9. මච්ඡරි සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි මච්ඡරිනො මසුරු බවින් යුක්ත වූ; සමහරෙක් තමා වසන තැන (සිට) භික්ෂුවකට අත දිගු කොට නො වඳිති. වෙනත් අදහසකින් ගියේ විහාරයට ඇතුළු ව සකසා වැඳ මිහිරි පිළිසඳර කථා කරති. “ස්වාමීනි, අප වසන තැනට නො එනු මැනවි. ප්‍රදේශය සමෘද්ධිමත්. ආර්යයන් වහ්නසේලාට කැඳ බත් ආදියෙන් උපස්ථාන කිරීමට හැකි වෙමු” යි (කියති) භික්ෂුව “මේ උපාසක තෙමේ ශ්‍රද්ධා සම්පන්න ය, කැඳ බත් ආදියෙන් සංග්‍රහ කරන්නේ යයි” (සිතයි.) ඉක්බිති එක්තරා භික්ෂුවක් ඔහුගේ ගමට ගොස් පිඬු පිණිස හැසිරෙයි. ඔහු භික්ෂුව දැක අන් මගකින් හෝ යයි. ගෙට හෝ යයි. ඉදින් මුහුණට මුණ ගැසිණි නම් අතින් වැඳ ආර්යයන් වහන්සේට භික්ෂාව දෙන්න. මම වැඩකට යමි යි පිටත් ව යයි. තෙරුන් වහන්සේ මුළු ගම ම ඇවිද හිස් පාත්‍රය ඇති ව පිටත් ව යයි. මෙය දායකයෙකු නො වී දායකයකු මෙන් පෙන්වන තෙක් වූ මෘදු (බරපතළ නො වූ) මසුරු බව නමි. මෙහි වනාහි දළ මසුරු බව අදහස් කෙරේ. ඉන් යුක්ත වූ පුද්ගලයා පිඬු පිණිස භික්ෂූන් වහන්සේලා පැමිණි කල්හි “භික්ෂූන් වහන්සේලා සිටිති (ඉන්නවා)” යි කී කල, “කිම? මගේ පා රිදවනවා’ යි ආදිය පවසා ගල් කණුවක් ලෙස කී කොටයක් ලෙස ස්තබ්ධ ව (තද ලෙස) සිටියි. සාමීචි මාත්‍රයක් හෝ නො කරයි. කදරියා මෙය “මච්ඡරිනො” යන පදයට සමානාර්ථවාචී ය. මෘදු මසුරු කමක් ‘මසුරුකමක්’ ම යයි කියනු ලැබේ. තද (මසුරු කම) ‘කදරිය’ නමි. පරිභාසකා ගෙයි දොරකඩ භික්ෂූන් සිටිනු දැක “කිම ඔබ වහන්සේලා වපුරලා ද ආවේ? වපුරා කපා අපි වත් නො ලබමු. ඔබ වහන්සේලාට කොයින්ද? වහා පිටවන්න” ආදි වශයෙන් තර්ජනය කරන්නෝ ය. අන්තරායකරා දායකයාට ස්වර්ග (ලාභයට) අන්තරාය, පිළිගන්නා අය හට ලැබීම (නොමැති වීමේ) අන්තරාය, තමාට උපද්‍රව යි මේ අන්තරාය කරන්නෝ;
සම්පරායො පරලොව රතී පඤ්චකාම ගුණයෙහි ඇලීම, ඛිඩ්ඩා කායික ක්‍රීඩා ආදී ක්‍රීඩා; දිට්ඨෙව ධම්මෙ ස විපාකො ඒ උපන් ස්ථානයෙහි ඇස් ඉදිරිපිට දී ම මේ විපාක වේ. සම්පරායෙ ච දුග්ගති යනු “යමලොකං ච උප්පජ්ජරෙ යි කී කල පරලොව ද දුගතිය යි.
