේ.
කහාපණසතං උදය කෑමෙහි දී පනහක් ද, හවස කෑමෙහි දී පනහක් දැයි මෙසේ කහවණු සියයක් පරියාපුණිත්වා රජු සමග මඳක් ගොස් “මහරජ, මේ මංගල කඩුව කවුරුන් හට දෙම් ද” “අසුවලාට දෙව” හේ ඒ කඩුව අනිකෙකුට දී බුදුන් වහන්සේ සමීපයට පැමිණ වැඳ සිට ගෙන ම “භවත් ගෞතමයනි, ගාථාව වදාරනු මැනවි” යි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ගාථාව ඉගෙන ගෙන යන අරුත යි.
භත්තාභිහාරෙ සුදං භාසති (බත් වළඳන කල්හි කියයි) කෙසේ කියයි ද? භාග්‍යවතුන් වහන්සේ උගැන්වූ ආකාරයට ම; භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ උපදෙස් දුන්නේ ය. “මානවකය, මේ ගාථාව නැට්ටුවෙකු මෙන් ගිය ගිය තැන නො කියව. රජතුමා අහර ගන්නා තැන සිට පළමු පිඬුවල දී නො කියා අවසන් පිඬුව ගන්නා කල්හි ම කියනු මැනවි. රජතුමා එය අසා ම බත් පිඬ ඉවත දමන්නේ ය. ඉක්බිති රජතුමා අත් සේදූ කල පාත්‍රය ඉවත් කර බත් තුළු ගණන් කර එපමණ ව්‍යංජන දැන පසු දිනයේ එපමණ සහල් ඉවත් කළ යුතු ය, උදය වේලෙහි කියා සවස් වේලෙහි කියන්නෙහි ය” යි. හේ මැනවි යි පිළිවදන් දී ඒ දිනයේ රජතුමා පාතරාසය (උදේ වේල) අනුභව කොට ම සිටි බැවින් හවස් වේලෙහි දී භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දුන් පරිදි ගාථාව කී ය. රජතුමා බුදුන්ගේ වචනය සිහි කර බත් පිඬ භාජනයෙහි ම හෙළී ය. රජතුමා විසින් අත් සේදූ කල්හි භාජනය ඉවත් කොට බත් තුළු ගණන් කොට එපමණ ව්‍යඤ්ජන දැන ඊළඟ දිනයේ එපමණ බත් ඉවත් කළහ.
නාළිකොදනපරමතාය සණ්ඨාසි (සහල් නැලියක බත් වැඩිම අහර කොට ඇති බැව්හි පිහිටියේ ය.) ඒ මානවකයා දිනපතා තථාගතයන් වහන්සේ සමීපයට යයි. බුදුන් වහන්සේගේ විශ්වාසවන්තයෙක් විය. ඉක්බිති එක් දිනක් ඔහුගෙන් විමසූ සේක. “රජතුමා කොපමණ බුදියි ද?” හේ “නැළියක බත්” යි කී ය. “එපමණ වටින්නේ ය, පිරිමියෙකුට ප්‍රමාණවත් කොටසකි එය. මෙතැන් පටන් ගාථාව නො කියනු’යි. මෙසේ රජතුමා එහි ම (එපමණෙහි ම) පිහිටියේ ය.
දිට්ඨධම්මිකෙන චෙච අත්ථෙන සම්පරායිකෙන ච මැනවින් තැනුණු සිරුරක් ඇති බැවින් මෙලොව දී ම ඵල සහිත වූයේ නමි. ශීලය පරලොව අභිවෘද්ධිය ඇත්තේ ය; ආහාර ගැනීමෙහි පමණ දැනීම ශීලාංගයක් නම් වේ.
තුන් වැනි සූත්‍රය යි.
