නෙක්‍ඛම්මපොනො නිවන වෙත යොමු වූ චරිස්සති බ්‍රහ්මචරියං පැවිද්ද ශාසන බ්‍රහ්මචරියාව හැසිරෙන්නෝය.
ලෙසකප්පෙනාති සුලු වූ හෝ කපටි බවකින් න ච වොහරෙය්‍ය රවටන කපටි ස්වභාවයෙන් වචන පිට නොකරන්නේය. ධම්මෙ ඨිතො කිත්ති ලභෙථ දුක්‍ඛං මෙසේ කියන ලද පිළිවෙළින් ධර්මයෙහි හැසිරෙන යහපත්ව හැසිරෙන තැනැත්තා කුමක් නිසා කවර ආකාරයකින් දුක් ලබන්නේද, දුක පැමිණෙන්නේ ද, (දුකට නොපැමිණ යන අදහසයි.)
තං කාරණා ඒ කාරණය ඒ උවසුවා හේතුකොටගෙන පාතු කොතම්හි අත්තනා ඔබ වෙතට මම තමාම පහල වූයෙමි. අත්තානං යිද පාඨ දැක්වේ. ඔබ ඉදිරියෙහි මාගේ පහළ වීම සිදු කළෙමි යන අරුතයි. යම්හෙයකින් මම ධර්මයෙහි හැසිරෙමින් එය රකිමින් ඔබ ද රකින්නෙම්ද, එසේ හෙයින් ධර්මය දකින්න. ධර්මයෙහි හැසිරීම සිදුකොට බලන්න. අඤ්ඤත්‍ර තෙනීහ භස්මි භවෙථ ඉදින් ඒ උපාසකයා හැර ඔබ එහි පැමිණියේ නම් මේ වාලුකා කාන්තාරයෙහි අනාථව පිළිසරණ රහිතව අලු බවට පැමිණෙන්නාහුය. ඛිප්පමානෙනා මෙසේ ඉක්මන්කාරී වූ අනුන් පහත්කොට සලකන්නා වූ, අනුන් පීඩාවට පත්කරන්නා වූ ලහුං පහසු පිරෙන වැඩි වශයෙන් අනුන් විසින්ම හෝ එහෙයින් සුඛො භවෙ සප්පුරිසෙන සංගමො හේ තෙමේ වනාහි ඉවසීමෙහිද කීකරු බවෙහි ද පිහිටියේ කවරකු විසින් හෝ කුමක් හෝ කියන ලද්දේ නමුදු එරෙහි නොවේ යන අදහසයි.
මෙසේ ශ්‍රමණයන්ගෙන් කියවුණ කරුණ නියම ස්වභාවයෙන්ම දැනගනු කැමති වූ වෙළෙන්දෝ මේ ගාථාව කීහ.
කිං නාම සො කිඤ්ච කරොති කම්මං
සං නාමධෙය්‍යං කිං පහ තස්ස ගොත්තං
සං නාමධෙය්‍යං කිං පහ තස්ස ගොත්තං
මයම්පි නං දට්ඨුකාමම්හ යක්‍ඛ
යස්සානුකම්පාය ඉධාගතොසි
ලාභ හි තස්ස යස්ස තුවං පීහෙසි
යස්සානුකම්පාය ඉධාගතොසි
ලාභ හි තස්ස යස්ස තුවං පීහෙසි
එම්බා දේව පුත්‍රය, හෙතෙමේ කිනම් ඇත්තේද, කිනම් කර්ම කරයිද, (මවුපියන් විසින් ඔහුට) තැබූ නම කුමක්ද? ඔහුගේ ගෝත්‍රය කුමක්ද? අපිදු ඔහු දක්නා කැමතියම්හ. ඒ එසේමැයි. තො යමෙකුට අනුකම්පාවෙන් මෙහි පැමිණියෙහිද, යමෙකුට ප්‍රිය කෙරෙහිද, ඔහුගේ පැමිණීම ලාභයෙක්මැයි.
