භද්දිය ස්ථවිරගාථා වර්ණනාව
‘යාතං මෙ හත්ථිගීවාය’ ආදිය ආයුෂ්මත් භද්දිය තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුවරුන් ලඟ පතන ලද ප්රාර්ථනා ඇත්තේ පදුමුත්තරස්ස පදුමුත්තර බුදුන් කාලයෙහි මහා සැපසම්පත් ඇති ගෙදරක ඉපිද උගත්බවට පත්වූයේ එක්දිනක් බුදුන් ලග බණ අසන්නේ භාග්යවතුන් වහන්සේ එක් භික්ෂුවක් උසස්කුල ඇත්තවුන් අතර අගතැන්හි තබනු දැක තමා ද ඒ තනතුර ප්රාර්ථනාකොට දවස් හතක් බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් දී ප්රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේද මොහුගේ පැතුම පසුකලක ඉටුවන බව දැක විවරණ දුන් සේක. ඔහුද ඒ විවරණය අසා උසස් කුලයක් ලැබීමට හේතුවන කර්මයන් විචරා බණ ඇසීමට ධර්ම මණ්ඩපයක්ද කරවා ආසන දානය දී විජිනිපත් දී ධර්මදේශකයන් වහන්සේලාට සත්කාර කිරිම, උපෝසථාගාර සූදානම් කරදීම ආදී බොහෝ පින්කම් දිවි ඇතිතෙක් කොට එයින් චුතව දෙවිමිනිසුන් අතර හැසිරෙන්නේ කස්සපස්ස කාශ්යප බුදුන්ගේ කාලයට පසුව අපේ බුදුරජාණන් වහන්සේගේ පහළවීමට පෙරාතුව බාරණසියං බරණැස් නුවර කෙළෙඹි ගෙදරක උපන්නේ, බොහෝ පසේ බුදුවරයන් වහන්සේලා පිඬු පිණිස වැඩ එකම තැනකට වී දානය බෙදාගන්නවා දැක ඒ ස්ථානයෙහි ගල්, ලෑලි ආදිය අතුරා පාදෙවීම් ආදිය කොට මුළු ජීවිත කාලයම උපස්ථාන කරයි.
ඔහු එක් බුද්ධාන්තරයක් දෙවි මිනිසුන් අතර ඉපිද මේ බුදුන්ගේ කාලයෙහි කපිල වත්ථු නගරෙ කපිලවස්තු පුරයෙහි ශාක්ය රාජකුලයෙහි උපන්නේය. භද්දියො යැයි ඔහුට නම් ලැබිණ. ඔහු වැඩිවියට පත්වූයේ අනුරුද්ධාදීහි අනුරුද්ධ ආදී වූ ක්ෂත්රියයන් පස්දෙනෙක් සමග, භාග්යවතුන් වහන්සේ අනුපියම්බවනෙ අනුපිය අඹ වනයෙහි වැඩවසන කල්හි බුදුන් සමීපයෙහි පැවිදිව රහත්බවට පත්විය. භාග්යවතුන් වහන්සේ පසු කලෙක දෙව්රජ වෙහෙර මහා සංඝයා මැද වැඩසිටිමින් උසස් කුලවන්ත භික්ෂූන් අතර ඔහුව අගතැන්හි තැබීය. ඔහු මාර්ගඵල සුවයෙනුත් නිවන් සුවයෙනුත් කල්ගෙවා අරණ්යයට ගියේ හෝ රුක්ඛමූලයකට ගියේ හෝ ශුන්යාගාරයකට ගියේ හෝ ‘අනේ සැපයි. අනේ සැපයි’ කියමින් නිතර උදන් ඇනීය. ඒ අසා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැලකළහ. ආයුෂ්මත් භද්දිය කාළිගොධාය භද්දිය කාළිගොධාවගේ පුත්රයා නිතර නිතර අනේ සැපයි අනේ සැපයි කියයි. බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නොවේ යැයි දැන්වූහ. ශාස්තෲන් වහන්සේ ඔහු කැඳවා භද්දිය! ඔබ නිතරම අනේ සැපය අනේ සැපයි යන්න කියන්නෙහිද? එය ඇත්තද? ස්වාමීනි! එසේය කියා පිළිතුරු දී ස්වාමීනි! පෙර රජකරන්නා වූ මට මනාලෙස ආරක්ෂාව යොදා තිබිණ. නමුත් බයෙන්, තැතිගැන්මෙන් සැකයෙන් ජීවත්වූයෙමි. දැන් වනාහි පැවිදි වූයේ බිය නැතිව. සිතේ චංචලබවක් නැතිව සැකයෙන් තොරව ජීවත්වෙමියි කියා (මේ ගාථාවන් ප්රකාශ කළේය.)
ඇතා පිට යන්නා වූ මම ඉතා සියුම් වස්ත්ර හැන්දෙමි. රසවත් මස් ව්යඤ්ජන සහිත ඇල්හාල් බත් අනුභව කළෙමි.
ඒ මම අද ඉතා හොඳින් ජීවත්වන්නේ පාත්රයට ලැබුණු දෙයින් සතුටු වීමෙහි නිරතවෙමි. කාලගෝධාභද්දියගේ පුතා උපාදානයන් රැස් නොකරන්නේ ධ්යාන වඩයි.
නිරන්තරයෙන් පංසුකූලිකව පාත්රයට ලැබුණු දෙයින් යැපෙන ගෝධා භද්දියගේ පුත්රයා උපාදානයන් රැස්නොකර ධ්යාන වඩයි.
නිරන්තරයෙන් පිණ්ඩපාතිකයි. තේචීවරිකයි. ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩින (සපදානචාරී) ය. ඒකාසනීයයි.
නිරන්තරයෙන් එක්පාත්රයකින් පමණක් වළඳමි. නිරන්තරයෙන් වෙලාවෙන් පසුව පිළිගන්වන ආහාර ප්රතික්ෂෙප කරමි.
(ඛළුපච්ඡාභත්තිකො) නිරන්තරයෙන් ආරඤ්ඤික වෙමි. නිරන්තරයෙන් රුක්ඛමූලික වෙමි.
නිරන්තරයෙන් එළිමහනෙහි වසමි. නිරන්තරයෙන් සුසානයෙහි වසමි. වැරහැලි මත සයමි. නේසජ්ජික වෙමි. (වාඩිවී සිටීමේ ඉරියව්ව සැමවිට)
නිරන්තර අල්පේච්ඡ වෙමි. සතුටු වෙමි. නිරන්තර විවේකයෙන් සිටිමි. නොගැටෙමි. පටන්ගන්නා ලද වීර්ය ඇත්තෙමි.
පලන් සියයක් හා රාජික සියයක් බර ස්වර්ණමය පාත්රය අත්හැර දමා මැටිපාත්රය ගත්තෙමි. මේ දෙවන අභිෂේකයයි.
උස් වූ පවුරු වළල්ලෙහි දැඩි අටලුවල කඩුගන්නා ලද අත් ඇතියවුන් විසින් ආරක්ෂා කරන ලදුව තැතිගැන්මෙන් යුතුව වාසය කළෙමි.
ඒ මම අද යහපත් වූයේ නැති නොගන්නේ පහවූ භයභේරව ඇත්තේ ගෝධාවගේ පුත්ර භද්දිය තෙම වනයට වැද ධ්යාන වඩයි.
සීලක්ඛන්ධයෙහි පිහිටා සතිය හා ප්රඥාව වඩන්නේ අනුපිළිවෙලින් සියළු සංයෝජනයක් නැති කළෙමි.