9. උත්තර සූත්‍ර වර්ණනාව
නව වැන්න කියන ලද පරිදි ම ය.
නව වැනි සූත්‍රය යි.
10. අනාථපිණ්ඩික සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - අනඳ තෙරුන්ගේ අනුමාන බුද්ධියේ ආනුභාවය ප්‍රකාශ කිරීම් වස් අඤ්ඤතරො යි කී ය.
දස වැනි සූත්‍රය යි
දුතිය වර්‍ගය යි
3. නානාතිර්ථය වර්ගය
1. සිව සූත්‍ර වර්ණනාව
තෘතීය වර්ගයේ ප්‍රථම සූත්‍රය කියන ලද අර්ථය ම ය.
ප්‍රථම සූත්‍රය යි
2. ඛෙම සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - පටිගච්චෙ ව ප්‍රථමයෙන් ම, අක්‍ඛච්ඡින්නොව ඣායති අක්‍ඛච්ඡින්නො (අක්ෂය බිඳුනෙක්) අවජ්ඣායති (සිතමින් සිටියි) බලවත් සිතුවිලි සිතයි. දෙවන ගාථාවේ - අක්‍ඛච්ඡින්නොව අක්‍ඛච්ඡින්නො ඉව අක්ෂය බිඳුනකු මෙන්.
දෙවන සූත්‍රය යි
3. සෙරී සූත්‍ර වර්ණනාව
තෙවැන්නේ - දායකො - දෙන සුලු (පරිත්‍යාගශීලි), දානපති නම් දානයක් දෙම් ද එහි නායකයා වී දෙමි, දාසයෙකු නො වී සහායකයෙකු නො වී (දෙමි); යමෙක් තමා මිහිරි වූ දෙයක් බුදියි ද අනුනට අමිහිරි දෙයක් දෙයි ද හේ දාන සංඛ්‍යාත වූ දෙය්‍ය ධර්මයේ දාසයකු වී දෙයි. යමෙක් තමා යමක් බුදියි ද එය ම දෙයි ද හේ සහායක වී දෙයි. යමෙක් තමා විසින් ඒ මේ දෙයින් යැපෙයි ද අනුනට මිහිරි දේ දෙයි ද, හේ ස්වාමියා - ජ්‍යෙෂ්ඨයා - වී දෙයි. මම එවැන්නෙකු වීමි යි පවසයි.
චතුසු ද්වාරෙසු ඒ රජුට සින්ධව රට, සෝධික රට යි රටවල් දෙකක් විය. නගරය රෞරව නමි. ඔහුට එක් එක් දොරක දිනපතා දසදහසක් උපදියි. ඇතුළු නුවර විනිශ්චය ස්ථානයෙහි සිය දහසකි (ලක්ෂයකි); හේ රාශීභුත වුණු බොහෝ රන් රුවන් දැක කම්මස්සකතඤාණය උපදවා දොරටු සතරෙහි දාන ශාලා කරවා ඒ ඒ දොරටුවෙහි ලත් ආදායමෙන් දන් දෙවයි ඇමතිවරුන් තැබවී ය. එහෙයින් කී ය: චතුසු ද්වාරෙසු දානං දීයත්‍ථ (සිවු දොරටුවෙහි දානය දෙනු ලැබී ය) යි.
සමණබ්‍රාහ්මණකපණද්ධික වණිබ්බකයාචකානං එහි සමණා පැවිද්දට පැමිණියාහු, බ්‍රාහ්මණා - භෝවාදීහු, පාප සංසිඳ වූ - පාපය බැහැර කළ - ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඔහු නො ලද්දේ ය. කපණා දුගීහු, දිළිඳු මිනිස්සු, කණ කුදු ආදීහු, අද්ධිකා මගීහු, වණිබ්බකා යම් කෙනෙක් “දුන් දේ ඉෂ්ට ය, කාන්තය, මනාප ය, සුදුසු කල්හි නිවැරදි ලෙස දෙන දේ දෙමින් භවත්නි සිත පහදවා ගනිත්වා බ්‍රහ්ම ලෝකයට යෙත්වා ආදි ලෙස දානයේ උසස් බව ප්‍රශංසා කරමින් ඇවිදිත් ද (ඔවුහු ය.) යාචකා යම් කෙනෙක් “පතක් පමණ වත් දෙන්න,” “සරාවක් (කෝප්පයක්) පමණ වත් දෙන්න” ආදිය කියා යදිමින් හැසිරෙත් ද? (ඔවුහු ය). ඉත්‍ථාගාරස්ස දානං දීයිත්‍ථ පළමු දොරටුවට ලද බැවින් එහි ඉපයූ ලක්ෂයකට අනිකුත් ධනය ද දමා රජුගේ ඇමතිවරුන් ඉවත් කොට රාජ ස්ත්‍රීහු තමන්ගේ ඇමතිවරුන් තබවා රජු විසින් දෙන ලද දානයට වඩා ඉමහත් වූ දන් දුන්හ. ඒ ගැන මෙසේ පැවසී ය. මම දානං පටික්කමි මගේ යම් දානයක් දෙන ලද ද එය නැවැතිණි. අනෙකුත් දොරටු සම්බන්ධයෙන් ද න්‍යාය ම ය. කොචි කිසි තැනෙක, දීඝරත්තං වර්ෂ අසූදහසක්, එපමණ කාලයක් ඒ රජුගේ දානය දෙන ලදි.
තෙවන සූත්‍රය යි.