ගාථාවෙහි කිං නාම සො නම වශයෙන් එම පුද්ගලයා තැනැත්තා කවරෙක් නම් වේද, කිඤ්චි කරොති කම්මං කෘෂි කර්මය, වෙළඳාම ආදියෙන් කෙබඳු කර්මාන්තයක් කරණ සේක්ද, කිං නාමධ්‍යෙයං ඔහුට මවුපියන් විසින් තිස්ස ඵුස්ස ආදි වශයෙන් කවර නම් නම් තැබීමක් කරන ලද්දේ ද? භග්ගව භාරද්වාජ යන ආදියෝ ඔහුගේ ගොත්තං ගෝත්‍රය කුමක්ද? යස්ස තුවං පිහෙසි ඔබ යමකට ප්‍රිය කරන්නෙහි ද? එයයි.
දැන් මීළඟට දිව්‍යපුත්‍රයා ඔහු නාම ගෝත්‍ර ආදී වශයෙන් දක්වමින් මෙසේ කීය.
යො කප්පතො සම්භවනා මංධය්‍යො
උපාසකො කොච්ඡඵලුපජීවි
ජානාථ තං තුම්හාකං පෙසියො සො
මා ඛො නං හීළිත්‍ථ සුපෙසලො සො
උපාසකො කොච්ඡඵලුපජීවි
ජානාථ තං තුම්හාකං පෙසියො සො
මා ඛො නං හීළිත්‍ථ සුපෙසලො සො
කොස්සෙන් හා පනාවෙන් ජීවත්වන සුලු වූ තොපගේ ඒ සේවක වූ සුපේසල උපාසක වූ ප්‍රසිද්ධ වූ සම්භව නම් කරණවෑමියෙක් වේද ඔහු දනිමු. ඔහු පහත්කොට නොසිතවු.
ගාථාවෙහි කප්පකො කරණවෑමියා සම්භව නාම ධෙය්‍යො සම්භව යන නමක් ඇත්තා වූ කොච්ඡඵලූපජීවි පනාව ද දැලිපිහිය ද හේතු කොටගෙන ජීවත්වන තැනැත්තා එහි කොච්ඡ යනු යම් සටහන් ආදිය සිටින සේ කෙස් පීරීම සිදුකරන දේ පෙසියෙනං මෙහෙ කරන්නා වතාවත් කරන්නා
දැන් වෙළෙන්දෝ ඔහු හැඳිනගෙන මෙසේ කීහ.
ජානාමසෙ යං ත්‍වං වදෙසි යක්‍ඛ
න ඛො නං ජානාම ස ඊදිසොති
මයම්පි නං පූජයිස්සාම යක්‍ඛ
සුත්‍වාන තුය්හං වචනං උළාරං
න ඛො නං ජානාම ස ඊදිසොති
මයම්පි නං පූජයිස්සාම යක්‍ඛ
සුත්‍වාන තුය්හං වචනං උළාරං
(එම්බා) දේවපුත්‍රය, යමෙකු සඳහා තෙපි කියවුද, අපි ඔහු දනුම්හ. හෙතෙමේ ගුණ වශයෙන් මෙබඳු යැයි ඔහු නො දනුම්හ. දේවපුත්‍රය, තාගේ උදාර වූ වචනය අසා අපි ඔහු පුදන්නෙමු.
ගාථාවෙහි ජානාමසෙ ඔබ යමක් කියන්නෙහිද, අපි එය නියම ස්වභාවයෙන්ම දනිමු. ඊදිසොං ගුණයෙන් වනාහි ඔබ විසින් යම්සේ කියන ලද්දේ ද, එය එසේ යයි නොදනිමු. එය නොදන්නෙමු යන අදහසයි.
දැන් ඔහු තමන්ගේ විමනට නැග අනුශාසනා පිණිස මේ ගාථාව කීහ.
