7. වනරොප සූත්ර වර්ණනාව
සත් වැන්නෙහි - ධම්මට්ඨා සීලසම්පන්නා (දහම්හි පිහිටි ශීලසම්පන්න වූ) කවරහු ‘ධම්මට්ඨ’ ද, කවරහු ‘ශීල සම්පන්න’ දැයි විමසති. භාග්යවතුන් වහන්සේ මේ ප්රශ්නය ස්ථාවර වස්තු මගින් පැහැදිලි කරන සේක් ‘ආරාමරොපා’ ආදිය වදාළ සේක. එහි ආරාමරොපා පුෂ්පාරාම (මල් උයන්) ඵලාරාම (පලතුරු උයන්) රෝපණය කරන්නෝ වනරොපා ඉබේ හැදුණු, රෝපණය නො කළ වනයෙහි සීමාවක් දමා චෛත්ය, බෝධි, සක්මන් මළු, කුටි, ලෙන්, රාත්රි ස්ථාන, දිවාස්ථාන කරන්නෝ සෙවන සපයන රුක් රෝපණය කර දෙන්නෝ ද ‘වනරොපා’ ම නමි. සෙතුකාරකා විෂම ස්ථානයෙහි පාලම් තනන්නෝ, ජලයෙහි නැව් පිළියෙල කර දෙන්නෝ පපං පැන් දන්සල උදපානං යම් කිසි පොකුණු, තටාක ආදියක් (වේ ද ඒවා) උපස්සයං විසීමට නිවහනක්, “උපාසයං” යනු ද පාඨයකි.
සදා පුඤ්ඤං පවඩ්ඪති අකුසල විතර්ක මෙනෙහි කරන්නහුට හෝ නිදා සිටින කෙනෙකුට හෝ නො වැඩේ. යම් යම් විටක අනුස්මරණය කරයි ද ඒ ඒ අවස්ථාවේ දී වර්ධනය වේ. මේ අර්ථය පිණිස “සදා පුඤ්ඤං පවඩ්ඪති’ යි කියන ලදි. ධම්මට්ඨා සීලසම්පන්නා ඒ ධර්මයෙහි සිටි බැවින් ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් ‘ධම්මට්ඨා’ “සීලසම්පන්නා,” නැතහොත් ඒ ආකාරයේ පින් කරන්නවුන්ගේ දශ කුසල ධර්ම පිරෙයි. ඒවාහි සිටි (පිහිටි) බැවින් ‘ධම්මට්ඨා,’ ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් ‘සීලසම්පන්නා’ යි
සත් වැනි සූත්රය යි.
8. ජේතවන සූත්ර වර්ණනාව
අට වැන්නෙහි ඉදඤ්හි තං ජෙතවනං අනාථපිණ්ඩික දේවපුත්රයා ජේතවනයෙහි බුද්ධාදීන්ගේත් වර්ණනාව පවසන අටියෙන් පැමිණියේ මෙසේ කී ය. ඉසිසඞ්ඝනිසෙවිතං භික්ෂූ සංඝයා විසින් සෙවුනා ලද;
මෙසේ ප්රථම ගාථාවෙන් ජේතවනය පිළිබඳ වර්ණනාව කොට දැන් ආර්ය මාර්ගය පිළිබඳ (වර්ණනාව) කරනුයේ “කම්මං විජ්ජා” ආදිය පැවසීය. එහි කම්මං මාර්ග චේතනාව, විජ්ජා මාර්ග ප්රඥාව, ධම්මො සමාධි පාක්ෂිත ධර්මය, සීලං ජීවිතමුත්තමං ශීලයෙහි පිහිටියහුගේ ජීවිතය උත්තම ය යි දක්වයි. නැතහොත් විජ්ජා දිට්ඨි සංකප්ප, ධම්මො වායාම, සති, සමාධි, සීලං වාචා කම්මන්ත ආජීව, ජීවිතමුත්තමං ඒ ශීලයෙහි පිහිටි ඔහුගේ ජීවිතය නම් උත්තම ය. එතෙන මච්චා සුජ්ඣන්ති මේ අෂ්ටාංගික මාර්ගයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙත්,
තස්මා යම් ලෙසකින් මාර්ගයෙන් විශුද්ධියට පත්වෙත් ද - ගෝත්රයෙන් ධනයෙන් නො වේ. යොනිසො විචිනෙ ධම්මං උපායෙන් සමාධි පාක්ෂික ධර්මය පරීක්ෂා කරයි; නැතහොත් රැස් කරයි එවං තත්ථ විසුජ්ඣති මෙසේ ඒ ආර්ය මාර්ගයෙහි පිරිසිදු වෙයි. එසේ නැතහොත් යොනිසො විචිනෙ ධම්මං උපායයෙන් පඤ්චස්කන්ධ ධර්මය පරීක්ෂා කරයි. එවං තත්ථ විසුජ්ඣති මෙසේ ඒ සත්ය සතරෙහි පිරිසිදු බව වේ.
