9. ජටිල සූත්ර වර්ණනාව
නව වැන්නෙහි ගයාය යනු, මෙහි ගයා නමින් ගමක්ද තොටුපලක්ද ඇත. ගයා ගමට නුදුරුතැන්හි වාසය කරන බැවින් බුදුරජාණන් වහන්සේ ගයාවෙහි වාසය කරතියි කියති. ගයා තොටුපලට හා ගයා ගමට සමීපයෙහි එක් පොකුණක් ද ගඟක් ද ඇත. ලෞකික මහජනයා ඒ ස්ථාන දෙකම පව් සෝදා හරින්නේය යි විශ්වාස කරති. ගයාසීසෙ ඇත් හිසක් හා සමාන පර්වත මුදුනෙහි, එහි ගයාසීස නමින් එක් පර්වතයක් ඇත. යම් තැනෙක ඇත් හිසක් හා සමාන පර්වත මුදුනෙහි දහසක් භික්ෂූන්ට විසීමට පහසුකම් ඇත්තේද, එහි භාග්යවතුන් වහන්සේ වාසය කරති. එබැවින් ගයායං විහරති ගයාසසෙ යි කියන ලදි.
ජටිල තාපසයෝය. ඔවුන් ජටා දරණ බැවින් ජටිලා යි කියන ලදි. අන්තරට්ඨ කෙ හිමපාතසමයෙ හේමන්ත සෘතුවට ඇතුලත් නවම් (පෙබරවාරි) මස අවසානයෙහි දින සතරක් හා මැදින් (මාර්තු) මස මුල දින හතරක් යන හිම වැටෙන සමයෙහි ගයාවෙහි උම්මුජ්ජන්ති දියෙහි ගිලී මතුවෙති. සමහරෙක් තිත්ථි සම්මත වූ එහි ප්රථමයෙන් සියලු ශරීරයම දියෙහි ගිල්වා දියෙන් මතු වෙති. නැගිටිති. පිහිනති. නිම්මුජ්ජන්ති හිස සහිතව දියෙහි ගිලෙති. උම්මුජ්ජ නිම්මුජ්ජම්පි කරොන්ති නැවත නැවතත් දියෙහි ගිලීම මතුවීම කරති.
‘එක්වරක් පමණක් දියෙහි ගිලීමෙන් පාප ශුද්ධිය (ආත්ම ශුද්ධිය) වේ’යයි දෘෂ්ටි ගත් සමහරු එසේ ගිලීම් කොට යති. ගිලීම මතුවීම අතරෙහි වෙනසක් නැතැයි සමහරු දියෙන් මතුවීමෙන්ම පාපශුද්ධිය මේයයි එක්වරක් පමණක් දියෙන් මතුවී ගිලීමද කර ඉවත්ව යති. සමහරු තීර්ථයෙහි ගිලීමෙන් පමණක්ම පාපශුද්ධිය වේයයි ගිලී හුස්ම ගැනීම හා පිටකිරීම නවත්වා පර්වතයෙන් වැටුනාක් මෙන් ජීවිතක්ෂයට පත්වෙති. [missing trans] බහුම්පි ඔවුන්ගේ බොහෝ බව දැක්වීම පිණිස දියෙහි ගිලීම පළමුකොට කියන ලදි. ජටිලාති බොහෝ බව නිසා කියන ලදි. හිස මුඩුකළ බ්රාහ්මණයෝ ද උදක ශුද්ධිය සඳහා වරින්වර එසේ කරති.
ඕසිඤ්චන්ති ගයා තීර්ථයෙහි ජලය අතින් ගෙන තමන්ගේ හිසෙහි හා ශරීරයෙහි වත්කර ගනිති. සමහරරෙක් කළවලින් වතුර ගෙන ඉවුරෙහි සිට එසේ කරගනිති. අග්ගි ජුහන්ති සමහරෙක් ගයා ගං ඉවුරෙහි මලුව පිළියෙල කොට දර කෙසෙල් ආදිය පූජාවස්තු ගෙනවුත් ගිනිපූජා කොට යාග කරති. විශේෂයෙන් වඩාත් යාග කරති. ගයා ගං ඉවුරෙහි දියෙහි ගිලීම් ආදියෙන්, ගිනි පූජා කිරීමෙන් පව්මල ශුද්ධියත් පව් අවසන් කිරීමෙන් සංසාර ශුද්ධියම වේ යයි මෙසේ දෘෂ්ටි ගත්තෝය.