මේ ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ බුදුරදුන් හා සමාන ශ්‍රේෂ්ඨයෙක් නොවෙයි. යමෙක් ආහුනෙය්‍ය වේද ඔවුන් අතරෙන් අග්‍ර බවට ගියේය. පින් කැමැත්ත වුවන්ට මහත් ඵලයක් වෙයි.
වචනයෙන්වත් බුදුරදුන්ට වඩා උතුම් දක්‍ෂිණාර්හ කෙනෙක් නැත. මෙසේ චේතනා හය එකතුව බොහෝ කලක් හිතසුව පිණිස පවතිත්. කුමක් සඳහා තුන්වරක් බැහැර කොට සංඝයාට දෙවයි කීවේ ද?
පශ්චිම ජනයාට සංඝයා කෙරෙහි ගෞරව ඇතිවීම පිණිසයි. මෙසේ කීය. මෙසේ ද සිතක් විය. මම සජිවි දීර්ඝ නොවෙමි. මාගේ ශාසනය සංඝයා කෙරෙහි පිහිටන්නේය. පශ්චිම ජනතාව සංඝයා කෙරෙහි ගෞරව උපදවා යි තුන් වරක් ප්‍රතික්‍ෂේප කොට සංඝයාට දෙවීය. මෙසේ ඇති කල්හි බුදුරදුන් තමාට දෙන ලද්ද සංඝයාට දෙවීය. සංඝයා දක්‍ෂිණාර්හය ය. පශ්චිම ජනතාව සංඝයා කෙරෙහි ගෞරව උපදවා සිව්පසය දිය යුතු යැයි සිතන්නේය. සංඝයා සිව්පසයෙන් ක්ලාන්ත නොවී බුද්ධ වචනය ඉගෙන මහණකම කරන්නේය. මෙසේ මාගේ ශාසනය අවුරුදු පන්දහසක් පිහිටන්නේ ය. පතිගණ්හාතු භන්තෙ භගවාති යන වචනයෙන් ද මෙය දත යුතුයි. බුදුරදුන්ට වඩා උතුම් දක්‍ෂිණාර්හ කෙනෙක් නැත. ආනන්ද තෙරුන්ට මහා ප්‍රජාපතිය කෙරෙහි ක්‍රෝධයක් හෝ වෛරයක් නැත. තෙරුන් වහන්සේ ඇයගේ දක්‍ෂිණාව මහත්ඵල වේවයි කැමති නැතිව නොවේ. තෙරුන් පණ්ඩිතය. බහුශ්‍රැතය. සේඛ පටිසම්භිදා පැමිණියේය. උන්වහන්සේ බුදුරදුන්ට දෙන ලද්දෙහි මහත්ඵල බව බලනේ ස්වාමීනි, බුදුරදුන් පිළිගනීවායි ගැනීම පිණිස ඉල්ලීය.
නැවත විතණ්ඩවාදීහු කීහ. තා විසින් සංඝයාට දෙන ලද කල්හි ද මම ද පුදන ලද්දේ වන්නෙමි. කී හෙයින් බුදුරදුන් සංඝයාට ඇතුළත්ය. ඔහු කිව යුතුයි. සරණ කොපමණ ද ගුණ දැන පැහැදීම් කොපමණ දැයි දන්නේ තුනයයි කියත්. නැවත කිව යුතුයි. නුඹගේ පිළිගැනීමෙන් බුදුරදුන් සංඝ පර්යාපන්න බැවින් දෙකක් ම වෙත්. එසේ ඇති කල්හි මහණෙනි, සරණාගමන තුනෙන් පැවිද්ද ද උපසම්පදාව ද අනුදනිමියි මෙසේ අනුදක්නා ලද පැවිද්ද ද උපසම්පදාව ද නොපිහිටයි. එහෙයින් නුඹ පැවිද්දෙක් ද ගිහියෙක් ද නොවන්නෙහිය. බුදුරදුන් ගඳ කිළියේ වැඩ සිටින කල්හි භික්‍ෂූන් පොහොය ද පවාරණය ද සංඝ කර්ම ද කරත්. ඒවා බුදුරදුන් සංඝ පර්යාපන්න බැවින් කෝප්‍ය වන්නාහු නොවෙත්. එහෙයින් බුදුරදුන් සංඝ පර්යාපන්න යැයි නොකිය යුතුයි.
