6. නජීරතී සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - නාම ගොත්තං න ජීරති අතීත බුදුවරුන්ගේ නාම ගෝත්‍ර අද දවස දක්වා පැවසේ. එහෙයින් නො දිරතියි කියනු ලැබේ. පුරාණ ආචාර්යවරයෝ කාලය ගතවත් ම නො දක්නා ලැබෙති. දිරන ස්වභාවය වේ ම යයි කියත්. ආලස්සං අලස බව, යම් තැනක සිටී ද සිටියේ ම ය, හිඳ ගෙන සිටි තැන හිඳගෙන ම ය. තෙලේ උතුරන විට පවා නො නැගිටියි. පමාදො නිද්‍රාවෙන් හෝ කෙලෙස් වශයෙන් හෝ ප්‍රමාදය, අනුට්ඨානං වැඩ කරන වේලාවෙහි වැඩ කිරීමේ වීර්යය නොමැති බව, අසඤ්ඤමො ශීල සංයම නොමැති බව, හරන ලද ආචාර ඇති බව, නිද්දා නින්ද බහුල ව ඇති බව යමිනුත් සිටගෙනත් හිඳගෙනත් නිදයි. වැතිර ගත් කල්හි කියනුම කවරේ ද? තන්‍දී බොහෝ කුසගිනි ය ආදී වශයෙන් ආගන්තුක වූ අලස බව තෙ ඡිද්දෙ ඒ සිදුරු - විවර - සය සබ්බසො සර්වාකාරයෙන් තං නිපාත මාත්‍රයකි. විවජ්ජයෙ වර්ජනය කරන්නේ ය, දුරුකරන්නේ ය.
සය වැනි සූත්‍රය යි.
7. ඉස්සර සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - සත්‍ථමලං මල බැඳුණු ආයුධ ය. කිංසු හරන්තං වාරෙන්ති හැර ගෙන යන කවරෙකු වළක්වත් ද? වසො අණ පැවැත්වීම, ඉත්‍ථි දුරු කිරීමට (අත හැරීමට) නො හැකි භාණ්ඩයක් බැවින් ඉත්‍ථි භණ්ඩානමුත්තමං උතුම් භාණ්ඩයකැයි කී ය. නැතහොත් බෝධි සත්ත්වයෝත් චක්‍රවර්තිහුත් යන සියලු ම දෙනා මව් කුසෙහි ම උපදිත් යැයි ඉත්‍ථි භණ්ඩානමුත්තමං යි කී ය. කොධො සත්‍ථමලං ක්‍රෝධය මළ බැඳණු ආයුධය හා සමාන වෙයි. ප්‍රඥා ආයුධයට මළකඩයකි යි හෝ ‘සත්‍ථමලං’ අබ්බුදං විනාශයට හේතුව චොරා ලොකස්මිං සොරු ලෝකය විනාශ කරන්නෝ යන අර්ථ යි. හරන්තො සලාක බත ආදිය ගෙන යන්නාහු, සලාක බත් ආදිය තබන ලද වේලෙහි ම මිනිසුන් විසින් දමන ලද්දේ වුව ද, ඔවුන්ගේ ඒවා ගෙන යන ශ්‍රමණ තෙමේ ප්‍රිය වෙයි. නො ගෙන යන කල්හි පුණ්‍යහානිය නිසා විපිළිසර වූවෝ වෙත්.
සත් වැනි සූත්‍රය යි.
8. කාම සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අත්තානං න දදෙ අනුනට දාසයකු කොට තමා නො දෙන්නේ ය, සියලු බෝධිසත්ත්වයන් හැර ය යි කියන ලදි. න පරිච්චජෙ සිංහ, ව්‍යාඝ්‍රාදීන් හට පරිත්‍යාග නො කරන්නේ ය. සියලු බෝසතුන් හැර ය යි කියන ලදි. කල්‍යාණිං සියුමැලි මොළොක් පාපිකං පරුෂ වචන,
අට වැනි සූත්‍රය යි.
9. පාථෙය්‍ය සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - සද්ධා බන්‍ධති පාථෙය්‍යං ශ්‍රද්ධාව උපදවා දන් දී සිල් රකී. පෙහෙවස් රකී. එහෙයින් මෙය කියන ලදි. සිරි ඓශ්චර්යය (ඉසුරුමත් බව) ආසයො වසන ස්ථානය ඉසුරුමත් බව එළඹි කල්හි ගොඩබිමින් හෝ ජලයෙන් හෝ භෝගයන් සඳහා ම පැමිණෙන්නාහු මය, එහෙයින් (මෙය) කියන ලදි. පරිකස්සති ඇද ගනී.
නව වැනි සූත්‍රය යි.
