8. කකුධ සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - කකුධො දෙවපුත්තො මොහු වූ කලී කෝළ නගරයේ මහා මුගලන් තෙරුන් වහන්සේගේ උපස්ථායකයාගේ පුත්‍රයා වූයේ, තරුණ කල්හිා ම තෙරුන් සමීපයෙහි වසමින් දැහැන් උපදවා කාල ක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ය. එහි ද ඔහු කකුධ බ්‍රහ්ම නමින් ම හඳුනති. නන්‍දසි සතුටු වන්නෙහි ද? කිං ලද්ධා තුෂ්ටිය නම් මනාප වූ කිසිවක් ලැබ ඇති වේ. එහෙයින් මෙසේ කී ය. කිං ජියිත්‍ථ (දිරා ගියේ ද) මනාප වූ සිවුරු ආදි කිසිවක් දිරා ගියේ වේ ද හේ ශෝක කරයි. එහෙයින් එසේ කී ය. අරති නාභිකීරති උකටලී බව මැඩ පවත්වනුයේ නැද්ද? අඝජාතස්ස දුක හටගත්තහුට, සසර දුකෙහි සිටියහුට යන අර්ථය යි. නන්‍දිජාතස්ස හටගත් තණ්හාව ඇතියහුට, අඝං මේ ආකාරවූවන්ට සසර දුක පැමිණියේ ම වේ. “දුක්‍ඛී සුඛං පත්‍ථයති” (දුකට පත්වූයේ සුවය පතයි) යි කියන ලදි. මෙසේ දුක හටගන්නහුට නන්‍දි (තෘෂ්ණාව) වේ. විපරිණාමයෙන් දුක පැමිණියේ ම යි තෘෂ්ණාව හටගන්නහුට දුක වේ.
අට වැනි සූත්‍රය යි.
9. උත්තර සූත්‍ර වර්ණනාව
නව වැන්න කියන ලද පරිදි ම ය.
නව වැනි සූත්‍රය යි.
10. අනාථපිණ්ඩික සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - අනඳ තෙරුන්ගේ අනුමාන බුද්ධියේ ආනුභාවය ප්‍රකාශ කිරීම් වස් අඤ්ඤතරො යි කී ය.
දස වැනි සූත්‍රය යි
දුතිය වර්‍ගය යි
3. නානාතිර්ථය වර්ගය
1. සිව සූත්‍ර වර්ණනාව
තෘතීය වර්ගයේ ප්‍රථම සූත්‍රය කියන ලද අර්ථය ම ය.
ප්‍රථම සූත්‍රය යි
2. ඛෙම සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - පටිගච්චෙ ව ප්‍රථමයෙන් ම, අක්‍ඛච්ඡින්නොව ඣායති අක්‍ඛච්ඡින්නො (අක්ෂය බිඳුනෙක්) අවජ්ඣායති (සිතමින් සිටියි) බලවත් සිතුවිලි සිතයි. දෙවන ගාථාවේ - අක්‍ඛච්ඡින්නොව අක්‍ඛච්ඡින්නො ඉව අක්ෂය බිඳුනකු මෙන්.
දෙවන සූත්‍රය යි
3. සෙරී සූත්‍ර වර්ණනාව
තෙවැන්නේ - දායකො - දෙන සුලු (පරිත්‍යාගශීලි), දානපති නම් දානයක් දෙම් ද එහි නායකයා වී දෙමි, දාසයෙකු නො වී සහායකයෙකු නො වී (දෙමි); යමෙක් තමා මිහිරි වූ දෙයක් බුදියි ද අනුනට අමිහිරි දෙයක් දෙයි ද හේ දාන සංඛ්‍යාත වූ දෙය්‍ය ධර්මයේ දාසයකු වී දෙයි. යමෙක් තමා යමක් බුදියි ද එය ම දෙයි ද හේ සහායක වී දෙයි. යමෙක් තමා විසින් ඒ මේ දෙයින් යැපෙයි ද අනුනට මිහිරි දේ දෙයි ද, හේ ස්වාමියා - ජ්‍යෙෂ්ඨයා - වී දෙයි. මම එවැන්නෙකු වීමි යි පවසයි.
චතුසු ද්වාරෙසු ඒ රජුට සින්ධව රට, සෝධික රට යි රටවල් දෙකක් විය. නගරය රෞරව නමි. ඔහුට එක් එක් දොරක දිනපතා දසදහසක් උපදියි. ඇතුළු නුවර විනිශ්චය ස්ථානයෙහි සිය දහසකි (ලක්ෂයකි); හේ රාශීභුත වුණු බොහෝ රන් රුවන් දැක කම්මස්සකතඤාණය උපදවා දොරටු සතරෙහි දාන ශාලා කරවා ඒ ඒ දොරටුවෙහි ලත් ආදායමෙන් දන් දෙවයි ඇමතිවරුන් තැබවී ය. එහෙයින් කී ය: චතුසු ද්වාරෙසු දානං දීයත්‍ථ (සිවු දොරටුවෙහි දානය දෙනු ලැබී ය) යි.
සමණබ්‍රාහ්මණකපණද්ධික වණිබ්බකයාචකානං එහි සමණා පැවිද්දට පැමිණියාහු, බ්‍රාහ්මණා - භෝවාදීහු, පාප සංසිඳ වූ - පාපය බැහැර කළ - ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඔහු නො ලද්දේ ය. කපණා දුගීහු, දිළිඳු මිනිස්සු, කණ කුදු ආදීහු, අද්ධිකා මගීහු, වණිබ්බකා යම් කෙනෙක් “දුන් දේ ඉෂ්ට ය, කාන්තය, මනාප ය, සුදුසු කල්හි නිවැරදි ලෙස දෙන දේ දෙමින් භවත්නි සිත පහදවා ගනිත්වා බ්‍රහ්ම ලෝකයට යෙත්වා ආදි ලෙස දානයේ උසස් බව ප්‍රශංසා කරමින් ඇවිදිත් ද (ඔවුහු ය.) යාචකා යම් කෙනෙක් “පතක් පමණ වත් දෙන්න,” “සරාවක් (කෝප්පයක්) පමණ වත් දෙන්න” ආදිය කියා යදිමින් හැසිරෙත් ද? (ඔවුහු ය). ඉත්‍ථාගාරස්ස දානං දීයිත්‍ථ පළමු දොරටුවට ලද බැවින් එහි ඉපයූ ලක්ෂයකට අනිකුත් ධනය ද දමා රජුගේ ඇමතිවරුන් ඉවත් කොට රාජ ස්ත්‍රීහු තමන්ගේ ඇමතිවරුන් තබවා රජු විසින් දෙන ලද දානයට වඩා ඉමහත් වූ දන් දුන්හ. ඒ ගැන මෙසේ පැවසී ය. මම දානං පටික්කමි මගේ යම් දානයක් දෙන ලද ද එය නැවැතිණි. අනෙකුත් දොරටු සම්බන්ධයෙන් ද න්‍යාය ම ය. කොචි කිසි තැනෙක, දීඝරත්තං වර්ෂ අසූදහසක්, එපමණ කාලයක් ඒ රජුගේ දානය දෙන ලදි.
තෙවන සූත්‍රය යි.