මෙහි දුර්ලභ ලෙස පහළ වීමේ අර්ථයෙන් ප්රඥාරතනය යි කියන ලදි. පුඤ්ඤං පුණ්‍ය චේතනා ය. එය රූප (ශරීර) නො වන බැවින් පැහැර ගෙන යාමට නො හැක්කේ යි.
ප්‍රථම සූත්‍රය යි.
2. අජරසා සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අජරසා සාධු නො දිරීමෙන් විනාශ නො වීමෙන් යන අර්ථ යි, ශීලය විනාශ නො වූයේ ම යහපත් වේ. විපතට පත් ශීලය ආචාර්ය උපාධ්‍යාය ආදීහු පවා ගණන් නො ගනිත්. ගිය ගිය තැන ඉවත් කළ යුත්තේ වෙයි.
දෙවැනි සූත්‍රය යි.
3. මිත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සත්ථො එකට යන-පයින් වෙළඳාමට යන-සමූහය (තවලම) හෝ ගැල් සමූහය හෝ: මිත්තං රෝගයක් හට ගත් කල්හි පල්ලැක්කියකින් හෝ වෙනත් යානයකින් හෝ ගෙන ගොස් ආරක්ෂිත ස්ථානයකට පමුණුවන බැවින් මිත්‍ර වූ, සකෙ ඝරෙ තමාගේ ගෙහි, ඒ ආකාරයේ රෝගයක් හටගත් කල්හි පුතුන් බිරින්දන් ආදින් පිළිකුල් කරති. මව වූ කලී අශුචි පවා සඳුන් මෙන් සලකයි. එහෙයින් ඇය තම ගෙහි මිතුරා ය. සහායො අත්ථජාතස්ස කළ යුතු කටයුතු ඇත්තෙකුගේ ඒ කාර්යය යමෙක් උසුළයි ද, (නිමවා) එතෙර කරයි ද ඔහු කාර්යයන්හි දී එකට යන බැවින් ‘සහායයා’ මිත්‍රයා; සුරාපාන සහායයෝ මිත්‍රයෝ නො වෙත්. සම්පරායිකං පරලොව හිත කැමති වෙත්.
තුන්වන සූත්‍රය යි.
4. වත්ථු සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ පුත්තා වත්ථු මහලු කාලයෙහි පෝෂණය කිරීමේ අර්ථයෙන් පුත්‍රයෝ ප්‍රතිෂ්ඨාව වෙත්. පරමො අන්‍යයනට නො කිව යුතු රහත් වුව ද කිවයුතු බැවින් භාර්යාව පරම යහළුවා නමි.
සිවු වැනි සූත්‍රය යි.
5. පඨමජනෙති සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - විධාවති අන් සමුදුර ආදි ගමන් වශයෙන් එහෙ මෙහෙ දුවයි.
පස් වැනි සූත්‍රය යි.
6. දුතියජනෙති සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - දුක්ඛා සසර දුකින්.
සය වැනි සූත්‍රය යි.
7. තතිය ජනෙති සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - පරායනං නිෂ්පත්තියට (ඵලයට) උපකාර වන (පිහිට වන).
සත් වැනි සූත්‍රය යි.
8. උප්පථ සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - රාගෙන උප්පථො සුගතියටත් නිවනටත් යන්නෙකුට නො මග. රත්තින්දිවක්ඛයො රෑ දවල්වලින් හෝ රෑ දවල්වල දී හෝ ගෙවී යයි. ඉත්ථි මලං අනෙකුත් බාහිර මළ, අළු - ක්ෂාර ආදියෙන් සෝදා හැරීමට පුළුවන. ස්ත්‍රී මළෙන් දූෂණය වූයේ පවිත්‍ර කිරීමට නම් නො හැක්කේ ම යයි ‘ඉත්ථි මලං’ යි කියන ලදි. එත්ථ මෙහි ස්ත්‍රිය කෙරෙහි. පජා සජ්ජති (සත්ත්වයා ඇලේ); තපො ඉන්ද්රිය සංවර ධුත ගුණ වීර්ය දුෂ්කර ක්‍රියා කරන්නන්ගේ නමකි. මෙහි දුෂ්කර ක්‍රියාව හැර කෙළෙස් තවන සියලු ම ප්රතිපදාවන් සුදුසු ය. බ්රහ්මචරියං මෙවුන්දමෙන් තොර වීම.
අට වැනි සූත්‍රය යි.
9. දුතියා සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - කිස්ස චාභිරතො කුමක්හි ඇළුනේ ද, දුතියා සුගතියටත් නිවනටත් යන්නෙකුට දෙවැන්නී, පඤ්ඤා චෙනං පසාසති ප්‍රඥාව ඒ පුරුෂයාට මෙය කරව, මෙය නො කරව යි අනුශාසනා කරයි.
