8. වෙරොචන අසුරින්ද සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අට්ඨංසු දොරටු පාලකයන් මෙන් සිටියෝ ය. නිප්ඵදා නිෂ්පත්තිය, යම් කලක අර්ථය (ප්‍රතිඵල) නිපදවයි ද, ඒ තාක් කල් වෑයම් කරව් යයි කියයි. දෙවැනි ගාථාව ශක්‍රයාගේ ය. එහි ඛන්ත්‍යා භිය්යො ඇති කරන ලද ශෝභන (උසස්) අර්ථ (ප්‍රතිඵල) අතර ක්ෂාන්තියට වැඩි උතුම් අර්ථයක් නම් නැත. අත්ථජාතා හටගත් කටයුතු ඇත්තාහු (කළ යුතු වැඩ ඇත්තාහු) බලු කැනහිල් ආදීන් ගත් කල්හි පවා වැඩක් නැති සතෙකු නම් නැත. මෙතැනින් එතැනින් යාම් මාත්‍රයක් වුව වැඩක් ම වේ. සංයොග පරමාත්වෙව සම්භොගා සබ්බපාණිනං ‘පාරිවාසික’ කල්ගිය නැතහොත් පිළුණු වූ බත් සම්භෝගයට (පරිභෝජනයට) නුසුදුසු ය. ඒවා යළි රත් කර බැද ගිතෙල් මී පැණි ආදියෙන් යෝග කරනු ලැබුයේ කෑමට සුදුසු වේ. එහෙයින් සියලු ප්‍රාණීන්ගේ සම්භෝග සංයෝගය පරම කොට ඇත්තේ ම වේ’ යි කී ය. නිප්ඵන්නසොභිනො අත්ථා අර්ථයෝ නම් නිෂ්පත්තිය නිසා ම බැබළෙත්. යළි සතර වැනි ගාථාව ශක්‍රයාගේ ය. එහි ද අර්ථ කියන ලද පරිද්දෙන් දත යුත්තේ ය.
අට වැනි සූත්‍රය යි.
9. අරඤ්ඤායතනඉසී සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - පණ්ණකටීසු සම්මන්ති හිමවත් පෙදෙසේ රමණීය අරණ්‍ය ආයතනයක රාත්‍රි ස්ථාන දිවා ස්ථාන සක්මන් මළු ආදියෙන් සමන්විත පන්සල්වල වසත්. සක්කො ච දෙවානමින්දො වෙපචිත්ති ච මේ දෙදෙනා බෑණා හා මාමා; කලින් කලට කලහ කරති; ඇතැම් විටෙක එකට හැසිරෙති; මේ වේලාවෙහි එකට හැසිරෙති; අටලියො පට කීපයකින් යුත් පාවහන්; ඛග්ගං ඔලග්ගෙත්වා කඩුවක් එල්ලා ගෙන; ජත්තෙන දිව්‍ය සේසත හිසින් දරමින් අපබ්යාමතො කරිත්වා අවමාන කොට.
චිරදික්ඛිතානං බොහෝ කලක් සමාදන් වූ ව්‍රත ඇති; ඉතො පටික්කම මෙයින් ඉවත් වෙව, බැහැර වෙව, උඩු සුළඟේ නො සිටිනු යි කියත්. න හෙත්ථ දෙවා මෙහි සිල්වතුන්ගේ සුවඳ පිළිබඳ ව දෙවියෝ පිළිකුල් හැඟීම් ඇත්තාහු නො වෙති. ඉෂ්ට කාන්ත මනාප සංඥා ඇත්තාහු ම යයි දක්වයි.
නව වැනි සූත්‍රය යි.
10. ඉසයොසමුද්දක සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - සමුද්දතීරෙ පණ්ණකුටීසු සක්වළ මහ සමුදුර පිටියෙහි රිදීපටක් වන් වැලිතලාවේ, කියන ලද ආකාර පන්සල්හි වසත්. සියාපි නො විය හැක්කේ ය. අපට; අභයදක්ඛිණං යාචෙය්යාම අභය දානය ඉල්ලන්නෙමු. බොහෝ වශයෙන් දේවාසුර සංග්‍රාමය මහසමුදුර පිටියෙහි වේ. අසුරයනට සැම කල්හි ජය නො වේ. බොහෝ වාරයන්හි පරාජය ම වේ. ඔවුහු දෙවියන් විසින් පරාජය කරනු ලැබුවාහු පලා යමින් සෘෂිවරුන්ගේ ආශ්‍රමපදය දෙසින් යන්නාහු ශක්‍රයා මොවුන් සමග සාකච්ඡා කොට අප නසයි, දරුවන් නැසූ තැනැත්තියගේ පුතුන් ගනිව් යයි කුපිත වූවාහු ආශ්රමපදයෙහි පැන් කළ, සක්මන් ශාලා ආදිය විනාශ කරති. සෘෂිවරු ආරණ්‍යයෙන් පලාපල ගෙන පැමිණියාහු, ඒ දැක යළිත් දුකෙන් පිළිසකර කරත්. ඔවුහු යළි යළිත් එසේ ම විනාශ කරත්. එහෙයින් දැන් එවුන් සංග්‍රාමයට සූදානම් වෙති යි අසා ද මෙසේ සිතූහ.
කාමඞ්කරො කැමැත්තක් කරන්නේ. භයස්ස අභයස්ස වා භය හෝ අභය හෝ; කියන ලද්දේ මෙයයි: ඉදින් ඔබ අභය දීමට කැමැත්තෙහි නම් අභය දීමට සමත් වෙහි. ඉදින් භය ඇති කිරීමට කැමැත්තෙහි නම් භය ඇති කිරීමට සමත් වන්නෙහි. අපට අභය දානය දෙනු මැනවි. දුට්ඨානං විරුද්ධවූවන්ගේ පවුත්තං කුඹුරෙහි තබන ලද (වපුරන ලද)
තික්ඛත්තුං උබ්බිජ්ජති සවස් කාලයෙහි බත් කා යහනට නැග වැද හොත්තේ නින්දට වැටුණු සැණින් හාත්පස සිට ආයුධ සියයකින් පහර දෙන ලද්දාක් මෙන් කෑගසමින් නැගිටියි. යොදුන් දස දහසක් වූ අසුරභවනය මේ කිම් දැයි කැලඹිල්ලට පත් වෙයි. ඉක්බිති ඔහු වෙත පැමිණ මේ කිම් දැයි විමසත්. හේ ‘කිසිවක් නැහැ’ යි කියයි. දෙවැනි යාම ආදියෙහි ද මේ පරිදි ය. මෙසේ ‘මහරජ, බිය නො වනු මැනවි’ යි ඔහු අස්වසන්නාහු අසුරයනට අරුණ උදා වේ. මෙසේ ඔහුට එවක් පටන් ගිලන් බව හට ගැනිණි. චිත්තං (සිත) වෙපති, එහෙයින් ම ඔහුට වෙපචිත්ති යි වෙනත් නමක් ඇති විණි.
දස වැනි සූත්‍රය යි.