4. වුට්ඨි සූත්ර වර්ණනාව
සතර වැන්නෙහි - බීජං (පොළවෙන්) ඉහළට මතුවන දෑ අතුරින් සප්තවිධ වූ ධාන්ය බීජ ශ්රේෂ්ඨ ය. එය මතු වූ කල්හි ජනපදය ක්ෂේම වෙයි. සුභික්ෂ වෙයි. නිපත්තං පහළට වැටෙන දෑ අතරින් වැස්ස ශ්රේෂ්ඨ ය. පවජමානානං ජංගම වූ පයින් ඇවිදින්නන් අතර ගාවො (ගවයෝ) ශ්රේෂ්ඨ ය. ඔවුන් හේතු කොට ගෙන මිනිස්සු පස්ගෝ රස පරිභෝජනය කරමින් සැපසේ ජීවත් වෙති. පවදතං රජ පවුල මධ්යයේ ආදි තැන්වල කථා කරන්නන් අතර පුත්තො පුත්රයා උතුම් ය. හේ මව්පියන්ට අනර්ථයක් ගෙන දෙන දෙයක් නො කියයි.
විජ්ජා උප්පත්තං සෙට්ඨො මුලින් ආ ප්රශ්න අසා අසළ සිටි එක් දේවතාවෙක් “දේවතාවනි, ඔබ කුමක් නිසා මේ ප්රශ්නය බුදුන්ගෙන් විමසන්නෙහි ද? මම ඔබට කියා දෙන්නෙමි යි තමාගේ ලබ්ධියෙන් ප්රශ්නය විසඳී ය. ඉක්බිති අනික් දේවතාවා ඔහුට මෙසේ පැවසී ය. දේවතාවනි, නැසෙන්නක් කියහි, මුඛරිබවක් කුමට ද? මම ම භාග්යවත් බුදුන් වහන්සේගෙන් විමසමි. ඔබ කුමක් නිසා මා වෙනුවෙන් කථා කරන්නෙහි දැයි නවත්වා ඒ ප්රශ්නය ම බුදුන් වහන්සේගෙන් විමසුවේ ය. එය ඔහුට විසඳමින් ශාස්තෲන් වහන්සේ විජ්ජා උප්පත්තං යනාදිය පැවසූ සේක. එහි විජ්ජා යනු මාර්ග සතර පිළිබඳ විද්යාව යි. එය ඉහළ නැගෙන්නේ සියලු අකුසල ධර්මයන් මුලිනුපුටා දමයි. එහෙයින් උප්පත්තං සෙට්ඨා (නැග එන්නන් අතර ශ්රේෂ්ඨ ය) යි කියන ලදි. අවිජ්ජා සංසාර (වට්ට) මූලක වූ මහා අවිද්යාව, එය පහත වැටෙන්නන්, කිඳා බසින්නන් අතර වරා (උතුම් ය). පවජමානානං පයින් ඇවිදින්නන් අතර ජංගමවූවන් අතර පුණ්යක්ෂේත්රභූත වූ මහා සංඝයා උතුම් ය. උන්වහන්සේ ඒ ඒ තැන දැක පහන් සිත් (ඇති කර) ගත් සත්ත්වයෝ සැපයට පැමිණෙත්. බුද්ධො කවර ආකාරයේ පුතකු හෝ අන්යයෙකු හෝ වේවා කථා කරන අය අතුරින් බුදුන් වහන්සේ වරො (ශ්රේෂ්ඨ ය), උන්වහන්සේගේ ධර්ම දේශනාවට පැමිණ නොයෙක් දහස් ගණන් ප්රාණීන් හට බැඳුම්වලින් මිදීම (නිවන) වන්නේ ය.
සිවු වැනි සූත්රය යි.
5. භීත සූත්ර වර්ණනාව
පස් වැන්නෙහි - කිංසුධ භීතා කුමට බිය වූවාහු ද? මග්ගො ච නෙකායතනං පවුත්තො අටතිස් අරමුණු වශයෙන් නොයෙක් කරුණුවලින් (මාර්ගය) ප්රකාශ කරන ලදි. එසේ තිබියදී කුමට බිය වී මේ ජනතාව දෙසැටක් දෘෂ්ටි ගත්තාහු දැයි පවසයි. භූරිපඤ්ඤ බහු පඤ්ඤ (බොහෝ ප්රඥා ඇත්තාණනි,) දස්සන පඤ්ඤ (දර්ශන ප්රඥා ඇත්තාණනි), උස්සන්නපඤ්ඤ (උත්සන්න වූ ප්රඥා ඇත්තාණනි), පරලොකං න භායෙ මේ ලොවින් පරලොව යාමට බිය නො විය යුත්තේ ය. පණිධාය පිහිටුවා බහ්වන්නපානං ඝරමාවසන්තො අනේපිඬු සිටු ආදීන් මෙන් බොහෝ ආහාර පාන ඇති ගෙවල වසන්නෝ, සංවිභාගී දෑඟිලි තුඩුවලින් ගත් දේ පවා නියෙන් පලා අනුන්ට දී අනුභව කරන. වදඤ්ඤු කියන ලද අර්ථය ම ය.