නව වැනි සූත්‍රය යි.
10. කවි සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - ඡන්දො නිදානං ගායත්‍රී ආදි ඡන්දස් ගාථානං (ගාථාවන්ගේ) නිදානය, මුලින් පිහිටුවන ගාථා අරඹන්නේ කවර ඡන්දසකින් වන්නේ දැයි අරඹයි. වියඤ්ජනං ජනනය යි. අක්ෂරය පද උපදවයි. පද ගාථා උපදවයි. ගාථා අර්ථයක් ප්‍රකාශ කරයි. නාම සන්නිස්සිතා සමුද්‍ර ආදි ප්රඥප්ති ආශ්රිත, ගාථා අරඹන්නේ සමුද්‍රය හෝ පෘථිවිය හෝ යම් කිසි නමක් ආශ්‍රය කොට ගෙන ම අරඹයි. ආසයො ප්‍රතිෂ්ඨාව, කවීහු ගාථා පවත්වත්, ඔහු (කවියා) ඒවාහි ප්‍රතිෂ්ඨාව වන්නේ ය යි.
දස වැනි සූත්‍රය යි.
සය වැනි ජරා වර්ගය යි.
7. අන්ව වර්ගය
1. නාම අන්වභවි සූත්‍ර වර්ණනාව
අන්ව වග්ගයෙහි පළමු වැන්නෙහි - නාමං සබ්බං අන්වභවි නාමය සියල්ල අභිභවනය කරයි, පහර දෙයි, කරයි. ඕපපාතික ලෙස හෝ කෘත්‍රිම නාමයෙන් මිදුණු සත්ත්වයකු හෝ සංස්කාරයක් හෝ නැත. යම් රුකක් හෝ ගලක් මේ නමැයි (මේ නම් වෙතැයි) නො දනිත් ද “නමක් නො මැති” යන්න ම එහි නම වේ.
ප්‍රථම සූත්‍රය යි.
2. චිත්ත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - සබ්බෙව වසමන්වගු යම් කෙනේක සිතේ වසඟයට යත් ද එය ඒවායෙහි ම අනවශේෂයෙන් ග්‍රහණය කිරීම ය.
දෙවැනි සූත්‍රය යි.
3. තණ්හා සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි ද මේ න්‍යාය ම ය.
තුන් වැනි සූත්‍රය යි.
4. සංයෝජන සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - කිංසු සංයොජනො කුමන සංයෝජන ද? කුමන බන්ධන ද? විචාරණං ‘චරණ’ පාද ය. බහු වචනයෙහි ලා ඒක වචනය කරන ලදි. විතක්කස්ස විචාරණං විතර්කය එහි පාද ය.
සිවු වැනි සූත්‍රය යි.
5. බන්ධන සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි ද මේ න්‍යාය ම ය.
පස් වැනි සූත්‍රය යි.
6. අබ්හාහත සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - කෙනස්සුබ්භාහතො ‘කෙන සු අබ්භාහතො’ (කුමකින් ලුහුබඳන ලද ද?) ‘සු’ නිපාත මාත්‍රයකි. ඉච්ඡාධූමායිතො තෘෂ්ණාවෙන් ගිනි ගෙන ඇත්තේ ය.
සය වැනි සූත්‍රය යි.
7. උඩ්ඩිත සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - තණ්හාය උඩ්ඩිතො තෘෂ්ණාවෙන් එල්ලා ඇත. (බැඳ දමා ඇත.) චක්ෂුව (ඇස) තෘෂ්ණා රැහැනින් ගොතා රූප නමැති නාගදත්තයෙහි (කොක්කෙහි) එල්ලා තබන ලදි. කණ ආදිය ශබ්දාදිය යන ආකාරයට ලෝකය තෘෂ්ණාවෙන් එල්ලන ලද්දේ ය. මච්චුනා පිහිතො සත්ත්වයෝ, අනන්තර (පූර්ව) ආත්ම භාවයෙහි කරන ලද කර්මය ආසන්න එක් චිත්තාන්තරයක් බලවත් මාරාන්තික වේදනාව නිසා පර්වතයකින් මෙන් වැසුණු බව නිසා අවබෝධ කර නො ගනිත් යි මච්චුනා පිහිතො ලොකො (ලෝකය මරහු විසින් වසන ලද්දේ ය) යයි කියන ලදි.
සත් වැනි සූත්‍රය යි.
8. පිහිත සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - එම ප්රශ්නය පහළ ඉහළ (පෙර පසු) වශයෙන් ප්‍රශ්න කරන ලදි.
අට වැනි සූත්‍රය යි.