සරාගස්ස යනාදී ස්ථාන පසෙහි දී එකම ක්ලේශයක් ආයේය. ඔහුගේ ආකාර වශයෙන් නානත්වය දතයුතුයි. සරාගස්ස යයි කියන තන්හි පංචකාමගුණික රාග වශයෙන් ගන්නා ලදී. ස තණ්හස්සා භවතණ්හා වශයෙන් ද, සඋපාදානස්ස යී ග්‍රහණ වශයෙන් ද අනුරුද්ධ පටිවිරුද්ධස්ස ය යුගල වශයෙන් ද පපඤ්චරාමස්ස ප්‍රපඤ්චයා ගේ උත්පත්තිය දැක්වීම් වශයෙන් ද සරාගස්ස යන මෙහි අකුසල මූල වශයෙන් ද ගන්නා ලදී. සතණ්හස්ස යන මෙහි තණ්හා ප්‍රත්‍යයෙන් දැඩිව අල්ලා ගැනීම දැක්වීම් වශයෙන් ද (ගන්නා ලදී) සෙස්ස පෙර කියන ලද පරිදිම ය. ස්ථවිරයන් වහන්සේ කීහු. කුමක් හෙයින් මෙසේ විශේෂයෙන් කීයේද? මේ එකම ලෝභය රැඳීම් වශයෙන් ‘රාග’ යයි කියන ලදී. ආශා කිරීම් වශයෙන් ‘තණහා’ යයි ද, ගැණීම් අර්ථයෙන් උපාදාන යයි ද, උභය වශයෙන් ‘අනුලෝම පටිවිරෝධ’ යයි ද, ප්‍රපඤ්චයන්ගේ ඉපදීම් අර්ථයෙන් ‘පපඤ්ච’ යයි ද වදාරන ලදී.
දැන් මෙම ක්ලේශයන්ට මුල් වූ දෘෂ්ටි වාදය දක්වන්නේ, ද්වෙමා භික්ඛවෙ දිටඨියො යනාදිය කීහ.
එහි භවදිට්ඨි යනු ශාස්වත දෘෂ්ටියයි. විභව දිට්ඨි යනු උච්ඡේද දෘෂ්ටියයි. භවදිට්ඨි අල්ලීනා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ශාස්වත දෘෂ්ටිය වැළඳ ගත්තාහු, උපගතා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ම පැමිණියාහු. අජ්ඣොසිනා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ම ඇතුළත් වූවාහු විභව දිට්ඨියා තෙ පටිවිශුද්ධා ඔවුහු සියල්ලෝ ම උච්ඡේද වාදීන් සමග තෙපි අඳ බාලයෝ ය. නො දන්නහුය. මේ ලොව ශාස්වතය. මේ ලොව නො නැසෙන්නේ ය, යයි ප්‍රතිවිරුද්ධ වූවාහු නිතර රණ්ඩු දබර විවාදයෙහි ඇලුනාහුව වසත්. දෙවන වාරයේ ද මේ න්‍යාය මයි.
සමුදයඤ්ච යනාදියෙහි දෘෂ්ටීන්ගේ ඉපදීම් හටගැනීම් දෙකකි. ක්‍ෂණික සමුදය, පච්චය සමුදය ද (කියායි) ක්‍ෂණික සමුදය නම් දෘෂ්ටීන්ගේ ඉපදීමයි. පච්චය සමුදය නම් අටදෙනෙක් වෙති. ඒ කවරහු ද? ස්කන්ධයෝ ද දෘෂ්ටි ස්ථානයකි. අවිද්‍යාව ද, ස්පර්ශය ද, සංඥාව ද, විතර්කය ද අයෝනිසෝ මනසිකාරය ද, පාප මිත්‍රයා ද, පරතෝඝෝසය ද දෘෂ්ටි ස්ථානයකි. දෘෂ්ටීන්ගේ ඉපදීමට සමුත්‍ථානාර්ථයෙන් ස්කන්ධයෝ හේතුවෙයි. ස්කන්ධයෝ ප්‍රත්‍ය වේ. මෙසේ ස්කන්ධයෝ ද දෘෂ්ටි ස්ථානයක් වේ. අවිද්‍යාව, ස්පර්ශය, සංඥාව, විතර්කය, අයෝනිසෝ මනසිකාරය, පාපමිත්‍රය, පරතොඝෝෂය සමුත්‍ථානාර්ථයෙන් දෘෂ්ටීන්ගේ ඉපදීමට හේතු වේ. පරතෝඝෝෂය ප්‍රත්‍යය වේ. දෘෂ්ටීන්ගේ අත්‍ථංගමය ද දෙපරිදිය. ක්‍ෂණික අස්තංගමය, ප්‍රත්‍ය අස්තංගමය යනුවෙනි. ක්‍ෂණික අස්තංගමය නම් (ක්ෂණයෙහි) ක්ෂය වීමය. නැසීමය, බිඳීමය, හාත්පසින් බිදීමය, අනිත්‍ය බවය, අතුරුදහන් වීමය. ප්‍රත්‍ය අස්තංගමය නම්, සෝවාන් මාර්ගය ය. සෝවාන් මාර්ගය දෘෂ්ටීන්ගේ සහමුලින් නැසීම යයි කියන ලදී.
