උත්තරා ථේරීගාථා වර්ණනාව
සත්වන නිපාතයෙහි මුසලානි ගහෙත්වාන යන මෙය උත්තරා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකායර්ය ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස් කරමින් ක්රමයෙන් වඩන ලද කුසල් මුල් ඇතිව එක්තැන් කළ විමුක්ති ධර්මයන්ගෙන් සමන්විතව මේ බුද්ධෝත්පාදයෙහි සැවැත් නුවර එක්තරා කුලගෙයක ඉපිද උත්තරා යන නම් ලබා ක්රමයෙන් දැන ඉගෙනගෙන පටාචාරා තෙරණිය වෙත ගියාය. තෙරණිය ඇයට ධර්මය දේශනා කළාය. ඕතොමෝ ඒ බණ අසා සසරෙහි උපන් සංවේගය ඇත්තී සසුනෙහි පැහැදී මහණ වූවාය. ඕතොමෝ පූර්වකෘත්ය නිමකර පටාචාරා තෙරණිය සමීපයෙහි විදසුන් පිහිටුවා භාවනාවෙහි යෙදෙන්නී උපනිශ්රය සම්පත් ඇති බැවින් ද ඉඳුරන් මුහුකුරා ගොස් තිබුණු හෙයින්ද නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත පිරික්සා බලමින් මෙසේ උදන් ඇනුවාය:
මුසලානි ගහෙත්වාන ධඤ්ඤං කොට්ටෙන්ති මානවා,
පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා
පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා
ඝටෙථ බුද්ධසාසන යං කත්වා නානුතප්පති,
ඛිප්පං පාදානි ධොවිත්වා එකමන්තෙ නිසීදථ
ඛිප්පං පාදානි ධොවිත්වා එකමන්තෙ නිසීදථ
චිත්තං උපට්ඨපෙත්වාන එකග්ගං සුසමාහිතං,
පච්චවෙක්ඛථ සංසාරෙ පරතො නො ව අත්තනො
පච්චවෙක්ඛථ සංසාරෙ පරතො නො ව අත්තනො
තස්සාහං වචනං සුත්වා පටාචාරානුසාසනිං,
පාදෙ පක්ඛාලයිත්වාන එකමන්තෙ උපාවිසිං
පාදෙ පක්ඛාලයිත්වාන එකමන්තෙ උපාවිසිං
රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිමනුස්සරිං,
රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්ඛු විසොධයිං
රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්ඛු විසොධයිං
රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්ඛන්ධං පදාලයිං,
තෙවිජ්ජා අථ වුට්ඨාසිං කතා තෙ අනුසාසනී
තෙවිජ්ජා අථ වුට්ඨාසිං කතා තෙ අනුසාසනී
සක්කං ච දෙවාතිදසා සඞ්ගාමෙ අපරාජිතා,
පුරක්ඛත්වා විහරාමි තෙවිජ්ජම්හි අනාසවා
පුරක්ඛත්වා විහරාමි තෙවිජ්ජම්හි අනාසවා
මිනිස්සු මෝල්ගස් ගෙන ධාන්ය කොටත්. අඹුදරුවන් පෝෂණය කරමින් ඔවුහු ධනය උපයාගනිත්.
යමක් කිරීමෙන් තැවීමකට නොපැමිණේද එවැනි වූ බුදුසසුනෙහි යෙදෙව්. වහාම පා දොවා එකත්පසෙක හිඳගන්න.
සිත මනාකොට පිහිටුවා එකඟ කරගෙන සමව පිහිටුවාගෙන තමාගේ ද මෙරමාගේ ද සංස්කාරයන් පිරික්සා බලන්න.
මම ඇයගේ වචනය අසා පටාචාරාවගේ අනුශාසනාව පිළිපදිමින් දෙපා සෝදාගෙන එකත්පසෙක හුන්නෙමි. රෑ පෙරයම පෙර අත්බැව් සිහිකළෙමි. රෑ මැදයම දිවැස පිරිසිදු කළෙමි.
රෑ අලුයම අඳුරුකඳ බිඳලීමි, ත්රිවිද්යාව ලබාගතිමි, ඔබගේ අනුශාසනාව පිළිපැදීමි.
