4. චණ්ඩාලිවිමාන වර්ණනා
චණ්ඩාලී වන්‍ද පාදානි - චණ්ඩාලී විමාන වස්තුවයි. එහි උන්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වාසය කරන සේක් අළුයම් වේලෙහි බුදුන් වහන්සේලාට පුරුදුව ඇති මහා කරුණා සමාපත්තියට සම වැද, ඉන් නැගිට ලෝකය දෙස බලන්නාහු ඒ නගරයෙහිම සැඬොල් පියසෙහි වෙසෙන ආයුෂ ගෙවීගිය නිරයට යා හැකි කර්මයක් ද එළඹ සිටි එක්තරා මැහැළි සැඩොල් කතක දුටු සේක. මහා කරුණාවෙන් උත්සාහවත් වූ සිත් ඇති බුදුන් වහන්සේ, ඇය ලවා ස්වර්ගයට යා හැකි කර්මයක් කරවා එයින් ඇගේ නිරය ගමන වළක්වා ස්වර්ගයෙහි පිහිටුවන්නෙමියි සිතා මහත් වූ භික්‍ෂු සමූහයක් සමග රජගහ නුවර පිඬු පිණිස නික්මුණු සේක. එකල්හි සැරයටියක් ආධාර කොටගෙන නුවරින් නික්මෙන ඒ සැඩොල් ස්ත්‍රිය, පැමිණෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක ඉදිරියෙහි සිට ගත්තාය. භාග්‍යවතුන් වහන්සේ ද ඇගේ ගමන වළක්වන්නාක් මෙන් ඉදිරියේ සිටි සේක. එකල්හි ආයුෂ්මත් මුගලන් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්ගේ සිත ද, ඇයගේ ආයුෂ පිරිහී යාම ද දැන භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරවීම සඳහා මේ ගාථා දෙක කීහ.
චණ්ඩාලී වන්‍ද පාදානි - ගොතමස්ස යසස්සිනො
තමෙව අනුකම්පාය - අට්ඨාසි ඉසි සුත්තමො
අභිප්පසාදෙහි මනං අරහන්තම්හි තාදිනී
ඛිප්පං පඤ්ජලිකා වන්‍ද - පරිත්තං තව ජීවිතං
සැඩොල් උපාසිකාවනි, යශස් ඇත්තා වූ ගෞතමයන් වහන්සේගේ පා වඳින්න. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයෝ ඔබ කෙරෙහිම අනුකම්පාවෙන් මෙහි වැඩමවා නැවතුණහ.
කෙළෙස් දුරුකළ අර්හත් ගුණ ඇති උතුමාණන් කෙරෙහි මනාකොට මනස පහදවා ගන්න. වහා දෑත් ඔසවා ඇඳිලි බැඳ වඳින්න. ඔබේ ජීවිතය අවසානය කරා ළඟා වී ඇත.
එහි චණ්ඩාලී උපතින් ලැබූ නාමයෙන් ඇයට ආමන්ත්‍රණය කරයි. වන්‍ද වඳින්න. පාදානි - දෙවියන් සහිත වූ ලෝකයාට පිහිට වූ ශ්‍රීපාදයන්, තමෙව අනුකම්පාය ඔබටම අනුග්‍රහ පිණිස, අපායෙහි ඉපදීම වළක්වා දෙව්ලොව ඉපදීම සඳහා යන අදහසයි. අට්ඨාසි බුදුන්වහන්සේ නගරයට නො පිවිස සිටියහ. ඉසි සුත්තමො ලෞකික වූ ද රහත් නො වූ ද රහත් වූ ද රහත් වූ ද, පසේ බුදු වී ද යන (සත්ත්වයන්) ඍෂීන් අතුරෙන් උතුම් වූ, ශ්‍රේෂ්ඨතම වූ එසේ නැතහොත් විපස්සී බුදුන් වහන්සේ සිට ගැනෙන පරිදි පරම්පරාවේ සත්වන බුදුන් වහන්සේ බැවින් ඉසි සත්තමො යයි කියනු ලැබේ.