දැන් ගාථාවේ කොටස් උපුටා ගෙන දැක්විය යුත්තේ ය. වාචං මෙයින් වචී සුචරිත සතර ය. මනෙන යන පදයෙන් මනො සුචරිත තුන, කායෙන යන පදයෙන් කාය සුචරිත තුන යන මේ දශකුශල කර්ම පථ පූර්ව ශුද්ධි අංග නමි. බහ්වන්නපානං ඝරමාවසන්තො මෙයින් යාග උපස්කාර (අංග) ගන්නා ලදි. සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤූ ද (ශ්රද්ධාවත්, මෘදු ගුණ ඇති. බෙදා දී අනුභව කරන, දානයට කැමති) එක් අංගයකි.
[missing trans]
අනික ‘දුකනය’ නම් වේ. වාචං මනංච මෙය එක් අංගයකි. කායෙන පාපානි අකුබ්බමානො බහ්වන්නපානං ඝරමාවසන්තො එකකි. සද්ධො මුදු එකකි. සංවිභාගී වදඤ්ඤූ එකකි. මේ ධර්ම සතරෙහි සිටියේ ධර්මයෙහි සිටියේ නම් වේ. හේ මෙයින් පරලොව යන්නට බිය නො වේ.
අනික ‘දුකනය’ නම් වේ. වාචං මනංච මෙය එක් අංගයකි. කායෙන පාපානි අකුබ්බමානො බහ්වන්නපානං ඝරමාවසන්තො එකකි. සද්ධො මුදු එකකි. සංවිභාගී වදඤ්ඤූ එකකි. මේ ධර්ම සතරෙහි සිටියේ ධර්මයෙහි සිටියේ නම් වේ. හේ මෙයින් පරලොව යන්නට බිය නො වේ.
පස් වැනි සූත්රය යි.
6. නජීරතී සූත්ර වර්ණනාව
සය වැන්නේ - නාම ගොත්තං න ජීරති අතීත බුදුවරුන්ගේ නාම ගෝත්ර අද දවස දක්වා පැවසේ. එහෙයින් නො දිරතියි කියනු ලැබේ. පුරාණ ආචාර්යවරයෝ කාලය ගතවත් ම නො දක්නා ලැබෙති. දිරන ස්වභාවය වේ ම යයි කියත්. ආලස්සං අලස බව, යම් තැනක සිටී ද සිටියේ ම ය, හිඳ ගෙන සිටි තැන හිඳගෙන ම ය. තෙලේ උතුරන විට පවා නො නැගිටියි. පමාදො නිද්රාවෙන් හෝ කෙලෙස් වශයෙන් හෝ ප්රමාදය, අනුට්ඨානං වැඩ කරන වේලාවෙහි වැඩ කිරීමේ වීර්යය නොමැති බව, අසඤ්ඤමො ශීල සංයම නොමැති බව, හරන ලද ආචාර ඇති බව, නිද්දා නින්ද බහුල ව ඇති බව යමිනුත් සිටගෙනත් හිඳගෙනත් නිදයි. වැතිර ගත් කල්හි කියනුම කවරේ ද? තන්දී බොහෝ කුසගිනි ය ආදී වශයෙන් ආගන්තුක වූ අලස බව තෙ ඡිද්දෙ ඒ සිදුරු - විවර - සය සබ්බසො සර්වාකාරයෙන් තං නිපාත මාත්රයකි. විවජ්ජයෙ වර්ජනය කරන්නේ ය, දුරුකරන්නේ ය.
සය වැනි සූත්රය යි.
7. ඉස්සර සූත්ර වර්ණනාව
සත් වැන්නේ - සත්ථමලං මල බැඳුණු ආයුධ ය. කිංසු හරන්තං වාරෙන්ති හැර ගෙන යන කවරෙකු වළක්වත් ද? වසො අණ පැවැත්වීම, ඉත්ථි දුරු කිරීමට (අත හැරීමට) නො හැකි භාණ්ඩයක් බැවින් ඉත්ථි භණ්ඩානමුත්තමං උතුම් භාණ්ඩයකැයි කී ය. නැතහොත් බෝධි සත්ත්වයෝත් චක්රවර්තිහුත් යන සියලු ම දෙනා මව් කුසෙහි ම උපදිත් යැයි ඉත්ථි භණ්ඩානමුත්තමං යි කී ය. කොධො සත්ථමලං ක්රෝධය මළ බැඳණු ආයුධය හා සමාන වෙයි. ප්රඥා ආයුධයට මළකඩයකි යි හෝ ‘සත්ථමලං’ අබ්බුදං විනාශයට හේතුව චොරා ලොකස්මිං සොරු ලෝකය විනාශ කරන්නෝ යන අර්ථ යි. හරන්තො සලාක බත ආදිය ගෙන යන්නාහු, සලාක බත් ආදිය තබන ලද වේලෙහි ම මිනිසුන් විසින් දමන ලද්දේ වුව ද, ඔවුන්ගේ ඒවා ගෙන යන ශ්රමණ තෙමේ ප්රිය වෙයි. නො ගෙන යන කල්හි පුණ්යහානිය නිසා විපිළිසර වූවෝ වෙත්.
සත් වැනි සූත්රය යි.