6. පියඞ්කර සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - ජෙතවනෙ ජේතවනයෙහි පසල් දනව්වක ‘කොසම්බකුටිකා’ නම් තැනක් ඇත. එහි වසයි. ධම්මපදානි මෙහි වෙන් වෙන් ම සංග්‍රහ කරන ලද ෂඩ්වීසති වර්ග පෙළ (ධම්මපදය) අදහස් කරන ලදි. එහි තෙරුන් වහන්සේ ඒ අවස්ථාවෙහි විහාර ඇතුළත සිටිමින් මධුර ස්වරයෙන් ගාථා කියා අප්පමාදවග්ගය කියයි. එවං තොසෙසි (මෙසේ නැළවුවා ය). ඈ පියංකර (නම් වූ) පුතා ඇකයෙන් ගෙන ජේතවනයෙහි බටහිර පැත්තේ සිට අහර සොයන්නී පිළිවෙලින් නගරය දෙසට හැරී මළමුත්‍ර - කෙළ - සොටු ආදී දුෂ්කර බොජුන් සොයන්නී තෙරුන් වසන ස්ථානයට පැමිණ මධුර ස්වරය ඇසුවා ය. ඒ ශබ්දය ඇගේ සම ආදිය සිඳ ඇට මිදුලු ගටා හෘදයංගමනීය විය. ඉක්බිති ඈට ගොදුරු සෙවීමේ සිතක් හෝ නො උපතිණි. කන් යොමා ගෙන ධර්මය ම අසමින් සිටින්නී ය. යක් දරුවාගේ ළමාකම හේතුවෙන් ධර්ම ශ්‍රවණයෙහි සිතකුදු නො උපනි. ඔහු බඩ සයින් පෙලුන බැවින් “මෑණියනි, ගිය ගිය තැන කණුවක් මෙන් සිටින්නේ කුමක් නිසා ද? මට කන්නට හෝ බොන්නට කිසිවක් නො සොයන්නෙහි ද?” යි යළි යළිත් මවට දොස් පවරයි. ඇය මගේ ධර්මශ්‍රවණයට බාධාවක් කරතියි මා සද්දං කරි පියඞ්කර, ශබ්ද නොකරන්න” යි මෙසේ නැළවූවා ය. එහි මා සද්දං කරි ‘සද්දං මා කරි’ (ශබ්ද නො කරන්න)
පාණෙසු ච යන ගාථාවෙන් ඈ තමාගේ යෝග්‍යතාව අනුව සමාදන් වූ පඤ්චශීලය දක්වයි. එහි සංයමාමසෙ සංයම වෙමු. සංයත වූවෝ වෙමු. මෙයින් පාණාතිපාතයෙන් වැළකීම ගන්නා ලදි. දෙවන පදයෙන් මුසාවාද විරතිය, තෙවන පදයෙන් ඉතිරි විරති තුන (ගන්නා ලදි) අපි මුඤ්චෙම පිසාචයොනියා දරුවා යක්ෂ ලෝකයෙහි උපන් නමුත් මේ වෛර පහ හැර දමා සිහියෙන් යුතු ව පිළිපැද මේ කුසගිනි දුබික් සහිත පිශාච යක්ෂ යෝනියෙන් මිදෙමු’යි කී ය.
සය වැනි සූත්‍රය යි.
7. පුනබ්බසු සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - තෙන ඛො පන සමයෙන හිරු බැස ගිය කල්හි, එදා භාග්‍යවතුන් වහන්සේ දිවාභෝජනයෙන් පසු ව මහජනයාට දහම් දෙසා මහජනයා උද්යෝගිමත් කරවා ස්නානය කරන කුටියෙහි ස්නානය කොට, ගඳකිළි කාමරයෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි පෙර දිග ලෝකධාතුව බලමින් සිටි සේක. ඉක්බිති ඒකචාරික (තනි තනි ව හැසිරෙන) ද්විචාරික ආදි පංශුකුලික - පිණ්ඩපාතික - භික්‍ෂූහු තම තමන් වසන තැන්වලින් නික්මී පැමිණ බුදුන් වහන්සේ වැඳ, රතු කඩතුරාවලින් වට කරනු ලබන්නාක් මෙන් වාඩි වූහ. ඉක්බිති ඔවුන්ගේ අදහස දැන බුදුන් වහන්සේ නිර්වාණය අඩංගු ධර්ම කථාවක් පැවැත්වූ සේක.