අභිප්පසාදෙහි මනං - මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඔබගේ සිත පහදවා ගන්න. අරහත්තම්හි තාදිනී කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් ද එම කෙලෙස් සතුරන් නැසූ බැවින් ද, සංසාර චක්‍රයේ දැති නැසූ බැවින් ද, සිවුපසයන් ලැබීමට සුදුසු වූ බැවින්ද, රහසින් හෝ පව් නොකරන බැවින් ද, අරහන්තො යි යෙදේ. සිතට ප්‍රිය උපදවන දේ කෙරෙහි කෙලෙස් (ආශා) දුරු කළ බැවින් තාදිම්හි යයි යෙදේ. ඛිප්පං පඤ්ජලිකා මන්‍ද ඉක්මනින්ම ඇඳිලි බැඳ වඳින්න. නමස්කාර කරන්න. කුමක් නිසාද යත්, පරිත්තං තව ජීවිතං - ජීවිතය දැන්මම බිඳෙනසුළු ස්වභාවය ඇති බැවිනි. ඉතා කෙටි බවකින් යුක්ත බැවිනි.
මෙසේ තෙරුන් වහන්සේ ගාථා යුගලකින් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නාහු තමන්ගේ ආයුභාවයෙහි පිහිටා ඇයගේ ආයුෂ හීන වූ බව ද දැක්වීමෙන් සංවේග උපදවමින් ශාස්තෲන් වහන්සේ වැන්දවීම සඳහා ඇය මෙහෙයවූහ. ඕ තොමෝ ද එය අසා සංවේග උපදවා ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් ඇතිව, පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳ නමස්කාර කරමින් බුදුන් කෙරෙහි පිහිටියා වූ ප්‍රීතියෙන් එකඟ සිත් ඇතිව සිටියාය. භාග්‍යවතුන් වහන්සේ ද, මැයට සග සම්පත් ලැබීමට මෙය ප්‍රමාණවත් යයි දැන භික්‍ෂූන් සමග නගරයට පිවිසි සේක. එකල්හි බියට පත්ව දිවයන්නා වූ එක්තරා ගවදෙනක් සිය අඟින් ඇයට අණින ලදින් ඇයගේ දිවි තොරවීය. ඒ සියල්ල දක්වනු පිණිස සංගීතිකාරක තෙරවරහු මේ ගාථා කීහු.
දමනය කරන ලද ඉඳුරන් ඇති, මුගලන් මහරහතන් වහන්සේ විසින් මෙහෙයවන ලද සැඩොලිය යශස් සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදයන් වන්දනා කළහ.
අඳුරට පහනක් වූ බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කළා වූ උවැසියට එක්තරා ගවදෙනක් විසින් සිය අඟින් අනින ලදුව මරණයට පත් කළාය.
එහි පඤ්ජලිං ඨිතං නමස්සමානං සම්බුද්ධං බුදුරජාණන් වහන්සේ එතැනින් නික්ම ගිය කල්හි බුද්ධාලම්භන ප්‍රීතියෙන් සන්සුන් වූ සිත් ඇති බුදුන් ඉන්දදී මෙන්ම ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියා වූ අන්‍ධකාරෙ අවිද්‍යා නමැති අන්ධකාරයෙන් ද, කෙලෙස් නමැති ආලෝකය ඇති කරන්නා වූ
ඕ තොමෝ එයින් චුතව තව්තිසා දෙව්ලොව උපන්නීය. ඇයට පිරිවර අප්සරාවෝ ලක්‍ෂයක් වූහ. එකල්හි ඇය විමානය සමගම පැමිණ මුගලන් තෙරුන් වෙත එළඹ වැඳ සිටියහ. ඒ බව මෙසේ දක්වයි.
වීර්යවත් උත්තමයාණනි, කෙලෙස් ප්‍රහීණ කළා වූ, රජසින් තොර වූ, තෘෂ්ණාව නැත්තා වූ, ආරණ්‍යයෙහි හුදෙකලාව වැඩ සිටින්නා වූ මහානුභාව සම්පන්න වූ ඔබවහන්සේට මම වන්දනා කරමි.
එවිට තෙරණුවෝ මෙසේ විමසූහ.
සම්පතින් යුතු වූ දේවතාවියනි, රත්රන් පැහැයෙන් බබළන්නා වූ, මහත් යසස් ඇත්තා වූ, අප්සරා සමූහයා විසින් පිරිවරණ ලද්දා වූ නන් විසිතුරු විමනින් බැස මට වඳින්නා වූ, ඔබ කවර තැනැත්තියක් ද?
එහි ජලිතා තමන්ගේ ශරීර ප්‍රභාවයෙන් ද, වස්ත්‍රාභරණාදියේ දීප්තියෙන් ද, දිළිසෙමින් බැබළෙමින්, මහායසො මහත් වූ පිරිවරක් සහිත වූවා, විමාන මොරුය්හ විමානයෙන් බැස, අනෙක චිත්තා - නන්වැදෑරුම් විසිතුරු බවින් යුත්, සුභො, මනා ගුණයන්ගෙන් යුත් තැනැත්තියනි, මමං මා