4. අලොමාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනු අලෝමා විමාන වස්තු කථාවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ මුවන්ට අභය දානය දුන් තැන වැඩ වසද්දී එක් දවසක් උදය කාලයේ හැඳ පොරවා බරණැස් නුවරට පිඬු පිණිස වැඩමවූහ. එහිදී අලෝමා නම් වූ එක් දුප්පත් ස්ත්රියක් භාග්යවතුන් දැක පැහැදුණු සිතින් යුතුව පිදිය යුතු කිසිවක් නොතිබුණු බැවින් ඉතා සුළු දෙයක් වුවත් භාග්යවතුන් වහන්සේට පූජා කළත් මහත්ඵල මහානිසංස වන බව අදහා දුර්වර්ණ වූ ලුණු නැති කොමු පිඬු පිළිගැන්වූවාය. භාග්යවතුන් වහන්සේ ද පිළිගත්හ. ඕ තොමෝ ඒ දානය අරමුණු කොට සොම්නස උපදවා මද කලක් ආයු විඳ පරලොව සැපත්ව තව්තිසා දෙව්ලොව උපන්නීය. මහ මුගලන් තෙරුන් දෙව්ලොව චාරිකා කරද්දී මෙම දෙවඟන හමු වී මෙසේ විමසීය.
දසදිග ආලෝක කරන බැබළෙන ශරීර වර්ණයෙන් යුතුව ඕසධී තාරකාව මෙන් දසදිග ඒකාලෝක කරමින් මෙබඳු දිව ඉසුරක් ලැබීමට ඔබ විසින් කිනම් කුසල කර්මයක් කරන ලද්දේ ද?
ඕ තොමෝ එය දැක්වීමට ඕ දේවතා තොමෝ තමන් විසින් මිනිසත්බවේ දී කරන ලද මේ කුශල කර්මය කීවාය.
මම බරණැස් නුවර ඉපිද සිටියදී සූර්යවංශෝද්භූත සම්මා සම්බුදුන් වහන්සේට, ප්රසන්න වූ සිතින් යුතුව මගේම දෑත්වලින් කටුක වූ කොමුපිඬු පිළිගැන්වීමි.
නීරස වූ ලුණු රහිත කොමු පිඬු නිර්ලෝභ සිතින් පිදූ පිණින් මේසා සුගති විපාක ලද බව දැක දැකත් කවුරුනම් පින්කම් නොකර සිටින්නේද?
ඒ කරන ලද කුසල කර්මයේ විපාක වශයෙන් මෙබඳු වූ බැබළෙන සකල දිගුන් ආලෝකමත් කරන වර්ණයක් ද සම්පත් ද ලැබුයෙමි.
එහි අලොමං සුචිතං දිස්වා අලෝම නම් නීරස වූ කොමු පිඬු පමණක් දී ඒ මෙවැනි දිව්ය සුව සැපත් දැක කො පුඤ්ඤං න කරිස්සති තමන්ගේ හිතසුව කැමති වන්නා වූ කවරෙක් නම් පින් නොකර සිටින්නෝද ඉතිරි විස්තර පෙර කී නයින් දතයුතු.
අලෝමා විමාන වර්ණනාව නිමියේ ය.
5. කඤ්ජිකදායිකා විමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් කඤ්ජික දායිකා විමාන වස්තුව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්යවතුන් වහන්සේ අන්ධක වනයේ වාසය කරන සේක. ඒ දවස්වල භාග්යවතුන් වහන්සේගේ කුසෙහි වාත රෝගයක් හටගත්තේය. භාග්යවතුන් වහන්සේ ආනන්ද හිමියන් ඇමතීය. ආනන්දය, ඔබ යන්න. ගොස් පිඬු පිණිස හැසිර මට බෙහෙත් කැඳක් ගෙන එන්න යි වදාළහ. එසේය භාග්යවතුන් වහන්සැයි ආනන්ද හිමියන් පිළිතුරු දී මහරජු විසින් දෙන ලද පාත්රය ගෙන තමාගේ උපස්ථායක වෛද්යවරයාගේ නිවස ඉදිරිපිට සිටියේය. වෙදැදුරුතුමාගේ බිරිඳ ආනන්ද හිමියන් දුටුවාය. එසේ දැක ගොස් පාත්රය ගෙන ස්වාමීනි, ඔබවහන්සේට කෙබඳු ඖෂධයකින් ප්රයෝජන වන්නේදැයි විචාළාය. බුද්ධිසම්පන්න වූ ඇය බෙහෙතින් ඇති ප්රයෝජන වන්නේදැයි විචාළාය. බුද්ධිසම්පන්න වූ ඇය බෙහෙතින් ප්රයෝජන ඇති කල්හිම මෙහි පැමිණියේ වන. පිණ්ඩපාතය පිණිස නොවේයයි සලකා, කැඳකින් ප්රයෝජන ඇතැයි ආනන්ද හිමියන් කී කල්හි ‘මේ බෙහෙත මාගේ මෙම ආර්යයන් වහන්සේට විය නොහැක. එසේමය. මේ පාත්රය භාග්යවතුන් වහන්සේගේය. මා ලෝකනාථයන් වහන්සේට සුදුසු කැඳක් සපයා දෙන්නේ නම් සුදුසු යයි සොම්නස් සහිත වී බුහුමන් උපදවා, ඩෙබර (මසං) යුෂයෙන් කැඳ සකස්කොට පාත්රය පුරවා එයට පරිවාර වශයෙන් වෙනත් ආහාර වර්ග ද පිළියෙල කොට යැව්වාය. එය පානය කළවිට භාග්යවතුන් වහන්සේගේ ඒ ආබාධය සන්සිඳුනේය. ඕ තොමෝ පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි ඉපිද මහත් වූ දිව්ය සම්පත්තීන් අනුභව කරති. සතුටු වෙති. ඉක්බිති මහ මුගලන් තෙරිඳු දිව්ය ලෝකවල චාරිකා කරන්නේ අප්සරාවන් දහසක් පිරිවරාගෙන හැසිරෙන්නා වූ ඇය දැක ඇය විසින් කරන ලද කර්මය විමසීය.
