9. පීතවිමාන වර්ණනා
පීත වත්ථෙ පීත ධජෙ යනුවෙන් පීත විමාන වත්ථුව ඉදිරිපත් වේ. භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අජාසත් රජු, තමන් විසින් ලබාගත් සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන ඒ සඳහා චෛත්යයක් තනවා එහි ප්රථම පූජා පවත්වන අවදියේ, රජගහනුවර වැසි එක්තරා උපාසිකාවක් උදෑසනම කරන ලද සිරුරු පිළිදැගුම් ඇත්තේ, ශාස්තෲන් වහන්සේගේ ථූපයට පූජා කරන්නෙමියි සිතා තමන්ට සපයා ගතහැකි වැටකොළු මල් සතරක් ගෙන ශ්රද්ධා වේගයෙන් උත්සාහවත් වී මාර්ග අපහසුතාවයන් ද නොසලකා සැදැහැ සිතින් ස්ථූපය වෙත ගමන් කළාය. එහිදී දුවමින් යන එක් එළදෙනක් පැමිණ ඇයට ඇන ඇය ජීවිතක්ෂයට පත්කළාය. මරණයෙන් පසු තව්තිසාවෙහි ඉපදුනු ඇය උයන්කෙළියට යන සක්දෙව් රජුගේ පිරිවර වූ කෝටි දෙකහමාරක් පමණ වූ නාටිකාවන් මැද, තමන්ගේ ශරීරාවලෝකයෙන් ඒ සියලුදෙන මැඩ පවත්වමින් රථයක් ද සහිතව එම පෙරහැරෙහිම පහළ වූවාය. සක්දෙව් රජ තෙමේ ඇය දැක ඒ අද්භූත ආශ්චර්යයෙන් විස්මයට පත් සිත් ඇතිව කෙබඳු වූ ඕළාරික කර්මයකින් මෙවන් ඍද්ධිමත් දිව්ය ඍද්ධියකට පැමිණියාදැයි මෙම ගාථාවන් මගින් ඇගෙන් ප්රශ්න කළේය.
පීත වත්ථෙ පීත ධජෙ - පීතාලංකාර භූසිතෙ
පීත චන්දන ලිත්තංගෙ - පීත උප්පල මාලිනී
පීත චන්දන ලිත්තංගෙ - පීත උප්පල මාලිනී
පීත පාසාද සයනෙ - පීතාසනෙ පීත භාජනෙ
පීතච්ඡත්තෙ පීතරථෙ - පීතස්සෙ පීත වීජනෙ
පීතච්ඡත්තෙ පීතරථෙ - පීතස්සෙ පීත වීජනෙ
කිං කම්ම මකරී භද්දෙ - පුබ්බෙ මානුසකෙ භවෙ
දෙවතෙ පුච්ඡිතා චික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
දෙවතෙ පුච්ඡිතා චික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
රන්වන් වස්ත්ර, රන්වන් කොඩි ද දරණ රන්වන් අලංකාරයෙන් බබළන, රන්වන් සඳුන් අලේප කළ ශරීර අවයව ඇති, රන්වන් උපුල් මල් මාලා පළඳින, ප්රාසාද හා යහන් ආදී සියල්ල රන්වන් වූ ආසන භාජන ඡත්ර රථ අශ්වයන් විජිනිපත් ද ඇති භද්රාවනි! ඔබ මේ සැප සම්පත් ලබන්නට මිනිස්ලොවදී කවරනම් පුණ්යකර්මයක් කළේද? දේවතාවියනි, මෙය කවර නම් පුණ්යකර්මයක විපාකයක්ද? ප්රතිඵලයක්ද යන බව මම දැනගනු කැමැත්තෙමි. නොවළහා එය කියනු මැනවි.
ඒ දේවතා මෙසේ ඔහුට පිළිතුරු ප්රකාශ කළාය.
කොසාතකී නාම ලතත්ථි - භන්තෙ කිත්තිතා අනභිඣිජිතා
තස්සා චත්තාරි පුප්ඵානි - ථූපං අභිහරිං අහං
තස්සා චත්තාරි පුප්ඵානි - ථූපං අභිහරිං අහං
සක්දෙවිඳුනි! ප්රසිද්ධ වූ කිසිවෙකු විසිනුත් ලෝභ නොකරන වැටකොළු නමින් වැල් වර්ගයක් ඇත. මම එයින් මල් හතරක් චෛතය වෙත ගෙන ආවෙමි.
