3. ධජග්ග සූත්‍ර වර්ණනාව
තෙවැන්නේ - සමුපබ්බූළ්හො සම්පිණ්ඩිත වූ, ඒකරාශී වූ, ධජග්ගං උල්ලොකෙය්‍යාථ ශක්‍රයාට යොදුන් එක සිය පනහක් දිග රථයකි. එහි පසු පස කොටස යොදුන් පනහකි. මැද රථපඤ්ජරය යොදුන් පනහකි. රථ සන්ධිය සිට රථ ශීර්ෂය දක්වා යොදුන් පනහකි. එම ප්‍රමාණය ම දෙගුණ කොට යොදුන් තුන් සියයක් දිග ය යි ද කියත් ම ය. එහි පර්යංකය ප්‍රමාණයෙන් යොදුනක් වේ. යොදුන් තුනක් වූ සේසත මුදුනෙහි තබන ලදි. එක ම වියගහේ ආජන්‍ය අශ්වයෝ දහසක් බඳනා ලදහ. සෙසු අලංකාරයෙහි ප්‍රමාණයක් නැත. එහි ධජය යොදුන් දෙසිය පනහක් උසට ගොසිනි. වාතයෙන් සෙළවුණු එයින් පඤ්චාංගික තූර්යයක මෙන් ශබ්දයක් පිටවෙයි. එය බලවු යයි කියති. මක් නිසා ද? එය බලන්නවුනට අපගේ රජතුමා පැමිණ පිරිස කෙළවරේ සිටවූ කණුවක් මෙන් සිටියේ, අපි කාට බිය වෙමු ද?” යි බයක් නො වේ. පජාපතිස්ස හේ ශක්‍රයාට සමාන වර්ණයෙන් යුතු වූයේ සම ආයුෂ ඇත්තේ දෙවැනි අසුන ලබයි. වරුණත් ඊශානත් එසේ ය. වරුණ තෙවැනි අසුන ලබයි. ඊශාන සිවු වැන්න (ලබයි.) පලායී අසුරයින් විසින් පරාජිත වූයේ ඒ රථයෙහි සිටිමින් අල්ප මාත්‍ර වූ හෝ දූවිල්ලක් හෝ ධජයක් හෝ දැක පැන යන ස්වභාවය ඇත්තේ.
ඉති පි සො භගවා ආදිය විසුද්ධිමාර්ගයෙහි විස්තර කරන ලද්දේ ම ය. ඉදමවොච මේ ධජග්ගපරිත්තං භාග්‍යවතුන් වහන්සේ පැවසූ සේක. උන්වහන්සේගේ අණ කෝටි ශත සහස්ර චක්රවාළයෙහි ආනුභාවයක් මෙන් පවතී. මෙය සිහි කොට යක්ෂ භය, චෝර භය ආදී දුක්වලින් මිදුනවුන්ගේ කෙළවරක් නැත. වෙනත් දුක් සමනය වීම තිබියේවා. මෙය සිහි කරමින් ප්‍රසන්න සිත් ඇත්තේ ආකාශයෙහි වුව ද ප්‍රතිෂ්ඨාවක් ලබයි යනු යි.
මේ එහි කථා වස්තුවකි - දීඝවාපි චෛත්‍යයෙහි සුණු පිරියම් කරද්දී එක් තරුණයෙක් මුල් වේදිකා පාදයෙන් වැටී සෑ කුහරයෙහි වැටෙයි. පහත සිටි භික්ෂු සංඝයා ඇවැත්නි, ධජග්ග පිරිත ආවර්ජනය කරන්නැයි කීහ. හේ මරණ බයින් තැති ගත්තේ ධජග්ග පිරිත මා රකීවා යි කීයේ ය. එකෙණෙහි ම සෑ කුහරයෙන් ගඩොල් දෙකක් නික්මී ඉණිමගක් වී සිටියේ ය. ඉහළින් සිටියාහු වැල් ඉණිමගත් බැස්සූහ. ඒ ඉණිමග පිහිටි කල්හි ගඩොල් සුදුසු තන්හි ම පිහිටියේ ය.
තෙවැනි සූත්‍රය යි.
4. වෙපචිත්ති සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ වෙපචිත්ති මේ අසුරයන් සැමට ජ්‍යෙෂ්ඨ ය. යෙන නිපාත මාත්‍රයකි. නං ද (නිපාත මාත්‍රයකි) කණ්ඨපඤ්චමෙහි දෙ අතෙහි, දෙපාවල හා ගෙළෙහි යන බැඳුම් පහෙන් (=දෑත්, දෙපා, ගෙළ, බැඳ), ඒවා නෙළුම් හුයක් මෙන් ද මකුළු හුයක් මෙන් ද ඇස යොමුවට එයි. ඉරියව් මුවා කරයි. ඒවායින් සිතෙත් ම බැඳේ. සිතෙන් ම මිදේ. අක්තොසති සොරෙක්, බාලයෙක්, මුළා වූවෙක්, ඔටුවෙක්, ගොනෙක්, ගද්‍රභයෙක්, අපායගාමියෙක්, තිරිසන් බවට පත්වූවෙක් වෙහි; ඔබට සුගතියක් නැත. ඔබ අගතිය ම අපේක්ෂා කළ යුතු ය යන මේ ආක්‍රොශ වස්තු දහයෙන් ආක්‍රොශ කරයි. පරිභාසති මහලු ශක්‍රය, ඔබ සැම දා නො දින්නෙහි ය; යම් දිනෙක අසුරයන්ට ජය වන්නේ නම් එදාට ඔබ ද මෙසේ බැඳ අසුර නගරයෙහි දොරටුවෙහි හොවා තළවන්නේය ආදිය කියා තර්ජනය කරයි. ජය අත් පත් කර ගත් ශක්‍රයා එය සිතට නො ගනී. (ගණන් නො ගනී) මහා පිළිගැනීමක් ඔහුගේ හිසෙහි කම්පනය (ඇති) කරමින් සුධර්මා දේවසභාවට පිවිසෙයි; නික්මෙයි. අජ්ඣභාසි කිම මේ ශක්‍රයා මේ පරුෂ වචන බයෙන් ඉවසයි ද? නැතහොත් ඉවසීමේ ක්ෂාන්තියෙන් යුක්ත බැවින් (ඉවසයි) දැයි විමසමින් පැවසී ය.
