7. යවපාලකවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනු යව පාලක විමාන වස්තුවයි. එය පහළ වූයේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරුකොට වෙළුවන විහාරයේ වාසය කරති. ඒ සමයෙහි රජගහ නුවර එක්තරා දුගී දරුවෙක් යව කුඹුරක් රකී. හෙතෙම එක් දවසක් උදේ ආහාර වේල සඳහා කොමුපිඬු ලැබ කෙතට ගොස් කන්නෙමියි ඒ කොමුපිඬු ද ගෙන කුඹුරට ගියේය. ගොස් ගසක් මුල වාඩි විය. ඒ වෙලාවේ එක්තරා ක්‍ෂීණාශ්‍රව තෙරනමක් මගට පිළිපන්නේය. ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ මධ්‍යාහ්නයේ එතැනට පිවිස යහ පාලකයා සිටි රුක්මුල වෙත වැඩමවිය. යව පාලකයා වේලාව බලා මෙසේද ස්වාමීනි, ආහාර ලැබුනේදැයි ඇසීය. ස්ථවිරයෝ නිශබ්ද වූහ. හෙතෙම ආහාර නොගත් බව දැන ස්වාමීනි, දැන් මධ්‍යාහ්න වේලේ පිඬු පිණිස හැසිරී දන් වැළඳීමට කල්වේලා නැත. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ කොමු පිඬු ආහාර වශයෙන් පිළිගෙන වළඳවනු මැනවි යනුවෙන් පවසා තෙරුන් වහන්සේට කොමුපිඬු පිළිගැන්වීය. ස්ථවිර තෙමේද ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන ඔහු ඉදිරියේදීම වළඳා අනුමෝදන්කොට නික්ම ගියහ. ඒ දුගී දරුවාද මා විසින් මෙබඳු වූ කොමුපිඬු දානයක් පූජා කළෙමියි සිත පහදවාගෙන සවස් කාලයේ කළුරියකොට තව්තිසා දෙව්ලොව ඉහත කථාවලදී කියන ලද පරිදි මහා සම්පත් ඇතිව සුවිසල් විමානයක උපත ලැබුවේය. ආයුෂ්මත් මුගලන් තෙරුන් වහන්සේ දෙව්ලොවදී මේ දිව්‍ය පුත්‍රයා මුණගැසී ගාථා කිහිපයකින් තොරතුරු විචාළේය.
හාත්පසින් උස්ව නැගුණා වූ මැණික්මය ටැම් ඇත්තා වූ රන්මිණිවලින් කරන ලද මේ විමානයේ සිටිමින් සියළු දිසාවන් බබුලුවන ශරීර වර්ණයකින් ද යුක්ත වූ මහා සම්පත් ඇති දේවපුත්‍රය ඔබ කිනම් පුණ්‍ය කර්මයක් නිසා මේ සා සම්පත් ලැබීද?
ඒ දේවපුත්‍රයා තමන් විසින් කරන ලද පුණ්‍ය කර්මය හා එහි වාපකයන් පවසමින්
මම මිනිස්ලොව දුප්පත්ව ඉපදුනෙමි. මම රැකියාව වශයෙන් යවකෙතක් මුර කළෙමි. එක් දවසක් ප්‍රසන්න වූ හදවතක් ඇත්තා වූ දැකීමට ප්‍රියමනාප වූ කෙලෙස්මල දුරු කළා වූ තෙරුන් වහන්සේ නමක් මට හමුවිය.
උන්වහන්සේ කෙරෙහි පැහැදුනු මම කොමුපිඬු කීපයක් වැළඳීම සඳහා උන්වහන්සේට පූජා කළෙමි. එසේ පුදා පින් අනුමෝදනාව ඒ පිනින් අද නන්දන වනයෙහි දී සතුටු වෙමි.
මෙබඳු වූ හාත්පස බබුළුවන ශරීර වර්ණයක් ද විමාන ආදී සියලු සම්පත් ඒ කුසලයෙන් මට ලැබිණ.
එම ගාථාවල අළුත් විශේෂයක් නැත.