ආපාදිකාති වඩන ලද්දාහු. නුඹගේ අත්පාවල අත්පා කිස සිදු නොවන කල්හි අත්පා වඩා පෝෂ්‍ය කළාහ යන තේරුමයි. පොසිකාති දවසට දෙතුන්වර නාවා කවා පොවා බෝසතුන් පෝෂණය කළාය. ථඤ්ඤං පායෙසීති නන්ද කුමරු බෝසතුන්ට දවස් කිහිපයකින් බාලය. ඔහු ඉපදුන කළ මහා ප්‍රජාපතිය තමාගේ පුතා කිරි මව්වරුන්ට දී තමා බෝසතුන්ට කිරිමව් වී කටයුතු කරන්නේ තමාගේ කිරි පෙව්වාය. ඒ සඳහා තෙරුන් වහන්සේ මෙසේ කීය. මෙසේ මහා ප්‍රජාපතියගේ බොහෝ උපකාර බව කියා දැන් බුදුරදුන්ගේ බොහෝ උපකාර බව දක්වන්නේ භගවාපි භන්තෙති යනාදිය කීය. එහි භගවන්තං භන්තෙ ආගම්මාති බුදුරදුන් නිසාය.
එකල්හි බුදුරදුන් උපකාර දෙකෙන් තා වැඩි එක අනුමෝදන් කරන්නේ එවමෙතන්ති යනාදිය කීය. එහි යංහානන්‍ද පුග්ගලො පුග්ගලං ආගම්මාති යම් ආචාර්ය පුද්ගලයො හෝ අන්තේවාසික පුද්ගලයා හෝ පැමිණ ඉමස්සානන්‍ද පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙනාති මේ ආචාර්ය පුද්ගලයාට මේ අන්තේවාසික පුද්ගලයා විසින් නසුප්පතිකාරං වදාමීති ප්‍රත්‍යුපකාරය ලෙහෙසි යැයි නොකියමි. වැඳීම් ආදියෙහි ගුරුවරයා දැක වැඳීම් කිරීම අභිවාදන නමි. යම් දිශාවක ගුරුවරයා වාසය කරයි ද ඉරියව් හෝ කරන්නේ එයට අභිමුඛව වැඳ යයි. වැඳ සිටියි. වැඳ සැතපෙයි. ගුරුවරයා දුරදීම දැක නැගිට පෙර ගමන් කිරීම පච්චුපට්ඨානං නමි. ගුරුවරයා දැක ඇඳිලි බැඳ හිසේ තබා ගුරුවරයා වඳියි. යම් දිශාවක ඔහු වාසය කරයි ද එයට අභිමුඛව එසේම වඳියි. යන්නේ ද සිටින්නේ ද හිඳින්නේ ද සැතපෙන්නේ ද ඇඳිලි බැඳ වැඳගෙනමය. මෙය අඤ්ජලිකම්මං නමි. සුදුසු කර්මයන්ගේ කිරීම සාමීචිකම්මං නමි. සිවුරු අතරෙන් සිවුරක් දෙන්නේ නම් ඒ සිවුරක් නොදී මා හැඟි සීයක් වටිනා එකක් ද පන්සීයක් වටිනා දහසක් වටිනා එකක් ම දෙන්නේමය. පිණ්ඩපාතාදියෙහි ද මේ ක්‍රමයයි. බොහෝ කීමෙන් කිම? ප්‍රණීත සිව්පසයෙන් සක්වළ අතර පුරවා මහමෙරින් කුළු ගන්වා දෙන්නේ ද ගුරුවරයාට සුදුසු ක්‍රියාවක් කරන්නට නොහැක්කේමය.