3. නාගවිමාන වර්ණනා
අලංකතා මණිකඤ්චනා චිත්තං යනුවෙන් ඇරඹෙනුයේ නාග විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ මිගදායෙහි වාසය කරන සේක. එසමයෙහි බරණැස් නුවර වාසී වූ, ශ්රද්ධාවන්ත වූ තෙරුවන් කෙරෙහි පැහැදුනා වූ සිල්වත් ලෙස හැසිරීමෙන් යුක්ත වූ එක් උපාසිකාවක් තොමෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා වස්ත්‍ර යුගලයක් වියවා මනාව පිරිසිදු කරවාගෙන පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල තබා මෙසේ කීවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, බොහෝ කාලයක් මට හිතසුව පිණිස වන්නේද එසේ වනු සඳහා අනුකම්පා උපදවා මේ වස්ත්‍ර යුගලය පිළිගන්වා සේක්වා යනුයි. භාග්‍යවතුන් වහන්සේ පිළිගෙන, ඇයගේ හේතුවාසනා සම්පත් දැක ධර්ම දේශනා කළ සේක. ඕ තොමෝ දේශනාවසානයේ සෝවාන්ඵලෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නිවසට ගියාය. ඇය නොබෝ කලකින් කලුරියකොට යසුත්තරා යන නමින් තව්තිසාවෙහි උපන්නාය. සක්දෙව් රජුහට මනාප ද ප්‍රිය ද විශ්වාසවන්ත වූවාය. ඇගේ පින් බලයෙන් රන් දැලෙකින් ආවරණය වූ උතුම් ඇතෙක් උපන්නේ ය. ඔහුගේ කඳ පෙදෙසෙහි මාණික්‍යමය මණ්ඩපයක් ද එහි මැද මනාව පිළියෙළ වූ ස්වර්ණමය ආසනයක් ද පහළ විය. ඔහුගේ දළ දෙකෙහි නෙළුමින් මානෙල් මලින් බබළන මනහර පොකුණු දෙකක් විය. එහි නෙළුම් කෙමිවල සිටි දෙව්ලියෝ ගන්නා ලද පංචාංගික තූර්යයන් ඇතිව නැටීම් ද ගැයීම් ද කරති.
ශාස්තෲන් වහන්සේ කැමතිතාක් කල් බරණැස වැනි සැවැත් නුවර කරා චාරිකාවෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළින් සැවැත්නුවරට පැමිණ සැවැත්නුවර ජේතවනයේ වාසය කරන සේක. ඉක්බිති ඒ දේවතා තොමෝ තමන් අනුභව කරන දිවසැපත් බලා එහි හේතුව විමසන්නී, ශාස්තෲන් වහන්සේට සළු සඟලක් පිදීම හේතුවෙන් බව දැන හටගත් සොම්නස් ඇතිව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාද බහුමාන පුරස්සරව වඳිනු කැමැත්තී මැදියම් රැය ඉක්මගිය කල්හී, උතුම් ඇත්කඳ මතට නැගී අහසින් වුත් ඉන් බැස භාග්‍යවතුන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ එකත්පස්ව සිටියාය. ආයුෂ්මත් වංගීස ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනීමෙන් ඇයගෙන් මේ ගාථාවන් මගින් ප්‍රශ්න කළේය.
අලංකතා මණිකඤ්චනාචිතං සුවණ්ණජාල චිත්තං මහන්තං
අභිරුය්හ ගජවරං සුකප්පිතං - ඉධාගමා ඔභාසයං අන්තලික්ඛෙ
අභිරුය්හ ගජවරං සුකප්පිතං - ඉධාගමා ඔභාසයං අන්තලික්ඛෙ
අලංකාර ලෙස මැණික් රන් රුවන් ආදියෙන් සැරසූ, රන්දැලකින් වසා විසිතුරු කළා වූ මහත් වූ යහපත් ලෙස සරසන ලද උතුම් ඇතු පිටට නැගී අහසින් මෙහි පැමිණියෙහි ය.
නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා - අච්ඡොදිකා පදුමනියො සුඵුල්ලා
පදුමෙසුච තුරිය ගණ පභිජ්ජරෙ - ඉමාච නච්චන්ති මනොහරායො
පදුමෙසුච තුරිය ගණ පභිජ්ජරෙ - ඉමාච නච්චන්ති මනොහරායො
හස්තියාගේ දළ දෙකෙහි නිර්මාණය වූ මනාව පිපුණු නෙළුම් මල් සහිත පිරිසිදු විල් ඇත. ඒ පද්මයන්හි තූර්ය ගණයෝ විවිධ නාද නංවති. ඒ තූර්යවාදයන්ට අනුව මනහර දෙවඟනෝ නටත්.
දෙවිද්ධි පත්තාසි මහානුභාවෙ - මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං
කෙනාසි එවං ජලිතානුභාවා - වණ්ණෙච තෙ සබ්බදිසා පභාසතී
කෙනාසි එවං ජලිතානුභාවා - වණ්ණෙච තෙ සබ්බදිසා පභාසතී
මහානුභාව සම්පන්න දේවතාවිය, ඔබ සාද්ධිමත්ය. ඔබේ වර්ණය සියලු දිසා බබළවයි. මේ වැනි දීප්තියක් ආනුභාවයක් කුමක් නිසා ලැබුණේද, මිනිස්ලොව ඉපදී කිනම් කුසල කර්මයක් කළේද?