යවපාලක විමාන වර්ණනාව නිමියේ ය.
8. පඨමකුණ්ඩලීවිමාන වර්ණනා
අලංකතො මල්‍යධරො සුවත්‍ථො - යනුවෙන් ආරම්භ වන්නේ කුණ්ඩලී විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි දෙඅග සවුවෝ තවත් භික්‍ෂු පිරිවර කොට ඇතිව කාසි රටෙහි සැරිසරමින් හිරු බැස යන වේලේ එක්තරා විහාරයකට පැමිණියාහුය. දෑගසව්වන් වැඩි බව ආරංචි වූ ඒ විහාරයට අයත් ගොදුරු ගමේ එක්තරා උපාසකයෙක් තෙරුන් වෙත එළඹ වැඳ පා දෙවීමට ජලය පාවල ගෑමට තෙල් ඇඳ පුටු ඇතිරිලි ආදිය සපයා තමන්ගේම අදහස අනුව ආරාධනා කොට දෙවන දින මහා දන් පැවැත්වීය. තෙරවරු ඔහුට අනුමෙවෙනි බණ වදාරා නික්ම වැඩියාහු වෙති. ඒ උපාසක තෙම පසුකලෙක කලුරියකොට තව්තිසා දෙව්ලොව රන් විමනක උපන්හ. ආයුෂ්මත් මුගලන් තෙරුන් දෙව්ලෝ චාරිකාවේ සැරිසරන්නේ ඒ උපාසකයා හමු වී මේ ගාථාවලින් තොරතුරු විචාළේය.
අලංකාර ලෙස පීරා සකස් කරන ලද කෙස්කළඹක් ඇති මනාව ඔපමට්ටම් කරන ලද මණිකොඬොල් පැළඳ දිව්‍යමය වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී අනේකවිධ රත්නයන්ගෙන් නිමා වූ පාදාභරණාදියෙන් සැරසී, මේ දිව්‍ය විමානයේ ජෝතිමත්ව චන්ද්‍රයා මෙන් බබලමින් සිටී.
මනා රූ ඇති දෙවඟනෝ වීණා වාදනය කරමින් නටමින් ඔබව සතුටු කරවයි. නැටුම් ගැයුම්වලින් ප්‍රීතිමත්ව සිටින මහානුභාව සම්පන්න ඔබ මේ අන්දමේ වර්ණයක් හා සම්පත් ලද්දේ කවර කුශල කර්මයකින්ද?
ඒ දිව්‍ය පුත්‍රයා මුගලන් හිමියන්ගේ කරුණු විමසීමට පිළිතුරු දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.
මම මිනිස්ලොව මිනිසකුව ඉපදී සිටියදී සීලවන්ත වූ විද්‍යාචරණ ගුණයන්ගෙන් පරිපෝෂිත වූ බහුශ්‍රැත වූ තණ්හාව දුරුකලා වූ ශ්‍රමණයන් වහන්සේලා වෙත ආහාර ද බීම වර්ග ද මනාකොට සකසා මහත් සේ දන් දුන්නෙමි.
ඒ කුශල කර්මයෙන් මේ අන්දමේ සම්පත් ද මේ අන්දමේ ප්‍රභාෂ්වර වූ ශරීර වර්ණයක් ද ලද්දෙමි.
එහි සුකුණ්ඩලි අලංකාර කරන ලද දැකුම්කළු වූ කෙස්කළඹ, සකුණ්ඩලී කියාද සඳහන් වේ. දැකුම්කලු බොකුටු ඇත්තා සකුණ්ඩලි එවැනි බොකුටු හිසකෙස් ඇත්තී සකුණ්ඩලී, ඔවුනොවුන්ට ද තොපටද සුදුසු වූ කොඩොල් යන අර්ථයි. කප්පිත කෙසමස්සු මනාකොට සැරසූ කෙස් රවුල් ආමුත්ත හත්‍ථාහරණො ඇඟිලි අත් ආදියෙහි පළඳින ලද ආභරණ ඇති