අස්සාදං - දෘෂ්ටි මූලික ආනිසංසය යමක් සඳහා කියන ලද ද? ශාස්තෲ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ වේද ශ්‍රාවකයෝ ඒ දෘෂ්ටියම ඇත්තාහු වෙති. ශ්‍රාවකයෝ යම් දෘෂ්ටියක් ඇති ශාස්තෲවරයෙක් සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පූජා කෙරෙත් ද, ඒ හේතුවෙන් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ ය. මේ වූ කලී දෘෂ්ටිය පිළිබඳ ආනිසංස යි. ආදීනවං - දෘෂ්ටි ග්‍රහණය මුල්කොට ඇති උපද්‍රවය, වග්ගුලි වෘතය. උක්කුටික වීර්යය, කණ්ටකධාරයෙහි හිඳීම ආදියයි. පංචතාපයෙන් තැවීම ගල්හතට පැමිණීම, කෙස් රවුල් ඉදිරීම, අප්‍රාණික ධ්‍යානය යනාදී වශයෙන් දතයුතුයි. නිස්සරණං දෘෂ්ටීන්ගේ නිස්සරණය නම් නිවනයි. යථාභූතං නප්පජානං යමෙක් මේ සියල්ල යථා ස්වරූපයෙන් නො දනිත්ද? න පරිමුච්චන්ති දුක්ඛසමා සියළු වෘත්ත දුක්ඛයෙන් නො මිදෙත්. මෙයින් මොවුන්ගේ නිෂ්ඨාවක් නම් නැත. පරිමුච්චන්ති දුක්ඛසමා සියළු සසර දුකින් මිදෙත්. මෙයින් ඔවුන්ගේ නිෂ්ඨාව ඇතැයි යුක්ති කියන්නවුන් දෙදෙනාගේ යුක්තිය සිඳිමින් මෙන් ශාසනයෙහිම නිෂ්ඨාව ඇතැයි පිහිටුවයි.
ඉදින් දෘෂ්ටීන්ගේ බැඳීම දක්වන්නේ චත්තාරිමානි භික්ඛවෙ උපාදානානි ආදිය කීහ. ඔවුන්ගේ විස්තර කථාව විශුද්ධි මාර්ගයේ කියන ලදී.
සංඛුපාදාන පරිඤ්ඤාවාදා පටිජාමානාති. අපි සියළු උපාදානයන්ගේ ප්‍රහාණය ඉක්මවීම කියමුයි මෙසේ ප්‍රතිඥා කරන්නෝ, න සම්මා සබ්බුපාදාන පරිඤ්ඤන්ති සියළු උපාදානයන්ගේ ඉක්මවීම නො පනවත්. කිසිවෙක් කාම උපාදානයාගේ (ප්‍රහාණය) පනවති. කිසිවෙක් දෘෂ්ටි උපාදානයාගේ ද කිසිවෙක් ශීල ව්‍රත උපාදානයාගේ ද, (ප්‍රහාණය පනවත්) අත්තවාද උපාදානයාගේ ප්‍රහාණය පනවන්නෙක් නැත. එම භේදය දක්වන්නේ කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති ආදිය කීහ. එහි සියල්ලෝම කාම උපාදානයන්ගේ ප්‍රහාණය පනවති. සයානූවක් පාෂාණ්ඩයෝ ද කාමයෝ වනාහි පැවිද්දන් විසින් සේවනය නොකළ යුතුයයි පනවති. වස්තු ප්‍රතිසේවන කාමය කැපයයි නො පනවති. අකැප වූවක්ම කොට පනවති. යමෙක් වනාහි සේවනය කෙරෙත් ද ඔවුහු හොර රහසින් ම සේවනය කරති. එහෙයින් කියන ලදී. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති යනු