යෙ කෙචි ඉස්මිං සත්‍ථෙ මනුස්සා
දහරා මහන්තා අථවාපි මජ්ඣිමා
සබ්බෙ ව තෙ ආලම්බන්තු විමානං
පස්සන්තු පුඤ්ඤාන ඵලං කදරියා
දහරා මහන්තා අථවාපි මජ්ඣිමා
සබ්බෙ ව තෙ ආලම්බන්තු විමානං
පස්සන්තු පුඤ්ඤාන ඵලං කදරියා
මේ වෙළඳ මුලෙහි හෙවත් තවලමෙහි තරුණ වූ මහලු වූ තවද මැදුම් වූ යම්කිසි මසුරු මිනිස්සු වෙත්ද, ඒ සියල්ලෝම මේ විමනට නගිත්වා. පින්පල බලත්වා.
ගාථාවෙහි මහන්තා වැඩිහිටියෝ. ආලම්බන්තු නැග ගනිත්වා. කදරියා මසුරු වූ නොදෙන ස්වභාවය ඇත්තා වූ
දැන් අවසානයෙහි ධර්ම සංගායනා කාරකයන් වහන්සේලා විසින් ගාථා සයක් කියන ලදී.
එහි ඒ සියලු දෙනාම මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’යි එහි ඒ කරණවෑමියා පෙරටුකොට (උත්සාහවත් වූහ) ඒ සියල්ලෝම තව්තිසා භවනයට මෙන් ඒ විමානයට නැග්ගාහුය.
එහි ඒ සියලු දෙනම මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’යි උත්සාහවත් වෙමින් උපාසක බව පිළිගත්තාහුය. ප්‍රාණඝාතයෙන් දුරු වූහ. සොරකම් නොකළහ. මත්පැන් නොබීහ. බොරු නොකීහ. සිය අඹුව හා තුටු වූහ.
එහි ඒ සියළු දෙනම මම පෙරටු වෙමි. මම පෙරටු වෙමියි උපාසක බව ගිවිස්වා ඒ වෙළඳ පිරිස එම දිව්‍යපුත්‍රයා විසින් අනුමත කරන ලද්දේ දිව්‍ය ඍද්ධියෙන් නැවත නැවත අනුමෝදන් වූයේ කැමති තැනට ගියේය.
ධන ආශාවෙන් හා අධික ලාභය බලාපොරොත්තුවෙන් ඔවුහු සින්ධු සෝවීර දේශයට ගොස් සිතැඟි පරිදි වෙළඳාම් කොට සම්පූර්ණ ලාභ ඇත්තේ නැවත නිරුපද්‍රිතව පැළලුප් නුවරට ආහ.
ඔවුහු බිය රහිත වූවාහුය. ගෙවලට ගොස් අඹුදරුවන් හා එක්ව සතුටට පත්වූහ. අධික සොම්නස ඇති ඔවුහු මහත් වූ සෙරිස්සක නම් වූ උත්සව පූජාවක් කළහ.
ඔව්හු සේරිස්සක නම් පිරිවෙනක් ද තැනූහ. හෙතෙම උපාසකයකු නිසා මෙසේ සියලු සත්ත්වයෝ සුවපත් වූවාහුය. සත්පුරුෂයන්ගේ සේවනය නිමවිය. ධර්මධර ගුණවතුන්ගේ සේවනය මෙබඳු මහත් වැඩ ඇත්තේය.
එහි අහංපුරෙ මම පළමුව මම පළමුව පෙරටු කරගෙන යන අර්ථයයි. තෙත්‍ථ සබ්බෙවා යැයි කියා නැවත සබ්බෙවතෙ යන වචනය යොදා ඇත. ඒ සියල්ලෝම විමානයට නැගීමෙහි යම්සේ උනන්දු වූවාහුද එසේ සියල්ලෝම නැග ගත්හ. නැග ගැනීමේදී කිසිවකුට අනතුරක් නොවීයැයි දැක්වීම සඳහා කියන ලදී. මසක්කසාරං විය වාස වස්සා මසක්ක සාර යනු තව්තිසාවට නමකි. සියල් දිව්‍ය ලෝකයෝ ඉන් කියවේ. මෙහි වනාහි ශක්‍ර භවනය යැයි ගතයුතුය. එහෙයින් “මසක්ක සාරං විය වාස වස්සා” යැයි කියන ලදී.