එහි අලංකතා සියලු අබරණින් සැරසුණු, මණිකඤ්චනාචිතං දීප්තිමත් වූ මැණික් රත්රන් ආදියෙන් යුක්ත වූ, සුවණ්ණජාල චිත්තං රත්දැළින් ආවරණය වූ, මහන්තං විශාල වූ, සුකප්පිතං ගමනෙහි යොදා ගන්නා හස්තියා වශයෙන් මනාව සන්නද්ධ වූ, වෙභාසයං අහසට නැග ගත් ඇතාගේ පිට මත, අන්තලික්ඛෙ අහසෙහි, යන අරුතයි. අලංකත මණිකඤ්වාචිතං යනුවෙන් ද පාඨයක් ඇත. එහි අදහස, දේවතාවියනි, ඔබ සියලු අලංකාරයන්ගෙන් අලංකාරවත් වූයෙහිය. ඇත් කඳ ද, නොයෙක් මැණික් රන් රුවන් ආදියෙන් ද විවිධ හස්ත්‍යාලංකාරයෙන් ද විසිතුරු කරන ලද්දේය. එබඳු ඇතාගේ පිට මත හිඳිමින් අපගේ සමීපයට පැමිණියාහුය.
නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා ඓරාවණ නම් ඇත් රජුගේ මෙන් මේ ඇතුගේ ද දළ දෙකෙහි පොකුණු දෙකක් මනාව අභ්‍යාස ලත් ශිල්පීන් විසින් කරවන ලද්දේය. තුරියගණ සංගීතයේ කාලමාන ආදී දොළොස් ප්රභේදයන් වශයෙන්, පවජ්ජරෙ යයිද සමහරු කියති. ඒ ඒ ආකාරයන්ගෙන් වාදනය කරනු ලැබෙත් යනු එහි අර්ථයි.
තෙරුන් වහන්සේ විසින් මෙසේ විමසන ලදුව දේවතා තොමෝ මෙම ගාථාවන්ගෙන් පිළිතුරු දුන්නාය.
බාරාණසිං උපසංකමිත්වා - බුද්ධස්සහං වත්ථයුගං අදාසිං
පාදාති වන්දිත්ව ඡමා නිසීදිං - චිත්තාචභං අඤ්ජලිකං අකාසිං
පාදාති වන්දිත්ව ඡමා නිසීදිං - චිත්තාචභං අඤ්ජලිකං අකාසිං
මම බරණැස් නුවරට පැමිණ බුදුන් වහන්සේට වස්ත්‍ර දෙකක් පිදුවෙමි. භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ බිම හිඳගෙනම සතුටින් යුතුව අඤ්ජලී කර්මයෙන් වන්දනා කළෙමි.
බුද්ධොච මෙ කඤ්චන සත්ති භත්තමො
අදෙසයී සමුදය දුක්ඛ නිච්චතං
අසංඛතං දුක්ඛ නිරොධ සස්සතං
මග්ගං අදෙසයී යතො විජානියං
අදෙසයී සමුදය දුක්ඛ නිච්චතං
අසංඛතං දුක්ඛ නිරොධ සස්සතං
මග්ගං අදෙසයී යතො විජානියං
රන්වන් සිරුරක් ඇති බුදුන් වහන්සේ ද මා හට දුක දුඃඛ සමුදය, දුක්ඛ නිරෝධය, මාර්ගය ඇතුළත් සිව්සස් දේශනා කළහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කළහැකි මාර්ගය මට පහදා දුන්නේය.
අප්පායුකී කාලකතා තතොචුතා - උප්පන්නා තිදසගණං යසස්සීනී
සක්කස්සානං අඤ්ඤතරං පජාපතී - යසුත්තරා නාම දිසාසු විස්සුතා
සක්කස්සානං අඤ්ඤතරං පජාපතී - යසුත්තරා නාම දිසාසු විස්සුතා
අල්පායුෂ්ක ඇත්තියක වී කලුරියකොට ඒ භවයෙන් චුත වී තිදස්පුර වැසියන් අතර, සම්පත් ඇතිව ඉපදුනා වූ මම ‘යසුත්තරා’ නමින් දිශාවන්හි ප්‍රසිද්ධ වීමි. ශක්‍රයාගේ එක්තරා ප්රජාපතියෙක් වීමි.
එහි ඡමා භූමියේ මෙය භූමිය යන අර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනයකි. චිත්තා සතුට. යතො ශාස්තෲන් වහන්සේගේ යම්බඳු වූ සාමුක්කංසික ධර්ම දේශනාවකින්, විජානියං චතුරාර්ය සත්‍යය අවබෝධ කළෙමි.
අප්පායුකී මෙබඳු වූ උතුම් වූ පින්කමක් තිබූ ඇය දුක් බහුල වූ මේ මනුෂ්‍යාත්ම භාවයෙහි මෙසේ නො තැබිය යුතුයයි යනුවෙන් හටගත් අදහස් ගැළපීමක් මෙන් හීන වී ගියා වූ කර්මයකින් අල්පායුෂ්ක වූවා වැනි අඤ්ඤතරා පජාපතී සොළොස් දහසක් වූ බිසෝවරුන් අතුරෙන් එක්තරා තැනැත්තියක්, දිසාසු විස්සුතා දෙදෙව්ලොව සියලු දිසාවන්හි ප්‍රකට වූ හඳුනාගනු ලැබුවා වූ, තැනැත්තියක්. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.