4. ඝටීකාර සූත්‍ර වර්ණනාව
සිවු වැන්න - කියන ලද අර්ථම ය.
සිවු වැනි සූත්‍රය යි
5. ජන්තු සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - කොසලෙසු විහරන්ති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් කමටහන් ගෙන එහි ගොස් වෙසෙත්. උද්ධතා කැප නො වූ දේ ගැන කැප ය යන සංඥාවෙනුත්, කැප වූ දේ ගැන අකැපය යන සංඥාවෙනුත්, නිවැරදි දේ ගැන වැරදි ය යන සංඥාවෙනුත්, වැරදි දේ ගැන නිවැරදි ය යන සංඥාවෙනුත් උඩඟු ස්වභාව ඇත්තන් වී, උන්නලා උග්ගතනලා (උද්ගත) උඩට නැගුණු බට ඇත්තාහු; ‘නැගී සිටි හිස් මානය ඇති’ යි කියන ලද්දේ වේ. චපලා පාත්‍ර චීනර සැරසීම ආදියෙන් චපල බවින් යුක්ත වූ, මුඛරා මුඛ ඛරා රළු වචනය ඇත්තේ යි කී සැටි යි. විකිණ්ණවාචා සංයත නො වූ වචන ඇත්තාහු, දවසෙහි ම නිරර්ථක වචන කථා කරන්නාහු, මුට්ඨස්සතිනො නැසුණු සිහිය ඇත්තාහු, සිහිය රහිත වූවාහු, මෙහි කරන ලද්ද එහි අමතක වෙයි. අසම්පජානො නුවණ නැති, අසමාහිතා අර්පණා උපචාර සමාධි රහිත වූවෝ, සැඩ දිය පහරෙහි අසු වුණු නැව් හා සමාන වූ, විබ්භන්තචිත්තා එක් අරමුණක නො පිහිටි සිත් ඇත්තාහු, මඟට වන් ව්‍යාඝ්‍ර ආදී සිවු පාවුන් හා සම වූ, පාකතින්‍ද්‍රියා සංවර නො වූ බැවින් ගිහි කල්හි මෙන් විවෘත වූ ඉන්‍ද්‍රිය ඇත්තාහු,
ජන්තු එනම් ඇති දේව පුත්‍රයා, තදහුපොසථෙ තස්මිං අහු උපොසථෙ - උපෝසථ දිනයෙහි යන අර්ථ යි. පණ්ණරසෙ තුදුස්වකට ප්‍රතිපක්‍ෂ වූ දින; උපසංකමි චෝදනා කිරීම පිණිස පැමිණියේ ය. හේ (මෙසේ) සිතී ය: මේ භික්ෂූහු ශාස්තෲන් සමීපයෙහි කමටහන් ගෙන නික්මුණෝ ය. දැන් ප්‍රමාදී ව වසත්, ඔවුන් වෙන් වෙන් ව (තනි තනි ව) සිටින කල්හි චෝදනා කරනු ලබන්නාහු උපදෙස් නො පිළිගන්නාහු ය. රැස්වන අවස්ථාවේ චෝදනා කරන්නෙමැයි පෙහෙවස් දිනයේ ඔවුන් රැස් වූ බව දැන පැමිණියේ ය. ගාථාහි අජ්ඣභාසි සියලු දෙනා මැද සිට ගාථා පැවසී ය.
එහි යම් හෙයකින් ගුණකථාව සමග නිරූපණයාගේ අගුණ ප්‍රකට වේ ද එ ලෙසින් ගුණ පළමුව පවසන්නේ ‘සුඛජීවිනො පුරෙ ආසුං’ ආදිය පැවසී ය. එහි සුඛජීවිනො පුරෙ ආසුං පූර්වයෙහි භික්ෂූහු මැනවින් පෝෂණය කිරීමට, පහසුවෙන් නඩත්තු කිරීමට හැකි වූවෝ ය. උස්පහත් කුලවලට ගෙපිළිවෙලින් පැමිණ ලත් මිශ්‍ර වූ ආහාරයෙන් යැපුනාහ යන අදහසින් මෙසේ කී ය. අනිච්ඡා තෘෂ්ණාවෙන් තොර වී,
මෙසේ පුරාණ භික්ෂූන්ගේ ගුණ වර්ණනා කර දැන් ඔවුන්ගේ නුගුණ පවසන්නේ, අප්පොසං ආදිය පැවසී ය. එහි ගාමෙ ගාමණිකා විය ගමෙහි (නින්දිත) ගම් දෙටුවෝ නානා ප්‍රකාර ලෙස මහජනයා පීඩාවට පත් කරවමින් කිරි, දී කිරි, සහල් ආදිය ගෙන්වා ගෙන අනුභව කරති. එසේ ඔබලාත් අනේසනයෙහි (භික්ෂූන් හට නොගැලපෙන ප්‍රත්‍ය සෙවීම්හි) යෙදී සිටිමින් ඔබලාගේ ජීවිකාව කරගෙන යන්නාහු ය යන අදහසින් කියයි. නිපජ්ජති උද්දෙස - පරිපුච්ඡා - මනසිකාරවලින් අර්ථයක් නැති අය වී ඇඳෙහි අත් පා විහිදා හොවිති. පරාගාරෙසු - අන් ගෙවල; පවුලේ ලේලි ආදීන් අතර යන අර්ථ යි. මුච්ඡිතා ක්ලේශ මූර්ඡාවෙන් මුසපත් වූවාහු,