සියලු දිසාවන් බබුලුවමින් දහසක් පිරිවර සමග මනස්කාන්ත ශරීරයක් ඇතිව විවිධ වර්ණයෙන් යුත් අබරණවලින් සැරසී හැසිරෙන්නා වූ තී කවරෙක්ද, මේසා සම්පත් ලැබීම සඳහා මිනිස්ලොවදී තී විසින් කරන ලද කුසල කර්මය කවරේද?
ඕ තොමෝ පිළිතුරු දෙමින් මෙසේ පැවසුවාය.
අහං අන්ධක වින්දසමිං - බුද්ධස්සාදිච්ච බන්ධුනො
අදාසිං කොල සම්පාකං - කඤ්ජිකං තෙලධූපිතං
අදාසිං කොල සම්පාකං - කඤ්ජිකං තෙලධූපිතං
මම අන්ධක වින්ධයෙහි විසූ සූර්ය බන්ධු වූ බුදුන් වහන්සේට තෙල් දැමූ ඩෙබර යුෂ කැඳක් පිදූවෙමි.
පිප්ඵල්යා ලසුණෙන ච මිස්සං ලාමඤ්ජකෙන ච
අදාසි උජු භූතස්මිං - විප්පසන්නෙන චෙතසා
අදාසි උජු භූතස්මිං - විප්පසන්නෙන චෙතසා
ඍජු ගති පැවතුම් ඇති බුදුන්වහන්සේ විෂයෙහි ඉතා ප්රසන්න සිතින් යුතුව තිප්පිලි - සුදුලූණු - කරාබුනැටි යන මේවායින් තැනු මිශ්රණයක් සිදුවෙමි.
යාමහෙසි තත්තං කාරෙය්ය - චක්කවත්තිස්ස රාජිනො
නාරි සබ්බංග කල්යාණි - භත්තුච්චානොම දස්සිකා
එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොළසිං
නාරි සබ්බංග කල්යාණි - භත්තුච්චානොම දස්සිකා
එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොළසිං
සර්වාංගයෙන් සුන්දර වූ උසස් පෙනුමක් ඇත්තා වූ යම්කිසි තැනැත්තියක් සක්විති රජුගේ මෙහෙසිය බවට පත්වන්නේද, එය මේ කැඳ දානයේ පිනෙන් සොළසකින් එක පංගුවක් පමණ හෝ අගය නොවන්නේය.
සතං නික්ඛා සතං අස්සා - සතං අස්සතරී රථා
සතං කඤ්ඤා සහස්සානි - ආමුත්ත මණි කුණ්ඩලා
එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොලසිං
සතං කඤ්ඤා සහස්සානි - ආමුත්ත මණි කුණ්ඩලා
එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොලසිං
නික්ඛ නම් වූ ලොකු රන් කාසි සියයක් ද, අශ්වයන් සියයක් ද, අශ්වතරයින් යෙදූ රථ සියයක් ද, මාණික්යමය කුණ්ඩලාභරණ පැළඳගත් කන්යාවන් සියක් දහසක්ද යන මේ සියල්ල මේ කැඳ දානමය පින්කමෙන් දහසයෙන් එක් කොටසක් පමණවත් නොවටී.