සත්ථු සරීර මුද්දිස්ස - විප්පසන්නෙන චෙතසා
නාස්ස මග්ගං - අවෙක්ඛිස්සං - තදග්ග මනසාසතී
නාස්ස මග්ගං - අවෙක්ඛිස්සං - තදග්ග මනසාසතී
ශාස්තෲන් වහන්සේගේ ශාරීරික ධාතුන් උදෙසා බෙහෙවින් පැහැදුනු සිතින් යුතුව උන්වහන්සේගේ ගුණ සිහිකරමින් යද්දීම මහා මාර්ගය නුදුටුවෙමි.
තතො මං අවධි ගාවීත - ථූපං අප්පත්ත මානසං
තඤ්චාහං අභිසඤ්චෙය්යං - භීයො නූන ඉතො සියා
තඤ්චාහං අභිසඤ්චෙය්යං - භීයො නූන ඉතො සියා
චෛත්යය කරා එන්නා වූ මා, චෛත්යයට නො පැමිණි බව මනසෙහි තිබියදීම, (චෛත්යය පෙනි පෙනීම) එක්තරා එළදෙනක් විසින් අඟින් ඇන මා මරණයට පත්කරන ලදී.
තෙන කම්මෙන දෙවින්ද මඝවා දෙව කුඤ්ජර
පහාය මානුසං දෙහං - තව සහව්යත මාගතා
පහාය මානුසං දෙහං - තව සහව්යත මාගතා
දෙවිඳුනි, මඝවා නම් දෙව්ලොව ඇත් රජුනි, මිනිස්ලොව ආත්ම භාවය අත්හළ මා ඔබගේ සහවාසයට පැමිණියෙමි.
එහි පීත චන්දන ලිත්තංග රන්වන් සඳුන්වලින් ආලේපිත වූ සිරුර ඇති, පීත පාසාද සයනෙ සම්පුර්ණයෙන්ම ස්වර්ණමය වූ ප්රාසාදා දියෙන් ද රනින් නිම වූ යහන්වලින් ද යුක්තව යන අදහසයි. මෙහි මතු හමුවන සෑම ‘පීත’ යන වචනයක්ම රත්රන් සඳහා කියන ලද බව දතයුතුයි.
ලභත්ථි වැළක් ඇත. භන්තෙ ශක්ර දිව්යරාජ්යයාට ගෞරවයෙන් අමතයි. අනභජ්ඣා කැමති නොවූ
සරීරං ශාරීරික ධාතු - අවයවයන් යන අදහස ගෙනේ. සරීර යන පොදුවේ ව්යවහාර වේ. ‘පට දඩ්ඪ - සමුද්ද දිට්ඨ’ යන පද අර්ථ සමූහයක් දක්වන්නා මෙනි. අස්සා ගෝ රූප වූවහුගේ, මග්ගං පැමිණෙන මාර්ගය, නඅවෙක්ඛිස්සං නො බැලුවේය. කවර හෙයින්ද, යම් හෙයකින් තදග්ග මනසා සතී එම ගවදෙනට යා යුතු, නැවතිය යුතු වෙන තැන් නැත. භාග්යවතුන් වහන්සේගේ චෛත්යය වෙත යාමට යන අදහසයි. ‘තදංග මනසා සතී’ යයි ද පාඨයක් වේ. එහිදී භාග්යවතුන් වහන්සේගේ ධාතූන් කොටසක් (තදංග) සිත (මනො) මැය වෙත පවතී. එනිසාම යනුවෙන් තදංග මනසාසතී යන පදය සෑදේ. මෙසේ වූ මම එදින - ගවදෙනගේ මාර්ගය නොදුටු යන බව දැක්වේ.
ථූපං අපත්ත මානසං ස්ථූපය හෙවත් චෛත්යය වෙතට නොපැමිණි බව යන අදහස සිතෙහි හටගනියි. (මනසි - භවොහි = මානසො යනුවෙන් පදය හැදේ. අජ්ඣාසය යනු කැමැත්තයි. චෛත්යය වෙත ගොස් මලින් පුදන්නෙමියි යන අදහස, සිතිවිල්ල උපන් ආශාව සම්පූර්ණ නොවූ නිසා මෙසේ කියන ලදී. එහෙත් ස්ථූපය - චෛත්යය මලින් පිදීමේ සිත සම්පූර්ණ විය. එයින් ඇය දෙව්ලොව උපන්නේය. තඤ්චාහං අභි සඤ්චෙය්යං ස්ථූපය මලින් පිදීමේ සිත මා ඉදින් සිතන්නේ නම් එයම ‘පින’ වන්නේය. මම චෛත්යය වෙත ගොස් රිසි සේ පූජා කිරීමෙන් මනාව හික්මෙන බව පින් රැස් කරන්නෙමි යන අර්ථය යි. භීයො නූන ඉතො සියා යම්සේ මෙයින් ලැබූ සම්පතට ද වඩා වැඩියෙන් මත්තෙහි දී උසස් සම්පත් ලැබේ යයි අදහස් කෙරේ.