4. පඨමසඞ්ගාම සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - වෙදෙහිපුත්තො ‘වෙදෙහි’ යනු ‘පණ්ඩිත’ යන්නට සමාන වචනයකි. පණ්ඩිත ස්ත්‍රියගේ පුතා යන අර්ථය යි. චතුරඞ්ගිනිං ඇත් - අස් - රිය - පා බල සංඛ්‍යාත වූ සතර අංගයන්ගෙන් සමන්විත වූ, සන්නය්හිත්වා හම්පටියෙන් තද කොට බැඳීම ආදියෙන් සන්නද්ධ කරවා, සඞ්ගාමෙසුං යුද්ධ කළහ; කුමන කරුණකින් ද? මහා කෝසල රජතුමා විසින් බිම්බිසාරට දියණිය පාවා දෙමින් රාජ්‍යයන් දෙක අතර ලක්ෂයක් තැන් වූ කාසි ග්‍රාමය දියණියට දෙන ලදි. අජාතසත්තු විසින් පියා මරවන ලද කල්හි ඔහුගේ මව රජතුමාගේ වියෝග ශෝකයෙන් නොබෝ කලකින් මළා ය. ඉන් පසු පසේනදි කොසොල් රජතුමා “අජාතසත්තු විසින් මව්පියෝ මරවන ලදහ. මගේ පියා සන්තක ගම” යි එය ලබා ගනු පිණිස දබර කරයි. අජාතසත්තු ද “මගේ පියා සන්තක ය” යි ඒ ගම (තබා ගනු) පිණිස (දබර කරයි). මාමා බෑණා දෙදෙනා ම යුද කළහ.
පාපී දේවදත්ත ආදීහු ඔහුගේ මිත්‍රයෝ යි = පාපමිත්තො; ඔවුහු ම මොහුගේ සහායකයෝ ය = පාපසහායො, ඔවුන් කෙරෙහි ම මොහුගේ සිත නැඹුරු විය, අතිශයින් වක් වී ය යි = පාපසම්පවඞ්කො; පසේනදී හට සැරියුත් තෙරුන් ආදීන්ගේ කල්‍යාණ මිත්‍රත්වය දත යුත්තේ ය.
දුක්ඛං සෙති දිනනු ලැබූ ඇතුන් ආදීන් ගැන තැවෙන්නේ දුක සේ නිදන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ යළිත් ඔහුගේ ජයග්‍රහණ හේතුව දැක ජයං වෙරං පසවති යි වදාළහ. දිනන තැනැත්තේ වෛරය උපදවයි. වෛරී පුද්ගලයන් ද ලබයි.
සතර වැනි සූත්‍රය යි.
5. දුතීය සඞ්ගාම සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අබ්භූය්යාසි පරාජයෙහි දී ගැරහීමට පත් වූයේ, “ආරාමයට ගොස් භික්ෂූන්ගේ කථා සල්ලාපය අසව” යි රාත්‍රී භාගයෙහි දී බුද්ධරක්ඛිත නම් මහලු වියේ පැවිදි වූවකු විසින් මහලු ව පැවිදි වූ ධම්මරක්ඛිත හට ඉදින් රජතුමා මේ මේ උපාය යොදා ගන්නේ නම් යළි ජය ගන්නේ යයි කියන ලද ජය කාරණය අසා ‘අභිඋය්යාසි’ විරුද්ධ ව ඉදිරියට ගියේ ය.
යාවස්ස උපකප්පති ‘යාව තස්ස උපකප්පති’ යම් තාක් ඔහුට හැකි වේද? දරාගත හැකි වේ ද, යදා චඤ්ඤෙ යදා අඤ්ඤෙ (යම් විටෙක අන්‍යයෝ), විලුම්පන්ති ඔහු නසා සිටි ඒ පුද්ගලයා නසත්, විලුප්පති නසනු ලැබේ. ඨානඤ්හි මඤ්ඤති කාරණය (හේතුව) සිතයි; යදා යම් කලක, ජෙතාරං ලභතෙ ජයං ජයගන්නා පුද්ගලයා පසුව (වෙනත්) දිනන්නකු ද ලබයි. රොසෙතාරං ගැටෙන්නෙකු, රොසකො ගැටෙන්නා, කම්මවිවට්ටෙන කර්ම පරිණාමයෙන්, ඒ විලුම්පන කර්මයේ (නැසීම් ක්රියාවේ) විපාක දීමෙන්, සො විලුත්තො විලුප්පති ඒ නසන තැනැත්තා (ද) නසනු ලැබේ. (නැසීමට භාජනය වේ.)
පස් වැනි සූත්‍රය යි.