සතං හෙමවතා නාගා - ඊසා දන්තා උරූළහවං
සුවණ්ණ කච්ඡා මාතංගා - හෙමකප්පන වාසසා
එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොළසිං
සුවණ්ණ කච්ඡා මාතංගා - හෙමකප්පන වාසසා
එතස්ස කඤ්ජික දානස්ස - කලං නාගඝති සොළසිං
නගුලිස් වැනි විශාල දත් ඇති, රන් ඇතිරිලි පෙර වූ, රන් පළඳනා පැළඳ වූ හේමවත කුලයේ ඇතුන් සියයක්ද, රන් ඇතිරිලි පෙර වූ රන් පළඳනා පැළඳ වූ අසුන් සියයක් ද, මේ කැඳ දානයේ පිනෙන් දහසයෙන් එක් පංගුවක් තරම්වත් නොවටී. අංගය නැත්තේය.
චතුන්නම්පිච දීපානං - ඉස්සරං යොධ කාරයෙ
එතස්ස කඤ්ජික දානස්ස කලං නාගඝති සොළසිං
එතස්ස කඤ්ජික දානස්ස කලං නාගඝති සොළසිං
සතරමහ දිවයින් අධිපති බව සඳහා යුද්ධ කරන්නේද, ඒ යුද්ධයෙන් ලබන සතරමහ දිවයින් මේ කැඳ දානයේ අගයෙන් දහසයෙන් එකක් පමණවත් නො අගනේය.
එහි අදාසිං කොල සම්පාකං කඤ්ජිකං තෙල ධූපිතං ඩෙබර (මසං) යුෂ ද්රාවණයට එමෙන් සිවු ගුණයක් ජලය දමා කලවම් කොට එය සතරෙන් එක් කොටසක් වන සේ පිස එයට (ඉගුරු-ගම්මිරිස්-තිප්පිලි) තිකුළු ද අසමෝදගම් පෙරුම්කායම් - සුදුලූණු ආදිය දමා පිළියෙල කොට වාෂ්පයෙන් පැසවා කරාබුනැටි තෙලින් සුවඳ ගන්වා ප්රසන්න සිතින් යුතුව භාග්යවතුන් වහන්සේ පාත්රයෙහි බහා ශාස්තෲන් වහන්සේ සඳහා පිදුයෙමි. තෙරුන් වහන්සේගේ අතෙහි තැබුවේ යයි මෙසෙයින් කීහ.
පිප්ඵල්යා ලඝුණෙන ච මස්සං - ලාමඤ්ජකෙනච
අදාසිං උජුභූතස්මිං - විප්පසන්නෙන චෙතසා
අදාසිං උජුභූතස්මිං - විප්පසන්නෙන චෙතසා
සෘජු ගති පැවතුම් ඇති බුදුන්වහන්සේ විෂයෙහි ඉතා ප්රසන්න සිතින් යුතුව තිප්පිලි සුදුලූණු කරාබුනැටි යන මේවායින් තැනූ මිශ්රණයක් පිදුවෙමි.
සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
මෙසේ ඒ දේවතාවිය විසින් රැස්කරන ලද පුණ්ය කර්මයන් පැහැදිලි කළ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ පිරිවර සහිත වූ ඇයට දහම් දෙසා මිනිස්ලොවට පැමිණ ඒ පුවත භාග්යවතුන් වහන්සේට දැන්වූහ. භාග්යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූහ. ධර්ම දේශනාව මහජනතාවට ඉතා ප්රයෝජනවත් විය.
කඤ්ජිකදායිකා විමාන වර්ණනාව නිමියේ ය.
6. විහාරවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් විහාර විමාන වස්තුව ආරම්භ වේ. මේ එහි උත්පත්ති කථාවයි. භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වාසය කරන සේක. ඒ දවස්වල විශාඛා මහා උපාසිකා තොමෝ එක්තරා උත්සව දිනයක උයනෙහි සංචාරය සඳහා සහායිකාවන් හා සේවකයන් විසින් උනන්දු කරන ලදුව මනාව ජලස්නානය කොට, සුවඳ විලවුන් ගල්වා, රජ බොජුන් වළඳා නවකෝටියක් අගනා මේ පළඳනාව පැළඳ පන්සියයක් පමණ සහායිකාවන් විසින් පිරිවරන ලදුව මහා සම්පත්තීන්ගෙන් යුක්තව ගෙයින් නික්ම උයන දෙසට යන්නී මෙසේ සිතුවාය. බාල දැරියන්ට සුදුසු වූ මේ නිෂ්ඵල ක්රියාවෙන් මා වැන්නන්ට කවර ඵලයක්ද, මා විහාරයට ගොස් භාග්යවතුන් වහන්සේ මුණගැසී, ආර්ය ශ්රාවකයන් වහන්සේලා දැක, උන්වහන්සේලා වඳින්නෙම් දහම් අසන්නෙම්, නම් වඩාත් සුදුසු නොවන්නේද? මෙසේ සිතා විහාරයට ගොස් මහාලතා පළඳනාව ගලවා දාසියකගේ අතට දී භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නීය. භාග්යවතුන් වහන්සේ ඇයට දහම් දෙසූහ.