3. ආචාමදායිකාවිමාන වර්ණනා
පිණ්ඩාය තෙ චරන්තස්ස යනාදී ගාථාවෙන් දැක්වෙන ආවාමදායිකා විමාන වස්තුව මෙසේය. එහි උත්පත්තිය කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහි (ලෙහෙණුන්ගේ අභය භූමියෙහි) වාසය කරන සේක. එකල්හී රජගහනුවර එක්තරා පවුලක් අභිවාතක රෝගයෙන් උවදුරට පත්විය. එහි එක් ස්ත්‍රියක හැර අනිත් සියල්ලෝම මිය ගියහ. ඇය නිවසද නිවසේ වූ සියලු ධන ධාන්‍යද හැරදමා මරණ භයෙන් බියවත් වූවා බිත්ති හිඩැසකින් පලාගොස් අනාථ වී අනුන්ගේ නිවසකට ගොස් නිවස පිටුපස වාසය කළාය. එම නිවසෙහි කාරුණික පුරුෂයෙක් හැලි වළං ආදියෙහි ඉතිරිවන බත් කැඳ ආදිය ඇයට දෙන්නාහ. ඇය ඒ ස්ථානයේම ඔවුන්ගේ කැඳ බත් කා ජීවිකාව කරයි.
එකල්හි ආයුෂ්මත් මහා කාශ්‍යප රහතන් වහන්සේ සත් දිනක් තිරෝධ සමාපත්තියට සමවැදී සිට එයින් නැගී අද මා ආහාර පිළිගැනීමෙන් කවරනම් අයෙකුට අනුග්‍රහ කරන්නෙම්ද, දුගතියේ හා අනික් දුක්වලින් මුදවන්නෙම්දැයි කල්පනා කරන්නාහ. මරණයට ආසන්නව සිටි ඇය, නිරයෙහි ඉපදීමට හේතුවන ලෙස කරන ලද කර්මයන් ඇති බව දැක මා එහි ගියවිට ඇය තමන් ලත් කැඳවතුර මට දෙන්නීය. ඒ හේතුවෙන්ම ඇය නිර්මාණරතී දිව්‍යලෝකයෙහි උපදින්නීය. මෙසේ ඇය නිරයෙහි වැටීමෙන් මුදවාගෙන මැයට ස්වර්ග සම්පත්තිය ලබාදෙන්නේ නම් යෙහෙකැයි සිතා පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුර ගෙන ඇය සිටිනා තැනට අභිමුඛව වඩිනා සේක. එවිට සක්දෙව් රජු අප්‍රකට වේශයකින් යුතුව නොයෙක් රසයෙන් සැදි නොයෙක් සූප හා ව්‍යඤ්ජන සහිත ආහාරයක් ද, දිවසළු ද ගෙන ආවේය. ඔහු කවරෙකුදැයි දැන හැඳිනගත් තෙරුන් වහන්සේ, ශක්‍රය, ඔබ කරන ලද පින්කම් ඇත්තේය. කුමක් නිසා මෙසේ කරන්නේද? දුකට පත් දිළින්දන් හට ලැබෙන සම්පත් නො වලක්වනු යයි කියා, ශක්‍රයා ගෙනා දේ ප්‍රතික්ෂේප කොට එම ස්ත්‍රිය ඉදිරියෙහි සිටි සේක.
