4. අච්චය සූත්ර වර්ණනාව
දාහතර වැන්නේ - සම්පයොජෙසුං කලහ කළහ. අච්චසරා ඉක්ම විය. එක භික්ෂුවක් තව භික්ෂුවක් අභිභවා වචන පැවසී ය’ යන අරුත යි. යථා ධම්මං න පරිගණ්හාති නො ඉවසයි. කොධො වො වසමායාතු ක්රෝධය ඔබලාගේ වසඟයට ඒවා! ඔබලා ක්රෝධවසඟයට නො යාවා’යි දක්වයි. මා ච මිත්තෙ හි වො ජරා මෙහි ‘හි’ නිපාත මාත්රයකි. ඔබලාගේ මිත්රධර්මයෙහි දිරීමක් නම් නො වේවා! ආධාරවිභක්තිය වෙනුවට කරණ විභක්තිය හෝ (වේ). ඔබලාගේ මිත්රයන් අතර දිරීමක් නො හට ගනීවා. මිත්රභාවයෙන් වෙනත් ස්වරූපයක් ඇති නො වේවා යනු අර්ථ යි. අගරහියං මා ගරහිත්ථ නො ගැරහිය යුතු ක්ෂීණාශ්රව පුද්ගලයාට නො ගරහන්න.
දාහතර වැනි සූත්රය යි.
5. අක්කොධ සූත්ර වර්ණනාව
පසළොස් වැන්නේ - මා වො කොධො අජ්ඣභවි ක්රෝධය ඔබලා අභිභවනය නො කරාවා! ඔබලා ම ක්රෝධය අභිභවනය කරව්. මා ච කුජ්ඣිත්ථ කුජ්ඣිනං කිපෙන්නවුනට ප්රතිකෝප නො කරව්. අක්කොධො මෛත්රියත් මෛත්රී පූර්ව භාගයත් අවිහිංසා කරුණා පූර්වභාගයත් අථ පාපජනං කොධො පබ්බතොවාභිමද්දති ක්රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා මැඩලයි.
පසළොස් වැන්න යි.
මෙසේ සක්ක සංයුත්ත වර්ණනාව නිමියේ ය.
මෙසේ සාරත්ථප්පකාසිනී සංයුත්තනිකායට්ඨ කථාවේ
සගාථක වර්ග වර්ණනාව නිමියේ ය.
සගාථක වර්ග වර්ණනාව නිමියේ ය.