මුත්තා ථේරීගාථා වර්ණනාව
සුමුත්තා සාධු මුත්තම්හි යනුවෙන් ඇරඹෙන ගාථාව මුත්තා තෙරණියගේය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල දී කරනලද අධිකාර ඇත්තී හවයක් පාසා කුසල් රැස්කර මේ බුදු උපතෙහි කොසොල් දනව්වෙහි ඕඝාතක නම් වූ දිළිඳු බමුණකුගේ දියණිය වී උපන්නාය. ඇය සුදුසු වයසට පැමිණි කල දෙමවුපියෝ ඇය කුදු බමුණෙකුට විවාහ කර දුන්හ. ඕතොමෝ ඔහු සමග ගිහිගෙයි විසීම නොකැමැත්තී බමුණාගේ අනුදැනුම ලබාගෙන පැවිදිව විදසුන් වඩයි. එහෙත් ඇයගේ සිත බාහිර අරමුණු කෙරෙහි දුවයි. ඕ එය නිගන්නී, සුමුත්තා සාධු මුත්තම්හි යන ගාථාව කියත්ම විදසුන උත්සුක කරවා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
සියලු ධර්මයන් මැනවින් දත්තා වූ පදුමුත්තර බුදුන්වහන්සේ සත්ව වර්ගයාට අනුග්‍රහ කරන්නාහු පිඬු පිණිස නගරයට පිවිසියහ.
එහි වැඩම කරන්නා වූ උන්වහන්සේ දුටු නගරවාසීහු බෙහෙවින් පැහැදී මග වැලි අතුරා සැරසූහ.
වීථිය හැමද කෙසෙල් ගස් පුන්කුඹු හා ධජපතාක ඔසොවා සුවඳදුම් සුවඳසුණු හා සුවඳ මලින් බුදුන් පුදා,
මඩුවක් පිළියෙල කර බුදුන්ට ඇරයුම්කර මහාදානයක් දී සම්බෝධිය ප්‍රාර්ථනා කළෙමි.
සියලු සතුන් එතෙර කරවන්නා වූ බුදුන්වහන්සේ අනුමෙවෙනි බණ වදාරා මේ විවරණය කළ සේක:
සියක්දහසක් කල්ප ඉකුත් වූ විට භද්‍ර කල්පය එළැඹෙන්නේය. ඒ අතරතුර භවයක් පාසා සැප විඳ බෝධියට (අවබෝධයට) පැමිණෙන්නීය.
අත්කම් කළාවූ යම් නරනාරීහු වෙත්ද ඒ සියල්ලෝම අනාගතයෙහි හමුවන්නාහුය.
මනාකොට කරනලද ඒ පින්කමෙන් ද සිත පිහිටුවා ගැනීමෙන් ද දෙව්ලොව උපන්නා වූ ඔබට ඒ අය පිරිවර වන්නාහුය.
බොහෝ කලක් භවයන්හි සැරිසරමින් අසඞ්ඛ්‍ය ගණන් දිවසුවඳ අසඞ්ඛ්‍ය ගණන් මිනිස් සුවඳ අනුභව කෙරේ.
මෙතැන් සිට සියදහසක් කල්පයන් පුරා මිනිසත්බැව්හිද දෙවත්බැව්හිද රූපය, සැපසම්පත්ය, යශසය, ආයුෂය කීර්තිය හා පුවපහසුව නිතරම ලබම්වා
අවසාන කාලය පැමිණිවිට බමුණු කුලයක උපන්නා වූ මම සියුමැලි අත්පා ඇත්තී මනහර නිවෙසක,
මුලුකාලය පුරාම නොසැරසූ බිම නොදකිම්වා, කිසිකලෙකත් විකල වූ භූමිය හෝ අපවිත්‍ර දෑ නොදකිම්වා.
[missing trans]
ඕතොමෝ රහත්බවට පැමිණ උදම් අනන්නී:
සුමුත්තා සාධු මුත්තම්හි තීහි ඛුජ්ජෙහි මුත්තියා,
උදුක්ඛලෙන මුසලෙන පතිනා ඛුජ්ජකෙන ච,
මුත්තම්හි ජාතිමරණා භවනෙත්ති සමූහතා.
උදුක්ඛලෙන මුසලෙන පතිනා ඛුජ්ජකෙන ච,
මුත්තම්හි ජාතිමරණා භවනෙත්ති සමූහතා.
මුත්තා, මැනැවින් මිදුණේ වෙමි. තුන්කුදෙන් මිදුණේ වෙමි. වංගෙඩියෙන් මොහොලින් හා කුදුසැමියාගෙන් මිදුණෙම් ඉපදීම හා මරණයෙන් ද මිදුණෙමි.
යන මේ ගාථාව ප්‍රකාශ කළාය.
එහි සුමුත්තා- මැනැවින් මිදුණේ වෙමි. සාධු මුත්තම්හි- යහපත් ලෙස මිදුණෙමි. ‘මැනවින් මිදුණේ කුමකින්දැ’යි පැහැදිලි කළාය. තීහි ඛුජ්ජෙහි මුත්තියා- කුදු තුනකින් මිදුණු බවය යනු මෙහි තේරුමය. ඉක්බිති ඒවා නම් වශයෙන් හඳුන්වන්නී, උදුක්ඛලෙන මුසලෙන පතිනා ඛුජ්ජකෙනච - වංගෙඩියට ධාන්‍ය දමනවිට නිතර නිතර දැමීමට සිදුවීමද, මෝල් ගසෙන් කොටනවිට පිට නැමීමට සිදුවීමද නොවැළැක්විය හැකි බැවින් ඒ දෙක කෙනෙකු කුදු කරවීමට හේතුවෙයි. ඇයගේ සැමියා කුදු පුද්ගලයෙකි. දැන් ඇයගේ විමුක්තියට නිදසුන් විසින් මේ තුන්කුදෙන් මිදුණු බව ප්‍රකාශ කළාය. එයම දක්වන්නී, මුත්තම්හි ජාතිමරණ යනුවෙන් පවසා එයට හේතුව කීවාය. භවනෙත්ති සමූහතා- උත්පත්තිකාරකයන් විනාශ කළෙමි. ‘මම හුදෙක් තුන්කුදෙන් මතු නොව, ජාතිජරාමරණාදියෙන් ද මිදුණෙමි’ යන අර්ථයයි. සසරෙහි ඉපදීම ඇතිකරවන කාරකයන්ගෙන් තෘෂ්ණාව මුල්තැන ගනීද එයද නැති කළෙමි.