එවං තොසෙසි ඇය දියනිය ඇකයෙන් ගෙන පුතා ඇඟිල්ලෙන් (අල්ලා) ගෙන ජේතවන තලාවේ ප්‍රාකාර වටය සමීපයෙහි මළමුත්‍ර - කෙළ - සොටු සොයමින් යන්නී පිළිවෙලින් ජේතවන දොරටුවට පැමිණියා ය. ආනන්දයනි, පාත්‍රය ගෙන එන්න. චීවරය ගෙන එන්න, ඉඳුල් කන්නවුනට දන් දෙන්න යි පවසන භාග්‍යවතුන් වහන්සේ ශබ්දය හාත්පසින් දොළොස් රියනක් පමණ ම ගනී. ධර්ම දේශනා කරන සේක් ඉදින් සක්වල කොට වුව ද පිරිස සිටියත්, ඒ පිරිස දක්වා යයි. ඉන් බැහැර එක් කෙළවර අඟලක් පමණකුදු පිටට නො යයි. හේතු රහිත ව මධුර ශබ්දය නො නසීවා කියා ය. එහි දී මේ යක්ෂණිය පිරිසෙන් පිටත සිටියා ශබ්දය නො ඇසේ. දොරටුවෙහ් සිටි ඇයට මහත් වූ බුද්ධ වීථිය නිසා ඉදිරියේ තිබූ ගඳ කිළිය පෙනිණි. ඈ, සුළඟ නැති තැන පහන් සිළුවක් මෙන් බුදුන් කෙරෙහි වූ ගෞරවයෙන් හස්තකුක්කුච්චයකුදු (අතින් කෙරෙන අශෝභන හැසිරීම්) නො මැති නිසල පිරිස දැක ඒකාන්තයෙන් ම මෙතැ කිසියම් බෙදා දෙන භාණ්ඩයක් විය යුත්තේ ය. එයින් මම ගිතෙල් මී පැණි ආදයෙන් පාත්‍රයෙන් හෝ අතින් වැගිරෙන බිමට වැටෙන කිසිවක් හෝ ලබන්නෙමි යි විහාරය ඇතුළට පිවිසියා ය. දොරටුව අවහිර කරන්නන් වැළැක්වීමට සිටි ආරක්ෂක දේවතාවා යකිණියගේ හේතුවාසනාව දැක නො වැළැක්වී ය. පිරිස සමග ඇගේ ඒකීභාව වීම හේතුවෙන් මධුරස්වරය සම ආදිය සිඳ (පසාරු කරගෙන) ඇට මිදුලු ගටා සිටියේ ය. ධර්මශ්‍රවණය පිණිස සිටි ඇය මුලින් සඳහන් කළ පරිදි ම කුඩා දරුවෝ දොස් පැවරූහ. අද මාගේ ධර්මශ්‍රවණයට අනතුරක් කරතියි කුඩා දරුවනට තුණ්හී උත්තරීකෙ හොහි (උත්තරීකාවනි නිහඬ වෙව) යි මෙසේ නැළවූවා ය.
එහි යාව යම් තාක් ධර්මය අසම් ද එතෙක් නිහඬ වනු යනු අර්ථය යි. සබ්බගන්‍ථප්පමොචනං නිවනට පැමිණ සියලු ගැටවලින් මිදෙත්. එහෙයින් එය සියලු ගැටවලින් මුදවන්නකැයි කියයි. අතිවෙලා වේලාව ඉක්මවා, ප්‍රමාණය ඉක්මවා ගිය, පියායනා සෙවීම, පැතීම, තතො පියතරං මේ ධර්මය සෙවීම - පැතීම යන යමක් ඇත් ද මෙය මට ඊටත් වඩා ප්‍රිය ය යනු අර්ථය යි. “පියතරා” යනු හෝ පාඨයකි. පාණිනං යම් සේ ප්‍රාණීන් දුකෙන් මුදවා ද, කවරකු මුදවා ද? ප්‍රාණීන් යි ගෙන කිව යුතු ය. යං ධම්මං අභිසම්බුද්ධං යම් ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළාහු ද, තුණ්හීභූතායං උත්තරා හුදෙක් මා පමණක් නොව මගේ මේ නැගණි උත්තරා ද නිහඬ ව සිටියි. සද්ධම්මස්ස අනඤ්ඤය මෑණියනි, අපි පෙර ද මේ සද්ධර්මය නො දැක දැන් මේ සාපිපාසා ආදී දුක් අනුභව කරමින් දුකෙහි හැසිරෙමු.