10. පජ්ජොත සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - පජ්ජොතො පහනක් මෙන් වේ. ජාගරො නිදි වරණ බ්‍රාහ්මණයෙකු මෙන් වේ. ගාවො කම්මෙ සජීවානං කර්මාන්ත සමග ජීවත් වන්නවුනට ගවයෝ ම කර්මාන්තයෙහි කර්මාන්ත සහායකයෝ කර්මාන්ත ද්විතීයිකයෝ නම් වෙත්. ගව රැළ සමගින් කෘෂ්කර්මාන්ත ආදිය බිහි වේ. සීතස්ස ඉරියාපථො නගුල ඒ මිනිස් කොට්ඨාශයේ ඉරියව්ව ජීවිකා වෘත්තිය යි. සීතං යනු නගුල ය. යමෙකුගේ නගුලෙන් කෙත අල්පමාත්‍රයකින් හෝ නො සාන ලද නම් හේ කෙසේ ජීවත්වන්නේ දැයි පවසන සේක.
දස වැනි සූත්‍රය යි.
11. අරණ සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නේ - අරණා නික්ලේශී වූවෝ, වුසිතං - වාසය කරන ලද (විසීම) භොජිස්සියං දාස නො වූ බව (නිදහස් බව) සමණා ක්‍ෂීණාශ්‍රව ශ්‍රමණයෝ; ඔවුහු ඒකාන්තයෙන් ම ‘අරණා’ (නික්ලේශී) නම්, වුසිතං න නස්සති ඔවුන්ගේ ආර්ය මාර්ග වාසය විනාශ නො වේ. පරිජානන්ති පෘථග්ජන කල්‍යාණ බව පටන් සේඛ වූ ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන් පිරිසිඳ දනිත්, තව ද භොජිස්සියං ක්‍ෂීණාශ්‍රව ශ්‍රමණයන්ගේ ම නිත්‍ය නිදහස් බව වේ. වන්‍දති පැවිදි වූ දින සිට ම වැඳුම් ලබයි. පතිට්ඨිතං ශීලයෙහි පිහිටි. සමණීධ සමණං ඉධ (ශ්‍රමණයා හට මෙහි) ජාතිහීනං සැඩොල් කුලයෙන් පැවිදි වූවහට පවා ඛත්තියා ක්‍ෂත්‍රියයෝ පමණක් නොව දෙවියෝ ද ශීලසම්පන්න ශ්‍රමණයාට වඳින්නෝ ය.
එකොළොස් වැනි සූත්‍රය යි.
අට වැනි ඣත්‍වා වර්ගය යි.
මෙසේ සාරත්‍ථපකාසීනි සංයුක්ත නිකාය අට්ඨකථාවේ
දේවතා සංයුක්ත වර්ණනාව නිමියේ ය.
2. දෙවපුත්ත සංයුත්තය
1. සුරිය වර්ගය
1. පඨමකස්සප සූත්‍ර වර්ණනාව
දෙවපුත්තසංයුත්තයේ පළමු වැන්නේ - දෙවපුත්තො දෙවියන්ගේ ඇකයෙහි පහළ වූ පුරුෂයෝ දේවපුත්ත (දිව්‍ය පුත්‍ර) නම් ද, ස්ත්‍රීහු දේවදුහිතෘ නම් ද වෙත්. නම් වශයෙන් ප්‍රකට නො වූයේ “අඤ්ඤතරා දෙවතා” (එක්තරා දේවතාවෙක්) යි කියනු ලැබේ. ප්‍රකට වූයේ මෙ බඳු නම් ඇති දේව පුත්‍රයා යි (කියනු ලැබේ.) එහෙයින් යට (පෙර) “අඤ්ඤතරා දෙවතා” යි කියා මෙහි “දෙවපුත්තො” යි කියන ලදි. අනුසාසං අනුශාසනය කළ සේක. මේ දේවපුත්‍රයා, භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බෝධියෙන් සත් වන වර්ෂයෙහි යමක ප්‍රාතිහාර්යය කොට තව්තිසා දෙව්ලොව වස් පිණිස වැඩම කොට අභිධර්මය දේශනා කරමින් ඣාන විභංගයෙහි “භික්‍ඛූති සමඤ්ඤාය භික්‍ඛූ පටිඤ්ඤාය භික්‍ඛූ” යි භික්‍ඛු නිද්දේසය වදාරනු ඇසී ය. “මෙලෙස විතර්කනය කරවු, මෙලෙස විතර්කනය නො කරවු, මෙසේ සිත්හි ලවු; මෙලෙස සිත්හි නො කරවු, මෙය අත් හරිවු, මෙය උපදවා කල්ගත කරවු” යි මේ ආකාරයේ භික්‍ෂු අවවාද අනුශාසනා නො ඇසී ය. හේ ඒ ගැන භික්‍ඛුං භගවා පකාසෙසි නො ච භික්‍ඛුනො අනුසාසං (භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුවට පැවසූ සේක. (එහෙත්) භික්‍ෂුවට අනුශාසනාව නො පැවසූ සේක) යි කී ය.