ත්‍රිවිධ පරිඤ්ඤා: යමෙක් පඨවි පිරිසිඳ දනීද, හෙතෙම ඤාත පරිඤ්ඤාවෙන් ද, තීරණ පරිඤ්ඤාවෙන් ද, පහාණ පරිඤ්ඤාවෙන් ද යන ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් පිරිසිඳ දනී.
ඔවුන් අතුරෙහි ඤාත පරිඤ්ඤාව කවරේද යත්, මේ අජ්ඣත්තික පඨවි ධාතුවය. මේ බාහිර පඨවි ධාතුවය, මේ එහි ලක්‍ෂණය, මොවුහු එහි රස පච්චුපට්ඨාන පදට්ඨානයෝ යයි පඨවි ධාතුවා පිරිසිඳ දනී. මේ ඤාත පරිඤ්ඤාවයි.
තීරණ පරිඤ්ඤාව කවරේද යත්, මෙසේ ඤාත පරිඤ්ඤාවෙන් දක්නා ලද, පඨවි ධාතුව අනිච්ච-දුක්ඛ-රෝග ආදි සතලිස් අයුරකින් තීරණය කෙරේද, එය තීරණ පරිඤ්ඤා නම් වේ.
පහාණ පරිඤ්ඤා කවරේද යත්, මෙසේ තීරණ පරිඤ්ඤාවෙන් තීරණය කොට අගමගින් පඨවි ධාතුවෙහි ඡන්‍දරාගය දුරුකෙරේද, මේ පහාණ පරිඤ්ඤා නම් වේ.
[missing trans] ආර්ය මාර්ග ඥානය තොමෝ පහාණ පරිඤ්ඤා නම් වන්නීය.
යමෙක් පඨවි ධාතුව පිරිසිඳ දනීද, හෙතෙම ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් පිරිසිඳ දනී. පුහුදුන්හට මේ පරිඤ්ඤාවෝ නැත. එහෙයින් පිරිසිඳ නොදත් බැවින් පඨවිය මඤ්ඤනා වශයෙන් හඟියි. එහි අභිනන්දනය ඇතිකර ගනියි. එබැවින් බුදුරදහු මෙසේ වදාළහ. ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො -පෙ- පඨවිං මඤ්ඤති, පඨවියා මඤ්ඤති පඨවිං මෙති මඤ්ඤති පඨවිං අභිනන්දති, තං තිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි යනුවෙන්,
(මහණෙනි, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙම පඨවිය. පඨවි වශයෙන් (තණ්හා, දිට්ඨි, මාන මඤ්ඤනාවෙන් සංඥා විපර්යාස වශයෙන්) හඳුනයි. මම පෘථුවියෙන් බැහැර වෙමියි හඟියි. පෘථිවිය අභිනන්දනය කෙරෙයි. කවර හෙයින්ද යත් ඔහුගේ පෘථුවිය පිළිබඳ පිරිසිඳ නොදැනීම නිසා යයි කියමි.
පඨවි වාරය නිමි.
ආපො වාර
සිවු වැදෑරුම් ආප් ධාතු (ආපෝ ධාතුව):- ආපං ආපතො, යන මෙහි ද, ලක්ඛණ සසම්භාර, ආරම්මණ, සම්මුති යනුවෙන් ආප් ධාතුව සිව්වැදෑරුම් වේ.
ඔවුන් අතුරෙහි, තත්‍ථ කතමා අජ්ඣත්තිකා ආපෝ ධාතු, යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං ඛන්‍ධනත්තං රූපස්ස අජ්ඣත්තං උපාදිණ්ණං යනාදි තන්හි වදාරණ ලදුයේ ලක්ඛණ ආපයයි.
ආපො කසිණං උග්ගණ්හන්තො ආපස්මිං නිමිත්තං ගණ්හාති යනාදි තන්හි වදාරණ ලද්දේ සසම්භාර ආපයයි.
සෙසු සියල්ල පඨවි වාරයෙහි කියන ලද්දට සමාන වේ ම ය. හුදෙක් යෝජිත ක්‍රමයෙහි පිත්තං සෙම්හං යනාදි ක්‍රමයෙන් දක්වන ලද දොළොස් කොටසකින් යුක්ත වූයේ අධ්‍යාත්මික ආප් ධාතුවයි. “තත්‍ථ කතමා බාහිර ආපොධාතු යං බාහිරං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං ඛන්‍ධත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං සෙය්‍යථිදං මූලරසො ඛන්‍ධරසො තචරසො පන්නරසො පුප්ඵරසො ඵලරසො ඛීරං දධි. සප්පි නවනීතං තෙලං මධුඵාණීතං භුම්මානි වා උදකානි, අන්තලික්ඛානි වා” යනාදි තන්හි වදාරණ ලද්දේ බාහිර ආපෝධාතුව යයි දතයුතු යැ.
චතුර්විධ තේජෝ ධාතුව :- තෙජං තෙජතො, යන තේජෝවාරයෙහි, කලින් කී නියායෙන්ම දතයුත්තේය. මෙම යෝජනා ක්‍රමයෙහි “යෙනච සන්තප්පති යෙනච ජරීයති, යෙනච පරිඩය්හති යෙන ච අසිත පීත ඛායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති” යනුවෙන් මෙසේ වදාරණ ලද චතුර්විධ ප්‍රභේදයෙන් යුතු වූයේ අජ්ඣත්තික තේජෝ ධාතුවයි. “තත්‍ථ කතමා බාහිරා තෙජො ධාතු, යං බාහිරං තෙජො තෙජො ගතං උස්මා උස්මාගතං උසුමං උසුම ගතං බහිද්ධා අනුපාදිණ්ණං සෙය්‍යථිදං, කට්ඨග්ගි, සකලිකග්ගි, තිණග්ගි ගොමයග්ගි ථුසග්ගි, සංඛාරග්ගි, ඉන්‍දග්ගි, අග්ගි සන්තාපො, සුරියසන්තාපො. කට්ඨසන්නිචය සන්තාපො, තිණ සන්නිචය සන්තාපො, ධඤ්ඤ සන්නිචය සන්තාපො, භණ්ඩ සන්තාපො”, යයි මෙසේ වදාරණ ලද්දේ බාහිර වූ තේජෝ ධාතුව යයි දතයුත්තේය.