ඕ තොමෝ තෙරණුවන් දැක, මේ මහානුභාව සම්පන්න තෙර නමකි. මුන්වහන්සේට දිය යුතු කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ මෙහි නැත. මේ කිලිටි භාජනයෙහි දැමූ, තණකැබලි දූවිලි ආදිය විසිරුණු ලුණු නැති සීත වූ රස අඩු කැඳ වතුර ටිකක් මෙවැනි තෙර නමකට දෙන්නට උත්සාහ නො ගනිමියි සිතා ‘ආතිච්ඡථ’ (පෙරට වඩින්න දිය යුතු දෙයක් නැත) යයි කීවාය. තෙරුන් වහන්සේ එක් පියවරක් පමණක් ඉදිරියට තබා නැවතුණු සේක. නිවසෙහි වැසි මනුෂ්‍යයෙක් ආහාර ගෙන ආහ. තෙරුන්වහන්සේ එය නො පිළිගත්හ. ඒ දුගී ස්ත්‍රිය මටම අනුග්‍රහ පිණිස මෙහි පැමිණියේ වන්නේය. මා සතු දෙයම පිළිගනු කැමැත්තේ යයි දැන ප්‍රසන්න වූ සිත් ඇත්තී උසස් භක්තියකින් යුතුව එම කැඳ වතුර තෙරණුවන්ගේ පාත්‍රයෙහි වත් කළාය. තෙරුන් වහන්සේ ද ඇයගේ පැහැදීම වැඩිවනු පිණිස කැඳ වළඳනු රිසි ආකාරයක් දැක්වූහ. ගෙහිමියා අසුනක් පැනවීය. තෙරුන් වහන්සේ එහි හිඳ ඒ කැඳවතුර වළඳවා පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇත්තාහු අනුමෙවෙනි බණ වදාරා ඒ දුගී ස්ත්‍රියට ‘මින් පෙර තුන්වන ආත්ම භාවයේ දී ඔබ මගේ මෑණියන් වූහ’යි වදාරා වැඩි සේක. ඕ තොමෝ එයින් තෙරුන් වහන්සේ කෙරෙහි භක්තිය ද ප්‍රසාදය ද උපදවා එදින රාත්‍රී පළමු යාමයෙහි කළුරියකොට නිර්මාණරතී නම් දේව සමාගමට පැමිණියාය. ඉක්බිති සක්දෙව් රජ ඇය කළුරිය කළ බව දැන කවරනම් තැනක උපන්නීදැයි සොයා බලන්නේ තව්තිසාවෙහි නො දැක රාත්‍රියෙහි මැදියම ආයුෂ්මත් මහ කසුප් තෙරුන් වෙත පැමිණ ඇය උපන් තැන විචාරන්නේ ‘පිණ්ඩාය තෙ චරන්තස්ස’ ආදී ගාථා කීහ.
පිණ්ඩාය මෙ චරන්තස්ස - තුණ්හී භූතස්ස තිට්ඨතො
දළිද්දා කපණා නාරී - පරාගාරං අවස්සිතා
දළිද්දා කපණා නාරී - පරාගාරං අවස්සිතා
පිඬු පිණිස හැසිර නිහඬව සිටියා වූ ඔබවහන්සේට දිළිඳු වූ ද අසරණ වූ ද, අන් නිවසක පිටිපස පෙදෙස පිහිටකොට ගෙන සිටි ස්ත්‍රියක් ප්‍රසන්න වූ සිත් ඇතිව සියතින්ම කැඳ වතුර පිදුවාද, යම් බඳු වූ එම තැනැත්තිය මියගොස් කවර නම් ලොව උපත ලැබීද?
එහි පිණ්ඩාය පිණ්ඩපාතය සඳහා, තුණ්හී භූතස්ස තිට්ඨතො මෙය පිඬු පිණිස හැසිරෙන ආකාරය දැක්වීමකි. පිණ්ඩපාතය උදෙසා සිටියේය යන අර්ථයයි. දළිද්දො දුකට පත් වූ, කපණා අසරණ වූ දළිද්දා යන පදයෙන් ඇයට සම්පත් නැති බව දැක්වේ. කපණ යන පදයෙන් නෑදෑයින් නැති බව දැක්වේ. පරාගාරං අවස්සිතා අනුන්ගේ නිවසක් ඇසුරෙහි වෙසෙන්නී අනුන්ගේ නිවසක පිටුපස ආවරණයක් ඇසුරුකොට වසන ස්ත්‍රිය.
කන්නු සාදිසතං ගතා දන්දීම් වශයෙන් කාමාවචර දිව්‍යලෝක සයෙන් කවර නම් ලෝකයකට ගියාද? පෙර කියන ලද ආකාරයෙන් තෙරුන් වහන්සේ විසින් කරන ලද අනුග්‍රහයෙන්, ඒ ස්ත්‍රිය පහළ දිව්‍යලෝක දෙකෙහි නොදුටු ශක්‍රයා ඇය උදාර වූ දිව්‍ය සම්පත්තියක් ලබාගෙන නැතැයි යන සැකයෙන් යුතුව, තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරයි.
එවිට තෙරුන් වහන්සේ -