වදඤ්ඤූ භික්‍ෂූහුගේ දොරකඩ සිටියාහු කිසියම් තුෂ්ණීම් භාවයකින් (කථා නො කර) සිටිති. (එහි) තේරුම නම්, “භික්ෂාව දෙනු මැනවි’යි කියත්. එහි යම් කෙනෙක් “අපි උයමු. මේ අය නො උයති. උයමින් සිටින කල්හි ළඟට පැමිණ නො ලබන්නාහු කොහෙන් ලබත් දැයි දිය යුතු දේ බෙදා දෙති. ඒ අය ‘වදඤ්ඤූ’ (දන් දෙන සුලු) නමි. පකාසෙන්ති විමාන ප්‍රභාවෙන් බබළත්. පරසම්භතෙසු අනුන් විසින් රැස් කරන ලද, සම්පරායො ච සුග්ගති මේ ස්වර්ගය යි මෙසේ කියන ලද පරලොව ද සුගතිය යි, ඒ දෙක්හිම හෝ, ඉන් චුතව යළි පරලොව ද දුගති සුගති ම වන්නේ ය.
නව වැනි සූත්‍රය යි.
10. ඝටීකාර සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි උපපන්නා සෙ උත්පත්ති වශයෙන් පැමිණි, විමුත්තා අවිහ ආදි බ්‍රහ්ම ලෝකයෙහි උත්පත්තියට අනතුරු ව ම අර්හත් ඵල විමුක්තියෙන් විමුක්තියට පත්, මානුසං දෙහං මෙහි පඤ්ච ඕරම්භාගිය සංයෝජන ම කියන ලදි. දිබ්බං යොගං පඤ්ච උද්ධම්භාගිය සංයොජන, උපච්චගුං ඉක්මවා ගියහ (තරණය කළහ), උපකො ආදිය ඒ තෙරවරුන්ගේ නම් ය. කුසලී භාසසි තෙසං කුසලය යන මෙය මොහුට ඇතැයි ‘කුසලී’ ඒ තෙරවරුන්ට ඔබ කුසලයක් නිවැරදි දෙයක් පවසහි. ගුණ වර්ණනා කරහි, ප්‍රශංසා කරන්නෙහි, දේව පුත්‍රයා පණ්ඩිතයෙකි යි කියයි. තං තෙ ධම්මං ඉධඤ්ඤාය ඒ තෙරවරු ඒ දහම මෙහි - ඔබ වහන්සේලාගේ සසුනෙහි - දැන, ගම්භීරං ගැඹුරු අර්ථ බ්‍රහ්මචාරී නිරාමිසො නිරාමිස බ්‍රහ්මචාරී නම් වූ; අනාගාමි විය යනු අරුත යි. අහුවා විය. සගාමෙය්‍ය එක් ගමක වසන. අවසාන ගාථාව සංගීති කාරකයන් විසින් යොදන ලදි.
දස වැනි සූත්‍රය යි.
පස්වැනි ආදිත්ත වර්ගය යි.
6. ජරා වර්ගය
1. ජරා සූත්‍ර වර්ණනාව
ජරා වග්ගයෙහි පළමු වැන්නේ සාධු සිත් ගන්නා දෙය, භද්‍රක (යහපත් දෙය) සීලං යාව ජරා - මෙයින් මෙය පෙන්වා ලයි: යම් සේ මුතු මැණික් රන් වස්ත්‍ර ආදි ආභරණ තරුණ කාලයේ පමණක් ශෝභන වේ. ජරා ජීර්ණ (මහලු) කාලයෙහි ඒවා දරන්නේ මොහු අදත් තරුණ බව පතයි, උන්මත්තකයෙකැයි සිතමි යි කිව යුතු තත්ත්වයට පත් වේ. ශීලය එසේ නො වේ. ශීලය සදා කල්හි බබළයි. බාලකාලයෙහිත් ශීලය රකින්නා ‘මොහුට ශීලයෙන් කිම’ යි කියන්නකු නැත. මධ්‍යම කාලයෙහිත් මහලු කාලයෙහිත් නැත.