දුබ්බල්‍යා නො දුර්වල බවින්; පටිසංයුජෙ ප්‍රතිවිරුද්ධ ව සටහන් කරයි ද? වාද කරයි ද? පභිජ්ජෙය්යුං නො ඇලෙන්නෝ ය; (බිඳන්නෝ ය) පකුජ්ඣෙය්යුං යනු ද පාඨයකි. පරං සතුරා යො සතො උපසම්මති යමෙක් සිහියෙන් යුක්ත වී සංසිඳේ ද; ඔහුගේ සංසිඳීම ම මම බාලයාගේ වැළැක්වීම ය යි සිතමි යනු අරුත යි. යදා නං මඤ්ඤති “යස්මා නං මඤ්ඤති” - යම් හෙයකින් එය (ඉවසීම) හඟී ද; අජ්ඣොරූහති යට කරයි; (ගිල්වා දමයි) ගෝව භිය්‍යෝ පලායිනං ගව රැළක ක්ෂණික ව ගවයින් දෙදෙනෙකු පොර කන විට (ඇන ගන්නා විටක) ගව රංචුව බලා සිටියි. යම් විටක එකෙක් පැන යයි ද, එවිට ඒ පැන යන (ගවයා) සියලු ගවයෝ වඩාත් යට කරති; මෙසේ මෝඩයා ඉවසන්නා බොහෝ සෙයින් යට කරයි යනු අරුත යි.
සදත්ථපරමා තම අර්ථය ම පරම කොට ඇති; ඛන්ත්‍යා භිය්යොන විජ්ජති ඒ තම අර්ථය ම පරම කොට ඇති අර්ථයන් අතර ක්ෂාන්තියට (ඉවසීමට) වැඩි උත්තරීතර අන්‍ය අර්ථයක් නො මැත. තමාහු පරමං ඛන්තිං යම් බලවත් පුද්ගලයෙක් ඉවසයි ද ඔහුගේ ඒ ක්ෂාන්තිය ශ්‍රේෂ්ඨ යි කීවෝ ය. බාලබලං අඥාන බලය; එය යස්ස (යමෙකුගේ) බලය අබල ම ය; එය බලය යි ආහු කියති යි දක්වති. ධම්මගුත්තස්ස ධර්මයෙන් ආරක්ෂා කරන ලද්දහුගේ, ධර්මය රකින්නහුගේ හෝ පටිවත්තා විරුද්ධ ව නැගී සිට පවසන්නා. විරුද්ධ ව නැගී සිට ඒක මේක (යම් යම් දේ) කීව ද දැහැමි ව සිටින්නකු සොළවන්නට සමතෙකු නම් නැත. තස්සෙව තෙන පාපියො ඒ ක්‍රෝධයෙන් ඒ පුද්ගලයාට ම පාපය (වේ), කාට ද? යො කුද්ධං පටිකුජ්ඣති (යමෙක් ක්‍රෝධ කරන්නෙකුට පෙරළා ක්‍රෝධ කරයි ද (ඔහුට ය)) තිකිච්ඡන්තානං ඒක වචනය වෙනුවට බහු වචනයකි. ‘තිකිච්ඡන්තං (වැඩ සාදන්නා) යන අර්ථයි. ජනා මඤ්ඤන්ති මේ ආකාර වූ, තමාටත් අනුන්ටත් යන දෙගොල්ලට ම තිකිච්ඡන්තං - නිප්ඵාදෙන්තං වැඩ සාදන පුද්ගලයා මොහු අන්ධ බාලයෙකැයි අන්ධබාල පෘථග්ජනයා ම සිතත්, ධම්මස්ස අකොවිදො චතුස්සත්‍යයෙහි අදක්ෂ වූවෝ. ඉධ මේ ශාසනයෙහි ඛො නිපාත මාත්‍රයකි.
සිවු වැනි සූත්‍රය යි.
5. සුභාසිතජය සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අසුරින්දං එතදවොච බුද්ධිමත් බව නිසා මෙසේ කී ය. ඔහුට මෙසේ සිතිණි: අනෙකාගේ ග්‍රහණය මුදාහැර පළමුවෙන් කීම බරපතළ ය; අනිකාගේ වචන අනුව යමින් පසු ව කීම පහසුය යි. පුබ්බදෙවා දෙව් ලොව බොහෝ කලක් ජීවත් වන්නා වූ මුල් අධිපතිවරු ය, ඔබලාගේ පරපුරෙන් පැමිණි දේ කියනු මැනවි. අදණ්ඩාවචරා දණ්ඩයෙහි ආශ්‍රයක් රහිත වූවෝ; දණ්ඩක් හෝ ආයුධයක් (අතට) ගත යුතු ය යන්න මෙහි නැත යන අරුත යි.
පස් වැනි සූත්‍රය යි.