යුදෙහි පරාජය නොවන ශක්රයා පෙරටුකරගෙන සිටින තිදස් වැසි දෙවිවරු යම්සේද එසේම මමද ආශ්රවයන් නසා ත්රිවිද්යාව ලබා (බුදුන්) පෙරටු කරගෙන වෙසෙමි.
එහි චිත්තං උපට්ඨපෙත්වාන - බවුන් සිත කමටහනෙහි පිහිටුවා, කෙසේද? එක්තැන් කරගෙන, එකඟකර, පච්චවෙක්ඛථ - පිළිවෙළින් බලව, සංස්කාරයන් අනිත්යය, දුඃඛය, අනාත්මය යන ලක්ෂණත්රය බලව යන තේරුමය. මෙයද අවවාද දෙන අවස්ථාවෙහි තමාගේ හා අනෙක් භික්ෂුණීන්ගේ ද අවවාදයෙහි අනුවාද වශයෙන් කියන ලදී. පටාචාරානුසාසනිං - පටාචාරා තෙරණියන්ගේ අවවාදය පිළිපැදීමි. ‘පටාචාරාවගේ සාසනය’ යනුවෙන් පාඨයකි.
අථ වුට්ඨාසිං - ත්රිවිද්යාව ලබාගැනීමෙන් පසුව ආසනයෙන් නැගී සිටියෙමි. මේ ස්ථවිරීතොමෝ ද එක්දවසක් පටාචාරා තෙරණිය වෙතින් කමටහන් ගෙන තමා වෙසෙන තැනට ගොස් පලක් බැඳ දුන්නාය. යම්තාක් මම උපාදානයෙන් තොරව ආශ්රවයන්ගෙන් මගේ සිත නොමිදෙන්නේ ද ඒ තාක් කල් මේ අසුනෙන් නොනැගිටිමි යනුවෙන් නිශ්චයකර භාවනාව වඩා ක්රමයෙන් විදසුන් දැඩිකොටගෙන මගපිළිවෙළින් අභිඥාව හා පිළිසිඹියාවෙන් සමන්විත රහත්බවට පැමිණ එකුත් විස්සක් ප්රත්යවේක්ෂණයන් කොට නිමවා දැන් පෙර කිස නිමකරන ලදැයි හටගත් සොම්නසින් උදාන වශයෙන් මේ ගාථා ප්රකාශකර හිරු උදාවන කල්හි දෙපා දිගු කළාය. එකෙණෙහිම රැය පහන්වනවාත් සමගම තෙරණිය සමීපයට ගොස් මේ ගාථා නැවත ප්රකාශ කළාය. එහෙයින් ‘ඔබගේ අනුශාසනාව ඉටුකළෙමි’ යනුවෙන් කියන ලදී. සෙස්ස යට කියනලද පරිදිමය.
උත්තරා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
චාලා ථේරීගාථා වර්ණනාව
ඝතිං උපට්ඨපෙත්වාන ආදී ගාථා චාලා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර මේ බුදුපතෙහි මගධයෙහි නාළක ගමෙහි රූපසාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඇයට නම් තබන දවසෙහි මවුපියෝ චාලා යන නම තැබූහ. ඇයගේ කනිටු සොහොයුරිය උපචාලා නම් විය. ඇයගේ කනිටුතර සොහොයුරිය සිසුපචාලා නම් විය. මේ තිදෙනාම ධම්මසේනාපති තෙරණුවන්ගේ බාල සොහොයුරියෝය. මොවුන් තිදෙනාගේ පුතුන්ගේ නම්ද එවැනිම විය, එනම් ථෙරගාථාවෙහි එන චාල, උපචාල හා සිසුපචාල යනුවෙනි.
මේ සොහොයුරියෝ තිදෙන ධම්මසේනාපති යයි අසා එය ලාමක ධර්මවිනයක් නොවිය හැකිය, එය ඕළාරික පැවිද්දක් නොවිය හැකිය, අපේ සොහොයුරු එහි පැවිදි වුයේ එහෙයිනි යනුවෙන් උත්සාහයක් හා දැඩි කැමැත්තක් ඇතිවී කඳුළු වගුරවමින් හඬන පිරිවර ජනයා අතහැර ගොස් පැවිදි වූහ. පැවිදි වී දැඩි අවධානයකින් වෑයම්කරන්නාහු නොබෝ කලෙකින්ම රහත්වූහ. රහත්වී නිවන්සුවයෙන් හා පලසුවයෙන් දවස් යවන්නාහු,