දැන් සැරියුත් තෙරුන්ගේ ගුණ වර්ණනා කරන්නේ ‘සාරිපුත්තොව’ ආදිය වදාළ සේක. එහි සාරිපුත්තොව අවධාරණය කිරීමේ වචන යි, මේ ප්රඥාදියෙන් සැරියුත් හිමියෝ ම ශ්රේෂ්ඨය යි කියන සේක. උපසමෙන ක්ලේශයන් සංසිඳීමෙන් පාරගතො නිර්වාණයට ගිය, යමෙක් නිවනට පත්වූයේ නම් ඒ භික්ඛු (භික්ෂුව), එතාව පරමො සියා තෙරුන් වහන්සේට වඩා උත්තරීතර වූවෙකු නම් නැත්තේ ය යි කියන සේක. ඉතිරිය කී පරිදි ම ය.
අටවැනි සූත්රය යි.
9. මච්ඡරි සූත්ර වර්ණනාව
නව වැන්නෙහි මච්ඡරිනො මසුරු බවින් යුක්ත වූ; සමහරෙක් තමා වසන තැන (සිට) භික්ෂුවකට අත දිගු කොට නො වඳිති. වෙනත් අදහසකින් ගියේ විහාරයට ඇතුළු ව සකසා වැඳ මිහිරි පිළිසඳර කථා කරති. “ස්වාමීනි, අප වසන තැනට නො එනු මැනවි. ප්රදේශය සමෘද්ධිමත්. ආර්යයන් වහ්නසේලාට කැඳ බත් ආදියෙන් උපස්ථාන කිරීමට හැකි වෙමු” යි (කියති) භික්ෂුව “මේ උපාසක තෙමේ ශ්රද්ධා සම්පන්න ය, කැඳ බත් ආදියෙන් සංග්රහ කරන්නේ යයි” (සිතයි.) ඉක්බිති එක්තරා භික්ෂුවක් ඔහුගේ ගමට ගොස් පිඬු පිණිස හැසිරෙයි. ඔහු භික්ෂුව දැක අන් මගකින් හෝ යයි. ගෙට හෝ යයි. ඉදින් මුහුණට මුණ ගැසිණි නම් අතින් වැඳ ආර්යයන් වහන්සේට භික්ෂාව දෙන්න. මම වැඩකට යමි යි පිටත් ව යයි. තෙරුන් වහන්සේ මුළු ගම ම ඇවිද හිස් පාත්රය ඇති ව පිටත් ව යයි. මෙය දායකයෙකු නො වී දායකයකු මෙන් පෙන්වන තෙක් වූ මෘදු (බරපතළ නො වූ) මසුරු බව නමි. මෙහි වනාහි දළ මසුරු බව අදහස් කෙරේ. ඉන් යුක්ත වූ පුද්ගලයා පිඬු පිණිස භික්ෂූන් වහන්සේලා පැමිණි කල්හි “භික්ෂූන් වහන්සේලා සිටිති (ඉන්නවා)” යි කී කල, “කිම? මගේ පා රිදවනවා’ යි ආදිය පවසා ගල් කණුවක් ලෙස කී කොටයක් ලෙස ස්තබ්ධ ව (තද ලෙස) සිටියි. සාමීචි මාත්රයක් හෝ නො කරයි. කදරියා මෙය “මච්ඡරිනො” යන පදයට සමානාර්ථවාචී ය. මෘදු මසුරු කමක් ‘මසුරුකමක්’ ම යයි කියනු ලැබේ. තද (මසුරු කම) ‘කදරිය’ නමි. පරිභාසකා ගෙයි දොරකඩ භික්ෂූන් සිටිනු දැක “කිම ඔබ වහන්සේලා වපුරලා ද ආවේ? වපුරා කපා අපි වත් නො ලබමු. ඔබ වහන්සේලාට කොයින්ද? වහා පිටවන්න” ආදි වශයෙන් තර්ජනය කරන්නෝ ය. අන්තරායකරා දායකයාට ස්වර්ග (ලාභයට) අන්තරාය, පිළිගන්නා අය හට ලැබීම (නොමැති වීමේ) අන්තරාය, තමාට උපද්රව යි මේ අන්තරාය කරන්නෝ;